අවුරුදු කුමාරයා

36 6 16
                                    



පසුගිය මාසයේ ඩෙංගු , මී උණ රෝගීන් ගණන , එම රෝග මර්දන කටයුතු, මාතෘ හා ළමා සෞක්‍ය කටයුතු ඇතුළු ඒ මාසයේ වැඩ කටයුතු ගැන පොඩි presentation එකකින් පස්සේ දිනිති පුටුවෙන් හිදගත්තා. ප්‍රදේශයේ ඔක්කොම රාජ්‍ය ආයතන සම්බන්ධ වන සම්බන්ධීකරන කමිටුව මාසෙකට වරක් පැවැත්වෙන්නේ. රෝගීන් බලන එක වගේ නෙවෙයි මේ වගේ රැස්වීම් නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෙය්ද්‍ය නිලධාරි උන දිනිතිට ටිකක් කම්මැලියි, එත් රෝහලේ වැඩ කරනවා වගේ නෙවෙයි public health field එකේ ඉන්න කොට මේ වගේ රැස්වීම් වලට සහභාගී වෙන්නම ඕනනේ.

ඊලඟට තිබුනේ කලාප අධ්‍යාපන අද්ධ්‍යකෂ තුමාගේ වාරය . Field clinic එකක අම්මලා බබාලා බලන්න යන්නත් ඕනා නිසා දැන් නැගිටලා යන්න හිතුනත් ඔහුගේ කතාවේ අවසානයට කියූ දේ ගැන ඇයගේ අවධානය යොමුවුණා . පාසල් සෞක්‍ය කියන්නේ දිනිතිලාට අදාල මාතෘකාවක්නේ .

" මේ දවස් වල පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමුවීම වැඩියි. පහුගිය දවස් වලත් එහෙම සිදුවීමක් වාර්තා උනා . bus stand එක ළඟ මහ දවල් අවුරුදු විසි දෙකක තරුණයෙක් නගරයේ ප්‍රධාන boys school එකක උසස් පෙල පන්තියක ශිෂ්‍යයෙක්ට පහර දීලා ඔහුගේ ජංගම දුරකථනයත් පැහැර ගෙන තියෙනවා . ඒක මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් නිසා උන දෙයක් බවයි ආරංචිය "

ඒක අහපු දිනිති පිටුපස පේලියේ හිදගෙන සිටි SPHI මහත්තයා දිහා බැලුවා. Boys school එකට life skill program එක ගිය මාසෙනෙ කලේ.. ඒකේ මත්ද්‍රව්‍ය වලින් වලකින හැටි කතාකල දේවල් මුකුත් වැඩක් වෙලා නැතිද.

"නිවාඩු දෙන දවසේ මේ සිද්ධිය උන නිසා ඒ දරුවාගෙන් පාසල් බලධාරින්ට ප්‍රශ්න කරන්න බැරිවෙලා. නමුත් පොලිසිය මේ සදහා මැදිහත් උන බව ආරංචිය් . ඉතින් පොලිසියේ OIC මහත්තයත් සිටින නිසා ඒ සිදුවීම ගැනත් මම දැන ගන්න කැමතියි . "
" ඒ වගේම ඒ උසස් පෙල දරුවා පාසලේ ක්‍රිකට් කන්ඩායම් නායක. ගොඩක් ජන්ප්‍රිය ශිශ්‍යයෙක්. ඒ නිසා අනික් ලමයින්ටත් මේකේ බලපෑම වැඩියි.තනි සිදුවීමක් කියලා නොසලකා හරින්න බෑ කොහොමත්".,
කතාව ඉවර කරලා වාඩිවෙන්න හැදුව කලාප අද්‍යක්ශක තුමා ආයෙත් කිව්වා .

ඒ ගැන තව දැනගන්න කුතුහලයක් තිබුනත් , දැන් ඉතින් යන්නත් ඕනා. දිනිති ආයෙත් SPHI මහත්තයා දිහා බැලුවේ එයා යනවා කියන්න හිතාගෙන. එත් SPHI මහත්තයට හිතුනේ දිනිති ඒ කියපු කතාව ගැන දන්නවද අහන්න හදනවා කියල වෙන්න ඇති.

අවුරුදු කුමාරයා.Where stories live. Discover now