01. පළමු පරිච්ඡේදය 💙🌙

136 24 9
                                    

නිහඬ කුඩා දියරැළි මවමින් හන් නදිය නිසලව ගලා යමින් තිබුණා.නමුත් එදා පැවතුන චන්ද්‍ර ග්‍රහණය නිසා කලින් දවස් වල වගේ සඳ රැසින් ආලෝක ගැන්වුණු හන් නදියේ සැබෑ සුන්දරත්වය කිසිවෙකුටත් දැක ගත නොහැකි වුණා.

හන් නදිය මතින් වැටී ඇති පාලමේ නොනවත්වා ධාවනය වූ කළු පැහැ මෝටර් රථය පැදවුයේ වයස අවුරුදු විසිපහක් වූ තරුණයෙක්. ඔහු රේඩියෝවෙන් නික්මෙන මිහිරි k pop ගීතයේ තාලය මුමුනමින් සිටියා. රාත්‍රී සමාජ ශාලාවේ සිට නිවසට පැමිණෙමින් සිටි ඔහු අවට පරිසරය ගැන කිසිදු අවධානයක් යොමු නොකර වේගයෙන් සිය රථය පැදවුයේ හෙට දිනයේ නැවතත් වැඩට යාමට පෙර සම්පූර්ණ කල යුතු රාජකාරි ලිපිගොනු කිහිපයක් පැවතුන බැවින්.

" මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. " රේඩියෝවෙන් ඒ හඬ පැමිනුනේ වාදනය වු ගීතයත් මදකට නවත්වමින් . අද දින පැවතුන පූර්ණ චන්ද්‍ර ග්‍රහණය මීට සුළු මොහොතකට පෙර නිමා වුණා. ඒත් සමගම අපට දැක ගත හැකි වන්නේ නිල් පැහැ ගත් සඳක්. විද්‍යාඥයන් පවසන අන්දමට මෙවැනි නීල වර්ණ සඳක් අවසන් වරට දර්ශනය වූයේ ජෝසන් රාජ වංශය සමයේදීයි. එමෙන්ම සමහර අනාවැකි පලකරන්නන් ප්‍රකාශ කර සිටින්නේ නිල් පැහැ සඳේ දිස් වීමත් සමග ස්වභාවධර්මයේ කාලය හා අවකාශය තුළ දැඩි වෙනසක් සිදු වෙන බවයි. කෙසේ වෙතත් නිල් සඳ බොහෝ පිරිසකගේ අවදානයට ලක් වී තිබෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වූයේ වාදනය වෙමින් පැවතුන ගීතය නැවතත් ආරම්භ කරමින්

නිල් හඳ.. මුන්ට පිස්සුද ?? හඳවල් පායපු අවුරුදු ගනන් කරන්න. කරන්න වැඩ නැතුවට හොඳයි මට මතකයි කව්ද කිව්වා නිල් හඳ පෑව්වම මගේ සැබෑ ආදරේ හම්බ වෙනවා කිව්වා. පුහ් . රෙද්දේ ආදරේ.

කල්පනාවේ ගිලි සිටි ඔහුට ඉදිරියෙන් පැමිනෙන විශාල ට්‍රක් රථය දිස් වුනේ නෑ. ට්‍රක් රථයේ ගැටීමට පෙර ඔහු සිය මෝටර් රථය අනෙත් පසට හැරවූවත් ඔහු නතර වූයේ පාලමේ බැම්ම කඩාගෙන හන් නදිය තුලට ඇද වැටීමෙන්. සීට් බෙල්ට් එක ගලවා දැමු ඔහු ජලය මතුපිටට පිහිනිමට උත්සහ කලත් මද දුරක් ඉහළට පිහිනන විට ඔහුට දැනුනේ සිය හුස්ම කිසිවෙකු සිර කරන ආකාරයක්. ඔහුට හැඟුනේ සිය ශරීරය සම්පූර්ණයෙන්ම අඩපණ ව ඇති බවක්. අවසන් වරට ඔහුගේ දෑසට අසුවූයේ ඈත අහසේ දිදුළන නිල් පැහැ සඳහි රැස් කිරණයි. ඒ නිල් සඳ රැස් කිරණය තමා වට කරගන්නවාක් මෙන් හැඟුන විට ඔහු සිය දෑස තදකර පියාගත්තා.

.
.
.
.
.

නිල් සඳ පෑයූ දිනට පසු දින උදෑසන ප්‍රවෘත්ති විකාශය -

ඊයේ රාත්‍රී එකොළහට පමණ හන් නදි පාලමේ රිය අනතුරක් සිදුවී තිබෙනවා. එහිදී අනතුරට පත්ව තිබෙන්නේ ජියෝන් ජුන්කුක් නම් වයස අවුරුදු විසිපහක තරුණයෙක්. අසල සිටි පිරිස වහා ක්‍රියාත්මක වී තරුණයා ගේ ජීවිතය බේරා ගෙන ඇති අතර ඔහුව වහාම සෝල් රෝහලට ඇතුළත් කරන ලදී. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මතු සබැඳියි .... ___________________________________________________________

Hi 💜

මේ කතාව කොටස් ටිකක් මං කලින් Bts story writers fb group එකේ update කලා. සම්පූර්ණ කතාවම මං දැන් Wattpad එකෙන් දෙන්නයි හදන්නේ...

මේ අළුත් කතාවට කැමතිද ?

Love under the Blue Moon 💙🌙Where stories live. Discover now