"නුවී...ඔයා කොහේද...නුවී...."
වැව්දිය තැන්නට ඇවිත් දින සති මාස ගෙවිලා යද්දි අලුත් අවුරුදු නිවාඩුවත් කිට්ටු වෙද්දි තවත් සති අන්ත සෙනසුරාදාවක් උදා වෙලා තිබුනා... සුපුරුදු වෙලාවට උදේ 10 පහුවෙද්දි අදත් වැවට යන්න නුවී පොර කෑවා...ඒත් ගිහිං බලද්දී අද වැවේ වතුර වැඩි වෙද්දි නුහුරු නිසා බහින්න බයේ මං නුවීත් එක්කන් ආපහු ගෙදර ආවා...එහෙම්ම ගෙට ගිහිං කිරි අම්මාටත් කතා කරලා අරන් ගිය රෙදිත් ගේ ඇතුලෙන් තියලා මං නුවී පේන්න නැති නිසා ආපහු ඉස්සරහා පැත්තෙන් එලියට ගියා...
"ඔය නිතු හමුවන තුලු පාල දිහා... බලමින් තව වෙහෙතෙයි දෑතම මා ... කිමදෝ පමා වූ ඒ කාලණා....."
මං යද්දීත් ස්තොප්පුවේ ඉස්සරහා පුටුවක් තියන් පුටුව උඩට නැගලා පොඩි පණ්ඩිතයා හිටියේ බීරලු වැටේ එල්ලිලා සිංදුවක් කියන ගමන්,ගේ ඉස්සරහින් යන පාර දිහා බලාගෙන...මෙතැන්ට අපි නාන මංකඩේ කුඹුක් ගහයි ගල් තලාවයි එක්ක සෑහෙන දුරකට පාර දෙපැත්තම පේනවා...මං සද්ද නැතිවම එයාගෙ සිංදුවට කන් දුන්නා...සිංදුව ඇහෙද්දීත් මට ඉබේම හිනා ගියා...සිංදුවෙන්ම මං තේරුම් ගත්තා එයා මොකටද මෙතැනට වෙලා බලන් ඉන්නේ කියලා...එයා බලන් ඉන්නෙ එයාගෙ ඒන්ජල්...අදත් පාර දිගේ යනකම්...
"ඒයි.."
"ඇයි මුකෝ.."
මං කතා කරද්දි මගෙ පොඩ්ඩා බිරළුව අත නොඇරම ඇයි ඇහුවේ ගහගන්න වගේ...රාජකාරියට බාධා කරපු නිසා තරහා ගිහිං වගේ...
"මොනවාද කියවන්නේ.."
"ඇයි ඇහුණේ නෑද අහන්නේ...ඔලාගේ සිංතුව කියම්නේ..."
මගෙ සිංදුව...කවදාවත් සිංදු නාහපු මං ගිය සතිය පුරා අහපු සිංදු වලින් එකක්...
මගෙ සිංදුව... පොඩි එකා ඒකට මගෙ සිංදුවලු...ඇත්තටම ඒක මගෙද...ඊටත් වඩා හොඳ ප්‍රස්නේ එයා ඒක කිව්වේ මටද...
.
.
.
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න... හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න... Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪