Angry Writer 04

55 6 18
                                    

04 කොටස

කොයි වෙලේ බැලුවත් ගඟනට ඕන උනේ මා එක්ක කතා කරන්න. මමත් ඒකට අකමැති උනා නෙවේ. ඒත් මටම මම වාරණ දාගත්තා. කෑම අරන් ඇවිත් කාර් එකේ වාඩි උනත් මට යන්න නොහිතුනේ ඒකයි. ගඟන හෙන සමාකාමියි චරිතයක් නෙවේ හෙන දඟ චරිතයක්. ඒවුනාට ඒ මුණ දිහා බලන් ඉද්දි මට හෙන සැනසිමක් දැනුනා. මම බලන් ඉද්දිමයි ගඟන මම දිහා බැලුවේ. ලැජ්ජාව වහගන්න යන්න හැදුවත් ගඟනට ඉන්න ඕන උනා. මං ගඟනගේ හැමදේකටම ඉඩ දුන්නොත් දන්නේ නැතුවම මම ගඟන පැත්තට ඇදෙනවා. මට හිතුනේ එච්චරයි. ඒ නිසාම මම ගඟනට කියෙව්වා මා එක්ක සෙල්ලන් කරන්න එපා කියලා. එවෙලේ ගඟනගේ මුණ ඇත්තටම මැලවිලා ගියා. ඇත්ත, ගඟනට මම කියුව දේවල් වල අඟක් මුලක් තිබ්බේ නැ. මොකද මට මුකුත් හරියට කියාගන්න බැරි උනා. මම යන මඟ දෙතුන් පාරක් ගඟන දිහා බැලුවත් ගඟන හිටියේ පාර දිහා බලන්. ගඟනගේ මේ සයිලන්ට් එක හරි අමාරුයි. මොකද දැක්ක වෙලේ ඉදන් පිස්සෙක් වගේ කියවන එක ගඟනගේ හැටියක් උනා. මම එහෙම්ම කාර් එකෙන් බැහැලා ලිෆ්ට් එකට ගියා. ගඟනත් මගේ පස්සෙන් ආවාට අපි කතා කරේ නැ. මම රූම් එකට ඇවිත් ලැප් එකේ වාඩි උනේ කා එක්කවත් මට කතා කරන්න ඕන නැති නිසා. ඒත් මට තේමියගෙන් බේරෙන්න බැරි උනා.

"අහස් මොකද උනේ??"

"මුකුත් නැ බං"

"නැති වෙන්න බැනේ ගඟන මල්ලි ඩල් වෙලා. ඌ ගියේ හෙන හයිප් එකේ. උඹ කැගැහුවා ද ඌට"

"නැ බං..මං.."

මගේ කතාව ඉවර කරන්න හම්බුනේ නැ රහලුයි ගඟනයි කියවගන්නවා අපිට ඇහුනා. මම බලද්දි ගඟන මගේ දිහා බලන් ඉන්නවා. මම කතා නොකරන නිසා තේමිය කතා කලා.

"ඇයි චුටි මොකද?"

"මු යනවා කියන්නේ ලොකු"

මම දන්නවා මේ ගඟන යන්න හදන්නේ මම නටපු පිස්සු ව නිසා කියලා. ඒත් මට මුකුත් කියන්න උවමනාවක් තිබ්බේ නැ. මම හිතුවේ නැ ගඟන ඇත්තටම යයි කියලා. තේමිය කතා කරන්න ගත්තේ ඒ අතරේ.

"කොහේ යන්නද?? කාලා යනවා මල්ලි "

"නැ අයියේ බඩ පිරුනා. ඔයාගේ යාලුවාට පිං සිද්ද වෙන්න. මම යනවා"

Angry Writer..Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα