පළමු කොටස

39 4 0
                                    


නැගිටපන් යකෝ. අද වැඩ ටික කරන්නේ නැද්ද හරකෙක් වගේ නිදාගෙන ඉන්නේ." හැමදාම ඇහෙන ඒ නපුරු වචන වලට මගේ හිත හුරුවෙලා දැන්. හැමදාම පාන්දර 2 ට විතර නිදාගෙන ඊළග දවසේ උදේම ඇහැරෙන්න ඕනි. පව්කාර ජීවිතයක් මේක. දන්න කාලේ ඉඳන් මං ඉඳිය නැන්දායි මාමයි එක්ක. එයාලට මට වියදම් කරන්න බෑ කියලා මාව මේ අපායට ඇදලා දැම්මා. මං අවුරුදු 21 ඉඳන් වැඩ කරන්නේ ක්ලබ් එකක. සර්වර් බෝයි විදියට. ඉතින් මේ වයසට මං අහන්න හොඳ නැති ඒව ගොඩක් අහලා තියේ . මගේ අම්මයි තාත්තායි ඉදියනම් මට මෙහෙම වෙන්නේ නැති වෙන්න තිබුණා😔

"මොනාද හු#@#: තාම නැගිට්ටෙ නැද්ද තෝ. හිටපන් හොඳ වැඩක් කරන්න. තොගේ මාමා උබව මෙහෙට විකුණුවේ නිදාගෙන ඉන්න නෙවේ"

"අනේ අයියේ පොඩ්ඩක් ඉන්නකෝ මං නැගිටින්නම්" මං අඬන්න ඔන්න මෙන්න ඉඳියේ. ඇයි අප්ප මොන ජීවිතයක් ද මේ කියලා හිතෙනවා වෙලාවකට. මං තොල් දෙකත් උල් කරගෙන කියනකොට මේ ක්ලබ් එකේ manager උන නිමේෂ් අයියා මාව අමුවෙන් පුච්චන බැල්මක් දාලා මගේ කාමරේ දොර වහලා ගියා. මාමා මාව මෙහෙට ගෙනත් දාපු දවසේ ඉඳන් මම ඉන්නේ නිමේෂ් අයියාගේ ගෙදර පල්ලෙහා store රූම් එකේ. එකේ හරී ඉන්න තියෙන ඒක ලොකු දෙයක් මට. එයා නපුරුයි යකෙක් වගේ. එයා Wine Paradise ක්ලබ් එකේ manager. එකේ අයිතිකාරයා කෙල්ලෙක් ලු. යශ් කියලා. හෙනට සල්ලි තියෙන businessman කෙනෙක් නෑ නෑ woman කෙනෙක්. එයා නපුරුයි ලු ගොඩක්. අනේ මන්දා එයා ගැන කවුරුත් කතා කරන්නෙත් නෑ වැඩිය.. ඒ තරම් බයයි ලු. 

මං අයියගෙන් තව බැනුම් අහන්න බැරි හින්ද ඉක්මන් ට නැගිටලා ඇඳුමක් දාන් ගියා එයාගේ ගේ ඇතුලට. මාසෙම එයාගේ ගෙදරයි ක්ලබ් එකෙයි දෙකේම වැඩ කරලා මට රුපියල් 15000 ක් දෙනවා මාසේ අන්තිමට. මං කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ ඒ සල්ලි වලින්. මට වෙන ජොබ් එහෙකට යන්න බෑ වගේ මං පොඩි කාලේ ඉඳන් අඩුරණ කවුරුත් නෑනේ. මං නැන්දා මාමගෙන් පස්සේ අඩුරන එකම කෙනා නිමේෂ් අයියා. අයියේගේ ගෙදරම අස් කරලා, කෑම හදලා දීලා මං එහාපත්තේ තියෙන ක්ලබ් ඒකට යන්න හැදුවා මගේ යුනිෆෝම් එකත් ඇඳන්.. 

" රිෂි මල්ලි අද යෂ් මැඩම් එනවලු. උබ පලයන් මැඩම් ට serve කරන්න හරිද? මං නොකිව්වයි කියන්න එපා. කිසි වැරද්දක් වෙන්න බෑ. මගේ ජොබ් එකත් එක්ක ගහලා යයි. එහෙම උනොත් තෝව මං හමගහනව" 

"අනේ අයියේ. මං??? මට බයයිනේ. මං අලුත් අනික." මං ඔළුවත් නමාගෙන හිමීට කිව්වේ අයියට දුක හිතිල වෙන කෙනෙට්ට බාර දෙයි කියලා හිතලා. මොකද යශ් මැඩම් ගැන අහලා තියෙන විදියට එයා හොඳ නැති කෙනෙක් වගේ හින්දා. 

"තෝ තමා. මෙතන වෙන රිෂී කෙනෙක් නෑ නේ" 

"අනේ" මට දැන් ඇඩෙන්න වගේ. මං අඬන්න ඔන්න මෙන්න ඉදලා ඇහුවෙ.

*Slap* 

"තොට මල්ලි කියලා හොදින් තා කරහම එනවා කරේ නගින්න පො@"#:!"

මගේ කන ටීන් ගාන්න අත පුරෝලා එකක් ගහල නිමේෂ් අයියා යන්න ගියා. මං කඹුලත් අල්ලාගෙන table එක ලඟට ගියේ අනිත් අතින් කදුළු පිහිදාන ගමන්. 

"9.00 ට එනවලු යශ් මැඩම්" මගේ කනට කරලා නික් කිව්වා

"Hmm.. කමක් නෑ එයා නපුරු උනාට මං වැරද්දක් කලේ නැත්තං බය වෙන්න ඕනි නෑනේ"

"ඔයා තාම එයාව ඒක පාරක්වත් දැකලා නෑනේ. ඒ හින්දා ඔහොම කතා කරන්නේ" නික් මට රහසින් වගේ කිව්වා. "අන්න එනවා හපොයි." නික් එකපාරටම දුවන් ගියා kitchen එක ඇතුලට .මාත් ගියා එයා එක්කම. අපි බලන් ඉඳිය හැංගිලා වගේ.


එකපාරටම BMW එකකින් බැහැලා කළු පාට tshirt ඒකකුයි, denimakui  ඇදගත්ත එක්කෙනෙක් ක්ලබ් ඒක ඇතුලට ආවා . What? එයා වෙන්න බෑ යශ් මැඩම්, මේ එයාගේ boyfriend වෙන්න ඇති. පළල් උරහිස්, මීටර් දෙකක් විතර උස, අත්වල veins, එයටම ගැලපෙන handsome හෙයාර් ස්ටයිල් එක, චූටි කෙස් කෑලි දෙකක් එළියට ඇවිල්ලා, ඒක ඊට වඩා handsome.cigerret එකකුත් අරගෙන අතේ tattoo ගොඩක් ගහලා ඉඳිය එයා හරි handsome විදියට මට පෙනුනා. යශ් මැඩම් හෙන lucky නේ. 

එයාගේ පිටිපස්සෙන් තව bodyguards ල දෙන්නෙක් ආවා..කෝ මේ යශ් මැඩම් තාම නෑනේ. අර handsome එක්කෙනා ඇවිත් වෙනම ready කරලා තිබ්බ vip table එකෙන් ඉඳ ගත්තත් එක්ක. කකුලක් උඩ කකුලක් දාන් හරි නපුරු පාටයි.. තාම යශ් මැඩම් නෑනේ. ගාඩ් ල දෙන්න ඇවිත් පිටිපස්සෙන් හිට ගත්ත

" ඒ යනවා. අර යශ් මැඩම් ගාවට" නික් මාව තල්ලු කළා. 

" මො.... මොන?" 

"තත්පර අටක් පරක්කුයි" දැඩි කටහඬක් table එකෙන් ඇහුනා. ගොරෝසුත් නැති ඒත් නැත්තෙත් නැති නපුරු කටහඬක් එක. මාව නිකං වෙව්ලලා ගියා. නිමේෂ් අයියා පිටිපස්සෙන් ඇවිත් මාව table එක දිහාට තල්ලු කළා. මං ඊට පස්සේ ඒ දිහාට ගියා. 

The Strange Romance 🔞🔞🔞Where stories live. Discover now