22... තකට තක.... 🐾️

1.4K 341 251
                                    

🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️.....

සිනාසෙමින් එලෙසින් කියූ ශාන් ඇමතුම සම්බන්ධ කර ගන්නේ ඇයි හිසින් කීවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිනාසෙමින් එලෙසින් කියූ ශාන් ඇමතුම සම්බන්ධ කර ගන්නේ ඇයි හිසින් කීවේය....

", හෙලෝ ගගා.........."

" ඩිඩී..........හියුන් අල්ලගත්තා ................

**

යීබෝට වාඩිවී සිටි තැනිනුත් නැඟිටුනේය...අනෙක් පසින් තම සොයුරා පැවසූ දේ ඇසුනේ නැති නිසාත් යීබෝ කලබල වූ නිසාත් සිදුවන්නේ කුමක්දැයි හිතා ගන්නට නොහැකිව ශානුත් හුනස්නෙන් නැගිට්ටේය..

" ඌ කෝ ගගා...."

යීබෝ කෝපයෙන් එලෙසින් අසද්දී සිදුවී ඇත්තේ කුමක්දැයි ශාන් අවබෝධ කර ගත්තේය...

" දැන් තමයි ඉන්න තැනින් කුදලගෙන එන්න පටන් ගත්තෙ....මේක අපි නීතියට පිටින් කරන හින්දා ඌව ගේන්නේ කොහෙටද කියලා මේ කල්පනා කරන්නේ..."

කුවාන් කල්පනා කාරී හඩකින් කියද්දී ඒ කතාව shan හටත් ඇහුනේ ඒ වනවිටත් ඔහු දුරකතනය අතට රැගෙන ලවුඩ්ස්පීකර් ඔන් කර තිබුනු නිසාවෙනි...

" මෙහෙට ගේමු ගගා....බිල්ඩින් එක පිටිපස්සේ ස්ටෝරූම් එකක් තියෙනවා........"

යීබෝ ශාන්ගේ මුහුණ දෙස බලාගෙන එළෙසින් පැවසුවේ ඔහුගේ ප්‍රතිචාර මොනවා දැයි දැන ගැනීමටයි.... ඔහුත් ඇස්වලින් හා යැයි කීවේය ...

" බෑ බෑ.......ඒක අවදානම්...ඌ දන්නේ නැති තැනකට ගෙනියන්න ඕනේ....ඌව මෙහාට ගේන්න තව පැය හතරක් යනවා.....හැම පැත්තෙන්ම safety ය තියන තැනක් මම බලලා ඔයාට කියන්නම්..."

කුවාන් ටික වේලාවක් නිහඬව හිඳ එළෙසින් කියද්දී යීබෝ එය අනුමත කලේය ... ආරක්ෂක සේවයේ නිරතවන කුවාන් තමන්ට වඩා දේවල් දන්නා නිසා මෙම ගැටළුවේ දී ඔහුට මුල්තැන දෙන්නට යීබෝ තීරණය කලේය ....

🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️  yizhan / zhanyi  ff ( Complete ✔ Where stories live. Discover now