09

48 11 1
                                    

"මේ සුවඳ මාව පිස්සෙක් කරනව මැණික.."

ළඟ තිබුන හිස් රූම් එකකට යුන්ව ඇදගෙන ගිය ටේහ්‍යුන් කිව්වෙ වැහුන දොරට යුන්ව හිර කරල.

"මො..මොකක්ද කරන්නෙ ටේහ්‍යුන්. අයින් වෙන්න මට යන්න ඕනෙ.."

යුන් කිව්වෙ ටේහ්‍යුන්ගෙ උරහිස්වලින් අල්ලල ඈත් කරන්න හදන ගමන්. ඒත් ටේහ්‍යුන් යුන්ගෙ බඳ වටේ දෑතක් යවමින් ළං කරගත්තෙ යුන්ගෙ මූණ ටේහ්‍යුන්ගෙ පපුවෙ වදිද්දි.

ටේහ්‍යුන්ගෙ දෑතක් යුන්ගෙ නිකටින් අල්ලල ඒ දෑස් දිහා බලද්දි යුන්ට මෙතෙක් කාලෙකට නොදැනුන අමුතු හැඟීමක් දැනුනා. ටේහ්‍යුන්ගෙ ඇස් මොන මොනාදෝ මුමුණනව කියලයි යුන්ට හිතුනෙ.

යුන්ගෙ හදවත මොහොතෙන් මොහොත වේගයෙන් ගැහෙන්න ගත්තෙ ඒ හැඟීමත් එක්කමයි.

ටේහ්‍යුන් ගෙල ඇල කරල් හිමින් යුන්ගෙ දෙතොල දිහාත් දෑස් දිහාත් බලමින් ළං වුනේ කෙල්ල කොල්ලගෙ දෑස් දිහාම සිහියක් නැතුව බලන් ඉද්දි.

කොල්ල යුන්ගෙ කුළුඳුල් හාදුව සොරකම් කරමින් කෙල්ලගෙ රෝස දෙතොල් තමන් සතු කරගත්තෙ පරිස්සමට. ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න යුන්ට ඕනෙ වුනත් එහෙම්මම හිටියෙ ඒ හැඟීමට ලෝබ වෙලා.

යුන් තමන්ගෙ දෙතොලත අතර එහා මෙහා වෙන ටේහ්‍යුන්ගෙ දෙතොල් එක්කම එක් වුනේ ඔහුගෙ හිස්කෙස් අතරින් දෑත් යවමින්.

මිනිත්තු කිහිපයකට පස්සෙ යුන්ගෙ දෙතොල් වලින් ඈත් වුන ටේහ්‍යුන් යුන්ගෙ කම්මුලක් මත පුංචි සිපුමක් තිබ්බ.

යුන්ගෙ දෑස් ටේහ්‍යුන්ගෙ දෑස් වල පැටලිලා තියෙද්දිම කොල්ල යුන්ගෙ තුවාලය මත දෙතොල් තියල ගලාගෙන යන රතු රුධිරයේ රස බැලුව.

මෙතෙක් වෙලා හිටිය අහිංසක ටේහ්‍යුන් නැති වෙලා රතු දෑස් , උල් දත් තියෙන කෙනෙක් බවට පත් වෙන ඔහු දිහා යුන් බලන් හිටියෙ කිසිම කලබලයක් නැතුව.

තමන්ව පාලනය කරගන්න බැරිම තැන ටේහ්‍යුන් යුන්ගෙ අත තමන්ගෙ දත් වලින් පසාරු කරල තවත් ලේ උරාගන්න පටන් ගද්දි යුන්ට වේදනාවට මුවින් කෙඳිරියක් පිට වුනා.

Blood Sucker 🩸🧛🦇 (Sinhala)Where stories live. Discover now