[ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 06 ]

74 15 4
                                    

දවසින් දවස එයාලගේ වෙඩින් එකට දවසුත් ආවා. නමුත් ඒ ගැන යූජින්ගේ කිසිම රිඇක්ට් එකක් නැති එකම ජන්කුක් ගොඩාක් පුදුම වුනා. ජන්කුක් යූජින්ව එහාට මෙහාට එක්කගෙන යද්දී ඒ පස්සෙන් ගියා මිසක් අකමැත්තක්, සතුටක්, අඩුම ගානේ විරුද්ධත්වයක්වත් එයාගෙන් නොආපු එකම ජන්කුක්ව ටිකක් බය කරා. නමුත් එයා වෙනද වගේම කූල් මූණකින් ඔෆිස් එකේ වැඩ කරගෙන ගියාත් ජන්කුක්ගේ ඇස් දෙක හැමවෙලේම යූජින් දිහා සැකෙන් බලාගෙන ඉන්න පුරුදු වුනා.


"මේ.. ඕයි.... හෙට වෙඩින් එක අපේ.... මොකෑ හිතෙන්නේ?"

ජන්කුක් යූජින්ගේ කරෙන් අත දාගෙන ඇහුවේ කැබින් එකට කඩාගෙන පැනලා.


"මගෙන් අහන්නේ මොනාද සර්?"


"යාහ්.... තමුසෙගෙන් අහන්නැතුව අල්ලපු ගෙදර එකාගෙන් අහන්නයෑ ඕයි. තමුසෙත් මාර කතානේ අහන්නේ?"

ජන්කුක් කටත් ඇද කරලා එහෙම කියද්දී මොකුත්ම නොකියපු යූජින් උරිස්ස උඩ තිබ්බ ජන්කුක්ගේ අතත් ගසාගෙනම රැක් එක ගාවට ගිහින් ෆයිල්ස් වගයක් බලන්න ගත්තා.


"යාහ්.... කියනවකෝ ඕයි පිට්ටු හිර වෙලා වගේ ඉන්නැතුව.. අම්බේ මට නං ඉවසිල්ලක් නෑ..."

ජන්කුක් එවිල් ස්ම[ර්]ක් එකක් දාලා එහෙම කිව්වේ එතන තිබ්බ පුටුවකින් වාඩි වෙලා.


"එහෙම විශේෂත්වයක් නෑ."

ජන්කුක්ව ගණන් ගන්නැතුව කර කර හිටිය වැඩේම කර කර ඉන්න යූජින් දිහා ජන්කුක් බැලුවේ කටත් ඇද කරගෙන.


"තු: විතරක් ඒක කියපු කැත. මොකද්ද ඒ කිව්වේ? මාර ගෑණු තමයි මටත් සෙට් එන්නේ... හහ්...."


"මිස්ටර් ජන්කුක්. මේ කිසිම දෙයක් මං කරගත්තු ඒවා නෙමෙයි නේ. ඒ නිසා මට ඇඟිල්ල දික් නොකර ඉන්නවා නං තමයි හොඳ."

යූජින් එහෙම කියල ෆයිල් එකක් අරගෙන එයාගේ සීට් එකෙන් වාඩි වෙද්දී ජන්කුක් ඉඳන් හිටිය තැනින් නැගිට්ටේ නෝණ්ඩි හිනාවකුත් දාගෙන යූජින් ගාවට යද්දී.

MY NEMESIS CEO || JJK || COMPLETED ||Where stories live. Discover now