Chapter 01

69 11 1
                                    

" යිබෝ නැගිටින්න. පාඩම් කරන්න කිව්වට පාඩම් කරෙත් නෑ බොරුවට පොත් ටික බදාගෙන නිදා ගෙන දැනුත් නිදි.
යිබෝ නැගිටිනවා lectures වලට යන්න පරක්කු වෙනවා. අදත් හොස්ටල් එකේම ඉන්න තමයි වෙන්නෙ හොදේ.. "

උණුවෙන් දුම් දාන කිරි කෝප්පෙත් අතේ තියාගෙන චාන් ඇඳ ලගට වෙලා කෑ ගහනවා. වෙන මොකුත් නිසා නෙවෙයි. එක්සෑම් එකට සතියක් වගේ තියෙද්දිත් රිවිශන් කට් කරන්න කම්මැලිකමේ නිදන් ඉන්න යිබෝ නිසා.

දෙන්නත් එක්ක කලින් දවසෙ රෑ පාඩම් කරනවා කියලා දෙන්නා එක්ක ඉඳ ගත්තට පැයකින් විතර බලනකොට පාඩම් කරලා තියෙන්නෙ චාන් විතරයි. එහෙම නිදාගෙනත් මේකා තවත් නිදිනෙ කියලා චාන් හිතින් බැන බැන කිරි එකත් ඇඳ ලග ස්ටූල් එක උඩින් තියලා වොශ් දාන්න යන්න හැරුනා.

" චන්ගා මන් පෙරවන් හිටපු බෙඩ්ශීට් එක කෝ ??? "

අඩ නින්දෙන්ම ඇඳ පුරා අත ගගා යිබෝ පෙරවන් හිටපු බෙඩ්ශීට් එක හොයනවා.

" බෙඩ්ශීට් ? බෙඩ්ශීට් තමයි දෙන්න ඕනි තමුසෙට !! "

එහෙම මුමුන මුමුනම චාන් ආපහු යිබෝ නිදන් හිටපු තැනට කිට්ටු උනේ දෙකක් ඇනලා හරි ඇහැරවනවා කියලා හිතන්.

" නැගිටිනවා මනුස්සයො මටත් පරක්කු කරවන්නැතුව... "

දනිස් දෙක උඩින් හරහා වැටිලා තිබුන බෙඩ්ශීට් එකේ පොටකින් අල්ලලා විසි කරන ගමන් චාන් ආයෙ කෑ ගහන්න උනා.

"අනේ චාන් හීතලයි... බලනවකො තාම 7:00යි වෙලාව. හොඳට නින්ද යන වෙලාවනෙ මේ. ටිකක් ඉඳලා යමු.."

" අනේ ඉන්න එකයි ඇත්තෙ. මන් යනවා රෙද්ද. එන්න එපා පරක්කු වෙලා එහෙම ලෙක්චර් හෝල් එකට. රූම්මේට් කව්ද ඇහුවම මමත් බැනුම් අහපන්කො. "

චාන් පුපුර පුපුරම lectures වලට යන්න ලෑස්ති උනා. යිබෝ තාමත් ශෝට පිටින් නිදි.














lecture hall_

"Good morning බං"

" morning morning. "

" අනේ සුදු මහත්තයා කිරියෙන් පැණියෙන් ඉතිරෙන...."

" හා හා කටවහපන්. උඹ පතන පැතිල්ලට උතුරන්නෙ ඇපත් නැති වෙන්න. "

You've reached the end of published parts.

⏰ Last updated: Jun 19, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ඇසි පිය යටWhere stories live. Discover now