33

1.7K 309 160
                                    

මේ ඊළඟ දවස වගේම ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නා උදේම ව්ශ්වවිද්‍යාලයට පිටත් වුනා.

"කෙල්ලෙ ඇයි අපි එහෙ යන්නෙ?" ටේහ්‍යුන් ඇහුවේ විශ්වවිද්‍යාලයට යන ගමන්.

"ප්‍රොෆෙසර්ව හම්බ වෙන්න ඕනෙ." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් නැවතුනා.

"එයා ඔහේ නෑ." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් ව්‍යාකූලව නැවතිලා ටේහ්‍යුන් දිහා බැලුවා.

"හහ්?"

"එදා ඔයාව බේරගන්න ගිහින් ප්‍රොපෙස මාක් එක්ක ගොඩක් ගහගත්තා. එයාට තුවාල උනා ගොඩක්. හොස්පිට්ල් ඉඳලා එයා දැන් ගෙදර ඉන්නෙ." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරගත්‍තා.

"ඔ-ඔහ්."

ජන්ග්කුක්ට ඒක ටිකක් පුදුමයක් ගෙනාවා. ප්‍රොෆෙසර් එයාගෙ ජීවිතේ බේරගෙන.

"අප්පාට ඊයෙ අමතක වෙන්න ඇති මට කියන්න. ඔයාටත් තිබ්බා මට ඒක ඊයෙම කියන්න ටේටේ." ජන්ග්කුක් කිව්වේ මොන ප්‍රශ්නෙ තිබුනත් එයාගෙ ජීවිතේ බේරගන්න උදව් කරපු කෙනාව බලන්න යන්න බැරි වුන නිසා.

ඉතින් එයාලා දෙන්නා ආයිත් හැරිලා ගියේ ප්‍රොෆෙසර්ගෙ ගෙදරට.

"ඔ-ඔයාට කොහොමද?" ජන්ග්කුක් බිම බලාගෙන ඇහුවේ ඇඳේ වැතිරිලා ඉන්න ප්‍රොෆෙසර්ගෙන්.

ප්‍රොෆෙසර්ගෙ මූනෙත් අත් වලත් තැනින් තැන තිබුනු තුවාල වලට බෙහෙත් කරලා තිබුනා.

"මං හොඳින් පුතා." මදහසක් සහිතව කිව්ව ප්‍රොෆෙසර් නැගිටින්න උත්සාහ කරද්දි ජන්ග්කුක් ඉක්මනින් එයාට උදව් කලා.

"T-thank you ටේටේට උදව් කලාට.. මාව බේරගන්න." ජන්ග්කුක් කිව්වේ ප්‍රොෆෙසර් ඇඳෙන් වාඩි වුනාම.

ප්‍රොෆෙසර් ටිකක් වෙලා කලේ ජන්ග්කුක් දිහා බලන් හිටපු එක.

"පුතා මං දන්නවා ඔයාට තිබ්බා එතනින් ලේසියෙන්ම පැනලා එන්න. ඔයාගෙ පවර් එකට මාක්‍ට කරන්න පුලුවන් දෙයක් නෑ. ඇයි ඔයා එහෙම කලේ හ්ම්ම්? ඔයාගෙම ජීවිතේ එපා වෙන තරමට උන්ට පරීක්ෂණයක් වෙන්න තීරණය කලේ ඇයි?" ප්‍රොෆෙසර් ඇහුවේ ජන්ග්කුක්ගේ බිමට නැඹුරු වෙලා තිබුනු මූන දිහා බලන්.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now