25

50 19 0
                                    

සති කිහිපයකට පසු,

"මොනාලි අක්කෙ, මොනාලි අක්කේ....."

"ඇයි චූටි?"

"පොලීසියෙන් ඇවිල්ලා"

"ඇයි ඒ?"

"මිස් රිතිකා රණතුංග ඉන්නෙ මෙහෙද?"

"ඔව් කියන්න"

"මිස් මේ ළමයව මෙහෙ තියාල, මිස්ට අපි එක්ක එන්න වෙනවා"

"ඒත් ඇයි ඉන්ස්පෙක්ටර්"

"මේ ගමන ළමයෙක් එක්කන් යන්න පුළුවන් එකක් නෙවෙ"

ඒත් සමඟම මොනාලිගෙ දුරකථනය නාද විය.

"හෙලෝ?"

"මොනාලි, මම පුංචි කතා කරන්නෙ"

"අහ්හ් කියන්න පුංචි"

"පොලීසියෙන් ආවනෙ, රිතිකාව හොයාගෙන"

"අහ් ඒක තමා මේ දැන් මෙහෙට ආවා"

"මම කිව්වා උබට මොනාලි, ඔය පිස්සු කෙල්ලව තියාගන්නෙපා කියලා ගෙදර"

"හරි හරි ඉන්න පොඩ්ඩක්"

"පොඩි එකා ඉන්නව නේද?"

"ඔව් ඔව් පුංචි ප්‍රශ්නයක් නැ"

"හරි ඒනම් "

දුරකථනය විසන්ඳි විය.

"ආ මිස්ටර්, අපෙ පුංචිලාගෙ ගෙදරත් ගියාද?

"අහ් ඔව්, ඔයාලගෙ මහ ගෙවල් වලට ගියේ. එත්කොට මග හිටපු කෙනෙක් කිව්වා ඒ ගෙදර වහලා. එයාලගෙ ඥාති පල්ලෙහා ගෙදරක ඉන්නව කියලා"

"අහ් හරි සර්... මට හේතුව...."

"පොඩ්ඩක් ඉන්න මොනාලි, අර ලේඩි ඔෆිසර්ට එන්න කියන්න"

මොනාලි දෑස් අයාගෙන සිදුවන දේ තේරුම් ගැනීමට නොහැකිව බලා සිටියා ය.

"මිස් අපිට කෝල් එකක් ආවා, ඒකට අනුව අපිට රිතිකාගෙ නිවස පරික්ෂා කරන්න වෙනවා. මේක තමයි වරෙන්තුව. ගෙදර ගෑනු අයම ඉන්න නිසා ලේඩි ඔෆිසර්ස් ලා චෙක් කරයි"
කාන්තා නිළධාරිනිය පැවසීය.

Suicide in the Silence - නිහඬ මරණයWhere stories live. Discover now