Episode 23 🃏

1.3K 407 166
                                    

Joker 🤡🔞


කේන්තියි තමා මට හුගා....ක්.. එයා අර දගර පණුච්චි නිළි ගෑණි එක්ක ලන්ච් ගිය නිසා.. අඩුගානෙ මට පුළුවන් වුනානෙහ් මැද ඇගිල්ලවත් දිග් කරලා එන්න.. ඒ හින්දා අගලක් වගේ දුක එහාට මෙහාට වෙලා තිබ්බා.. හැබැයි අගලයි හරිද.. ඉතුරු සේරම දුකෙන් පිරිලා තිබ්බා..


දවල් අපාර්ට්මන්ට් එකට ආව වෙලාවෙ ඉදන් මං මගෙ ෆෝන් එකත් ඕෆ් කරන් ඇතුලට වෙලාම හිටියා.. මට දැනෙන්නෙ මං අවුලක ඉද්දි ෆෝන් එක රින්ග් වුනොත් ඒකත් භූමි නමස්කාරය කරවන්න ඕනෙ කියලා.. ඒ වෙලාවට එන කේන්තිය දරාගෙන ඉන්න මාර අමාරුයි....


" තොපි එකෙක් වත් මට ඕනෙ නෑ.. බේසික හැත්ත...."


මාව ඇක්වේරියම් එකට එක්කන් ගිය කපල් එකටයි අනික් කපල් එකටයි එතකොට ගෑණු එක්ක ලන්ච් ගිය මෙතන ප්‍රධාන පාර්ශවයටයි මතක් වෙන මතක් වෙන හැම එකාටම තනියම බනින ගමන් මං ෆෝන් එක ඕෆ් කරලා ඇදේ ඈතට විසික් කරා..


මං ෆෝන් එක ඕෆ් කරන් ඉන්න නිසා ඕනෙ නම් විශාල් පොඩ්ඩක් විතර බයවෙයි එයාගෙ තියන වගකීම ලිස්ට් එක මතක් වෙලා.. ඒත් උගෙ මිනිහා ආවොත් සුදාත්ති අපි ඩිස්ටි ඩිඩිං කරමු කියලා ඔය පොලොස් කොට්ටෝරුවට මාව මතක් වෙන්නේ නෑ.. ඉදී අරූට ඇන ඇන ආතල් එකේ.. ඒවා මතක් වෙද්දි නම් මට තිබ්බෙ ලිංගික ඊරිසියාවක්ද මන්දා හැබැයි....


" මොනවා වුනත්.. කන්නේ නැතුව ඉන්න එක හොද දෙයක් නෙවේ.. ඔව්.. මාව අසනීප වෙන්න පුළුවන් "


මගෙ බඩෙන් කූර්‍ර් ගාන සද්දයක් ඇහෙද්දි කාමරෙන් එලියට බහින්නෙ වත් නෑ කියලා දාගෙන තිබ්බ ප්‍රතිපත්තිය පොඩ්ඩක් විතර එහාට කරලා දාන්න වුනා. මොකද ඉතින් සිද්ධාර්ත් නොකා නොබී ඉදලා අසනීප වුනොත් ඒකේ පාඩුව මොකද සයාන්ට ද නෑනෙහ්.. ඒ බේසික මිනිහා හොදට දවල් තිස්සෙ ගෑණි එක්ක බුරිය උල් වෙන්න කන්න ඇති...


" හැටි විතරක් පාකින් ලොට් එකේදි මගෙ දිහා බලාගෙන හිටපු !! මොකටද දන්නෑ බලාගෙන හිටියේ මාව ගනන් ගන්නේ නැත්තං... "


JOKER 🤡 ✔️Where stories live. Discover now