04

7 3 3
                                    

Happy Ending

@Hospital

"ඩොක්ටර් මට තව කොච්චර කාලයක් තියෙනවද?"

"__________"

"Please ඩොක්ටර් මට එ්ක දැනගන්න ඕනෙ... මම දැනටමත් එ්කට ලෑස්ති වෙලා ඉන්නෙ... එ්ක නිසාවත් කියන්න.."

"මෙහෙමයි මට එ්ක හරියටම කියන්න අමාරුයි.එ්ත්...."

"එ්ත් වැඩි කාලයක් නෑ නේද ඩොක්ටර්..."

"ඔයා මේ තත්ත්වෙන් මේ තරම් කාලයක් හිටපු එකත් පුදුමයක්... ඒත් එකදෙයක් මතක තියාගන්න ඔයා ඔයාගෙ අැගෙන් ලේ පිටවෙන විදිහෙ අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන... මොකද එහෙම දෙයක් වුනොත් තත්ත්වෙ භයානක වේවි... ඒ වගේම ඔයා මානසිකව ගොඩක් ශක්තිමත් වෙන්න ඕන.. තේරුනාද..?"

"හ්ම්... තේරුනා... Thank u ඩොක්ටර්"

________________________________


"හලෝ ජියා මේ පොඩි ගමනක් තියනවා එනවකෝ යන්න... පොඩි පාර්ටි එකක් මගේ යාලුවෙක්ගෙ.. අා තව ඔයාට introduce කරන්න අලුත් යාලුවෙක්කුත් ඉන්නවා... එනවනෙ එහෙනම්...."

" එ්ත් මින්හෝ ඔයා දන්නවනෙ මං වැඩිය..."

"අහ් හරි එහෙනම් 6.30 වෙද්දි ඔයාව ගන්න එනවා ready වෙලා ඉන්න කෙල්ලෙ බායි..."

"එ්ත්...
මින්හෝ.....
හෙලෝ....."

අාෂ්.. හැමදාම වගේ තිබ්බා නේද මෝඩයා...

@Party

"එ්යි මෙතන කට්ටිය ගොඩයි අනේ... දන්නවනෙ මං මෙහෙම තැන්වලට අාස නෑ කියලා..."

"_____"

"මොකද"

"ඤැහ්"

"හරි හරි මේ කවුද අර ඔයා මට Introduce කරලා දෙනෝ කිව්ව කෙනා... මොන වගේ කෙනෙක්ද අනේ..."

"ටිකක් ඉන්නකෝ අයියෝ... තාම අාවා විතරනෙ.. මං වෙලාවට එයාට Meet කරවන්නම්...අපි යමු එකතකන් Dance කරන්න...."

"මොකක්... ඒ...යි...."


Jiya's prov

මෙතන මං හිතුවට වඩා ලස්සන තැන්ක් මින්හොගෙ යාලුවෙක්ගෙ පාර්ටි එකක් එයාට ය්නන කවුරුත් නැ කියලා මාවත් අැදන් අාවා... මට වැඩිය යාලුවෝ නෑ කොලෙජ් එ්කෙ ඉන්න එකම යාලුවා ඉතින් මින්හො තමා...

කොල්ලෙක් වුනත් මගේ ඕනම දේකට ඉන්නෙ එයා.. සමහර වෙලාවට එයා එයාටත් වඩා මාව පරිස්සම් කරනවා... ගෙදරින් වෙන් වුනාට පස්සෙ මට ඕන හැම අාරක්ෂාවක්ම ලැබුනෙ එයාගෙන්... එයා මට යාලුවෙක් කියනවට වඩා මගේම සහෝදරයෙක්... ම්ම් එ්වා වැඩක් නැනෙ.. මෙහෙමයි මං වැඩිය Social නෑ... ඉතිම් සෙනඟ ගොඩක් ඉන්න තැන්වල ඉන්න මට හරි අපහසුයි... කොහෙද මේ මනුස්සයට තේරෙන්නැනෙ...

"අා............ව්"

"ඔහ් සොරි සොරි අනේ ඔයාට මුකුත් ප්‍රශ්නයක් නෑ නේද..? කොහේ හරි තුවාල වුනාද..? කොහෙ හරි රිදෙනවද..? කතා කරන්නකෝ ප්ලීස් අනේ එන්න කෝ නැගිටින්න.."

මදැයි හතරවටේ තියන ඔක්කොම කල්පනා කර කර නටන්න ගිහින් හැප්පුනා නේද... අාව් මගේ  පශ්චාත් කොටස හොදින්ද දන්නැ... කවුද දෙයියනේ මේ... කෝ මේ මින්හෝ අනේ එන්නකෝ මං මේ කෙනාව දන්නෙත් නැ... දැන්නම් අැඩෙන්නත් වගෙ...

"කෝ එන්න නැගිටින්න"

එ් ගැනු ළමයා මාව හෙමීට නැගිට්ටුවා... මමයි වැරද්ද කලේ එ්ත් එ් ළමයා මට ඉවරයක් නැතුව සොරි කියනවානෙ.බයටම මගෙ අැහෙන් කදුලු බිංදු දෙක තුනක් බිමට වැටුනා එ් ළමයා එ්කට ඊටවඩා බය වුනාද කොහේද... එ් මගේ හැටි මට චුට්ටක් විතර හිත ගැස්සුනත් අැඩෙනවා...

"ජියා ඔයාට අවුලක් නැ නේද... කෝ බලන්න... අනේ සොරි බබෝ මට ඉන්න බැර වුනානේ.."

කොහේදෝ ඉදන් දුවන් අාව මින්හෝ මාව හතර පැත්තට හරව හරව බලන්න ගත්තා දැන්ද මාව මතක් වුනේ මෝඩයා... බෑ කියද්දි මෙතන නටන්න එක්කන් අැවිත්...

"I'm really sorry මං නිසයි එයාට එහෙම වුනේ..."

මින්හොට පිටිපස්සෙන් හිටපු අර ලමයා කිව්වම මින්හෝ හැරිලා බැලුවා...

"කී..."

-Happy Ending

__________________________________________________


04/08/2023

You've reached the end of published parts.

⏰ Last updated: Aug 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Happy Ending Where stories live. Discover now