❄️ Chapter 12 ❄️

370 91 25
                                    

........Some peoples are like clouds When they go away , its a brighter day.....

Author's P.O.V

' උබලා කොහෙද ඉන්නේ බන්..'

ඊයේ රෑ ඉදන් කෝල් මැසේජ් කරලත් රිප්ලයි නැති එයාගේ යාලුවන්ට Zhan තවත් ගෘප් මැසේජ් එකක් දැම්මත් ඊයේ වගේමයි.. දෙන්නගෙන් එකෙක්වත් රිප්ලයි කලේ නැහැ..

ඊයේ වුන සිද්ධියෙන් හිතේ ඇති වුන දුක අම්මා බදාගෙන ඇඩුවට පස්සේ Zhan ට අමතක කරලා දාන්න පුලුවන් වුනා.. ඕනම දේකට බෙහෙත වුන එයාගේ අම්මගෙ ආදරණීය වැලදගැනීමයි හිත සනසවන වචනයි Zhan ගේ රිදුන හිත සුවපත් කලා..

කවුද කිව්වේ කියලා නොකිව්වත් ඊයේ වුන දේ ලීරාට ආරංචි වෙලා තිබ්බ.. ඒත් තමන්ගේ පුතා ගැන කාටත් වඩා හොදට දන්න අම්මා කෙනෙක් විදිහට ලීරා ගත්තේ එයාගේ පුතාගේ පැත්ත.. එයයි Zhan ව පොඩි කාලේ ඉදන් හැදුවේ..එයයි Zhan ට හොද නරක කියලා දුන්නේ.. එයා හොද නරක කියලා දීලා හැදුව ලමයා එහෙම දෙයක් ජීවිතේට Zhan කරන්නේ නැහැ කියලා ලීරා දන්නව.. Xiwu එක්ක යාලු වෙන්න කලිනුත් Zhan එයාගේ අම්මගෙන් අහලයි Xiwu ට එයාගේ හිතේ තිබ්බ කැමැත්ත ගැන කිව්වේ..

ඉතින් එහෙම කොල්ලෙක් ජීවිතේට එහෙම කරයිද..?

ඊයේ හවසින් පස්සේ ඒ ගැන ලීරා වචනයක්වත් කතා කලේ නැහැ වගේමයි Zhan කතා කරන්න හැදුව හැමවෙලේම එයා ඒක මගහැරියා..Zhan ගෙදර ඉන්න වෙනදා ගෙවෙන හවස් වරුව වගේම ලීරා අලුත් කෑමක් හදලා දුන්නේ ආදරේ පොඩි අඩුවක්වත් නොපෙන්ව..

ලීරා එහෙම ආදරේන් Zhan ට සලකනකොට මේ ලොකේ කවුරු මොනවා කිව්වවත් කමක් නැහැ එයාව එයාගේ අම්මා තවමත් විශ්වාස කරනවනේ කියලා කොල්ලා සතුටු වුනා...

ඒත් පොඩි අවුලකට තිබ්බේ එයාගේ හොදම යාලුවෝ දෙන්නයි පෙම්වතියයි එදා දවසටම එකම වතාවක්වත් කෝල් නොකරපු එක.. අඩුම ඩිලිවර් වුන මැසේජ් එකක්වත් සීන් නොකරපු එක... එයාට අත තිබ්බ එවුන්ව හොයාගෙන ගිහින් ගහන්න හදපු යාලුවෝ දෙන්නා මේ කවුරුවත් පතුරපු බොරු කතාවකට රැවටිලා එයාව මගහරිනව කියලා Zhan ට නිකමටවත් හිතුනේ නැහැ.. එයා වෙනුවෙන් අඩපු එයාව ආදරෙන් බලාගන්න කෙල්ල ගැන වැරදි සිතුවිල්ලක් Zhan ගේ තුන් හිතකවත් තිබුනේ නැහැ...

CRAZY LOVE 🌼 (Yizhan ff ) Where stories live. Discover now