❄️ Chapter 11 ❄️

357 94 14
                                    

' what did i do Wrong ? '

Author's P.O.V



" පරිස්සමෙන් මගේ රත්‍තරං.. "

" යූ ටූ බියුටිපුල් ලේඩි.. ලයිව් යූ සෝ මච්.."

ඉස්සරහට ගහන්න තියෙන හෙණ ගෙඩිය ගැන මෙලෝ සසරක් නොදැන හිටිය Zhan සුපුරුදු පරිදි උදේ අටට ගෙදරින් එලියට බැස්සේ ලීරාගේ කම්මුල් දෙකම කිස් කරලා..

අර මදාවියව පොලිසියට අල්ලලා දීලා නටපු අටමගලෙන් පස්සේ Zhan හිටියේ හිත හොදින් නෙමෙයි .. කොච්චර කොහොම අමු නසරානියා වුනත් පොලිසියෙන් කොලර් එකෙන්ම ඇදගෙන කොල්ලව අල්ලගෙන යන වේලාවේ කොල්ලගේ ඇස් වල තිබ්බ බය Zhan දැක්කා... හයිරම් පාට් දැම්මට ඕනම සතෙක් වගේ ඒ කොල්ලත් කූඩුවක කොටි වෙන්න බය ඇති.. ගුටි කන්න බය වෙන්න ඇති කියලා Zhan ට හිතෙනකොට එයාගේ හිතේ ඇති වුනේ ගිල්ටි ෆීලින් එකක් ..

ඒත් එයාට එදා ඌ බිම දාගෙන ගහපු විදිහෙන් නම් ඌ කරපුවා ගැන ඌගේ හිතේ පොඩිම පසුතැවීමක්වත් ඇති කියලා Zhan ට හිතුනේ නැහැ.. පස් දෙනාම කැම්පස් එක මැද්දෙම එකෙක්ට ගහලා දාලා ගියේ ආයේ හැරිලා පිටිපස්සවත් නොබලා.. එහෙම එකෙක්ව පොලිසියට අල්ලලා දුන්නා කියලා පව් පිරෙන්නේ නැහැ කියලා Zhan හිතහදාගත්තා.. එක තප්පරේකට එදා පුස්තකාලයේදී කොල්ලව බේරල යවන්න ඕන කියලා Zhan ට හිතුනත් එයා ගුටිකාපු විදිහ මතක් වෙනකොට Zhan ඉක්මනට එයාගේ අදහස වෙනස් කරගත්ත..

ඔව් එයා එදා එයාගේ යාලුවන්ට කිව්ව තමයි ගහපුවට ගහන්න ගිහින් ප්‍රශ්න විසද්දන්න බැහැ කියලා ඒත් කරපු දේවල් වලට දඩුවම් දෙන්න දෙයියොම චාන්ස් එකක් අත ලගට ගෙනත් දෙනකොට එයා නිකන් ඉන්නද..?

Zhan හොදයි තමයි.. හැබැයි කරපු කියපු හැමදේම අනේ කමක් නැහැ කියලා හිනා වෙලා අමතක කරලා දාන්න තරම් සුදු චරිතයක් නෙමෙයි එයා...

ඒ පොඩි එකාව පොලිසියට අල්ලලා දුන්නම ඌගේ අනිත් හරක් රැල ගේමක් දෙන්න එයාව හොයාගෙන එයි කියලා Zhan හිතුවත් එයා හිතපු දේ වුනේ නැහැ.. ඌ එකෙක්වත් මේ සති එකහමාර පුරාවටම එයාගේ ඉස්සරහට ආවේ නැහැ...උන්ගේ තිබ්බ අයියා පාට් වල හැටියට වෙන්න ඕන එහෙම වුනත් මේ සතිය පුරාවටම උන්ගේන් සද්දයක්වත් නැති කොට  Zhan හිතුවේ පොලිසියට අල්ලල දෙයි කියන බයට උන් එයාව අතහැරලා කියලා...

CRAZY LOVE 🌼 (Yizhan ff ) Where stories live. Discover now