👣 03 👀

410 49 31
                                    

# The Ring  👣💍









"මෙන්න මේක තමයි ඔයාගෙ රූම් එක "

කියමින් යොහාන් ශාන් ව ඔහුට අයත් කාමරයට රැගෙන ගියේ තෙවන මහලේ ඇති කාමරයක් වෙතයි. තරමක විශාල ගමන් මල්ල එක පාරටම බිම අතෑරපු ශාන්  කටත් බාගෙට ඇරෙගෙනම කාමරෙ ඇතුලට ගියේ එ තමන්ගෙ කාමරේවත් එතරම් විශාල නොවන බැව් වටහා ගෙනය.

" ඉතින් ඔයා කැමති ද ? "

කාමරෙ සිරි නරඹන ශාන්  දිහා  හිනා වෙවී දොරට හේත්තු වෙලාම  බලන් ඉදපු යොහාන්  ඇහුවේ තමන් ගෙ තේරීමේ වරදක් වෙන්නෙ නැතුව ඇති යන හැගීමෙනි.

" කැමති ද ? මේක පට්ට නෙ බාප්පෙ ... තැන්ක් යූ බ්‍රෝ "

කියමින් ශාන්  ඇගිලි ටික මිටි මොලවා සෙමින් යොහාන් ගෙ බඩට තට්ටුවක් දැම්මේය.

" හෑ...බ්‍රෝ "

" පෙනුමෙ හැටියට බාප්පට වැඩි වයසක් නෑ වගෙ "

සිනහවක් පෑ යොහාන්...

" ඔයාට කම්මැලී නම් මම යාලුවෙක් අදුන්නලා දෙන්නම් ඔයාට... මම හිතන්නෙ එ ලමයත් ඔයාගෙ වයසමයි "

" ඇත්තට ම "

නැවතත් තම බිම දැමූ ගමන් මල්ල ඇද උඩට විසි කරන ගමන් ශාන්  ඇසුවේය.

" ඔව් "

" කවුද ඒ "

" ම්ම්ම් මට නම මතක නෑ හරියට ... මෙහෙ කිචන් එකෙ වැඩ කරන  කෙනාගෙ පුතා "

" ආආ... එයාව දැක්කොත් මෙහෙට එවන්නකො බාප්පෙ එහෙනම් "

කියමින් සිනහවක් පෑ ශාන්  ගියේ දොර කෙලින්ම තිබූ විශාල ජනෙල් යොදා තිබූ බැල්කනි එක දෙසට යන්නට විය. මොහොතක් ශාන් දෙස බලා සිටි යොහාන් නැවතත් පහල මහලය දෙසට පියමනින්නට විය.

තරමක අපසුවෙන් එම විශාල වීදුරු  යෙදූ දොර විවර වූයේ ක්‍රීස් යන හඩක් නගමිනි.

" අම්මො... මමද කොහෙද මුලින්ම මේක ඇරියේ "

කියමින් බැල්කනි එකට අත් දෙක තබා මදක් පහලට නැව්න ශාන්  ,

" වොහ්... හොද වෙලාවට අපෙ දෙමව්පියන් ට මෙ කාලෙ හරි අපිව මෙහෙ එක්ක එන්න හිතුනේ "

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now