ඒ එක්තරා සිකුරාදා හවසක්. මුළු නගරයෙම තිබුණේ මහ අප්‍රසන්න ඝෝෂාකාරීබවක්. පිටේ එල්ලගෙන ඉඳපු බෑග් එකේ පටි දෙක අත් දෙකෙන් තද කරලා අල්ලගත්තු මම සුදු ඉර ළඟ හිටගෙන ඉදියේ පාර පනින්න වෙලාව එනකන්..
තත්පරෙන් තත්පරේ ගෙවිලා ගිහින් රතුපාට සලකුණ කොළ පාට වුණු හැටියෙම පොදිය පිටින්ම මිනිස්සු හැමෝම සුදු ඉර හරහා ඒ පැත්තට මේ පැත්තට හුවමාරු වෙද්දි මාත් ඔහේ ඒ එක්කම ඇදිලා ගියා..
"හැටේවත්තට යන්න පුළුවන්ද.."
පාර පැනපු ගමන්ම වගේ තිබුණු ත්‍රීවිල් පාක් එකේ මුලින්ම හම්බුණු වීල් එකේ අන්කල්ගෙන් මන් ඇහුවේ ඉක්මනට මගේ ගමනාන්තයට යාගන්න තිබුණු උවමනාව හින්දා...
"නගින්න.."
මාත් වීල් එකට නැගලා බෑග් එකත් ගලවලා පැත්තකින් තියලා තරමක් සුවපහසු විදියට වාඩිවුණා..
වීල් එක ගොර ගොර සද්දෙකුත් එක්ක වාහන අතරින් ඉස්සරහට ඇදෙද්දි හැටේවත්තට බස් හෝල්ට් දෙක තුනක් ඉස්සරහින් වගේ තියෙද්දි වයසක මනුස්සයෙක් වීල් එකට අත දැම්මා.. ඒත් වීල් එක එලවපු අන්කල්ට ඒ ගැන නිනව්වක් උනේ නෑ.. සාමාන්‍ය විදියටම පාරේ ඉඳපු මනුස්සයව දැක්කා නොදැක්කා ගානට ඔහේ ගහගෙන ගියා..
"පව් වයසක මනුස්සයෙක්.."
"හොඳ පව ඕකුන් කුඩ්ඩෝ.."
එච්චරයි.. එතනින් එහාට මන් වීල් එකේ අන්කල් එක්ක එකට එක කියන්න ගියේ නෑ.. ඒ මගේ ඇඟේ තිබ්බ මහන්සිය හින්දද.. හිතේ තිබුණු මලානික ගතිය හින්දද කියන්න මන් දන්නේ නෑ..
වීල් එක ඉස්සරහට යද්දි මන් පිටිපස්ස හැරිලා ඒ වයසක මනුස්සයා වීල් එකෙන් ඈතට ඇදෙන හැටි දිහා බලන් ඉදියා..
කුඩ්ඩෙක්..
ඒ වගේ වයසක.. මනුස්සයෙක්... අනේ මන්දා..
මන් මගේ හිත එක්කම මොහොතකට කුළුපග වුණේ වීල් එකේ අන්කල් කියපු කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා කල්පනා කරන ගමන්..
සමහර විට වෙන්න පුළුවන්.. ජීවිතේ එපා වෙලා වෙන්නැති..
"නෝනා හැටේවත්තට ආවා.."
YOU ARE READING
අ(මතක) || 𝐎𝐛𝐥𝐢𝐭𝐮𝐬 |𝒸ₒₘₚₗₑₜₑ𝒹
Short Storyවාරයේ හමුවී අවාරයේද රැකගත හැකි බැඳීම් පවතින්නේ අල්පමාත්රිකවය..!! රාක්ශ ඇස්.. ඒ බය හිතෙන ඇස්වලින් මන් දැක්කෙම අමනුස්සයෙක්ව.. තිරිසනෙක්ව.. රැළිවැටුණු ගිලාබැහැපු වේළුණු ඇස් හැබැයි ඒ ඇස් අස්සේ ඉඳියේ තවත් එක අව්‍යාජ මනුස්ස ආත්මයක් කියන එක තේරුම්ගන්න මට...