🌺 අවාරය 39 🌺

2.3K 366 93
                                    

එදා එයත් එක්ක කතා කර කර උන්න මං අන්තිමේ හිතට එකඟව ගන්න බැරි උණ තිරණෙ අරන් එයා මාව හොයන් එන්න කලින් අතට අහු උණ ඇඳුම් කෑලි දෙක තුනකුත් එකතුකරන් ගෙදරින් එළියට බැස්සා...

"මට ඕනා උණේ නෑ ඔයා අනුකම්පාව නිසා මට ළංවෙනවා දකින්න...මං ඔයාට ආදරේ කරපු නිසා...තාමත් කරන නිසා,මං ඔයා වෙනුවෙන් බලන් උන්න නිසා,ඔයාව මගේ කරගන්න හීන දැකපු නිසා ඔයා මට ළංවෙනවා දකින්න මට ඕනා උණේ නෑ...මට ඕනා උණේ ඒ කිසි හේතුවක් නැතිව ඔය හිතට මාව දැනෙන නිසා විතරක් මට ආදරේ කරන්න.. ඔයාට මාව ඕනා නිසා විතරක් මට ළංවෙනවා දකින්න..ඒකයි ඒ මොකුත් නොකියා උන්නේ.."

මට මතක් උණේ එයා ඉස්සර සිද්ද උණ මට අමතක උණ දේවල් මට මතක් වෙනකම්ම නොකියා උන්නේ ඇයිද අහද්දී එයා දුන්න උත්තරේ..එදා කිරි අම්මගෙ ගෙදරදි අන්තිමට මුණ ගැහුණ වෙළේ එයා කියපු දේ, දරුවා ඕනා නෑ මං එක්ක වරෙන් අපි දරුවෙක් හදාගමු කියන කතාව ආපහු මට මතක් උණා...ඒ වෙලාවේ ඒ වචන ගැන කලකිරීමක් දැනුණත්..ආයි හිතලා බලද්දී එයා එහෙම කිව්වේ නුවී මගේ නෙවේ කියලා දැනගෙන උන්න නිසාදෝ කියලා මට මතක් උණේ සෑහෙන්න පහුවෙලා...කලින් නොදැන උන්නත්,නෙලීෂාව හම්බ වෙන්න ගිය වෙලාවේ නෙලීෂා ඒ ගැන කියන්න ඇති..
සමහර විට නුවීව මගෙන් ඈත් කරන්න එපා,එයා අයින් වෙන්නම් කියලා මුද්දත් නෙලීෂාට දීලා පොරොන්දු වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති කියලා හිතුණා...

ඉතිං සමහරවිට රිදුණා උණත්,මට හිත හදාගන්න පහසු වෙන්න එයා මේ තරම් ඉක්මනින් බට්ටිව බඳින්න තීරණය කරාදෝ කියලා මට හිතුණා...ඒ ඉද්දී එදා අප්පච්චිගෙන් කවීන් නුවීව අරන් ගියා කියලා දැන ගත්තාම එයත් කලබලවෙන්න ඇති... සමහරවිට එදා මං එයා එනකං උන්නා නම්,දැන් එයාට ලං උණා කියලා නැතිවෙන්න නුවීත් නැති නිසා..මුදු මාරුකරන්න නැකත් බලලා නෙමෙ..බට්ටිව බැදලා උන්නත් අත ඇරලා හරි එයා මාව ආපහු ළඟට ගනී...ඒත් ආදරේ විතරක් නෙමෙ... එයාට මං වෙනුවෙන් තියෙන හැඟීම් අස්සෙ ආදරේ තරම්ම අනුකම්පාවත් තියේවි...ආදරේ නිසාට වඩා...මං තනි උණ නිසා ළඟට නොගෙන ඉන්න බැරි කමක් දැනේවි...

එයාට වගේම මටත් කොහොමත් එයාගෙන් අනුකම්පාවක් ඕනා උණේ නෑ..මං තනිවෙයි කියලා හිතන නිසා එයා ආපහු හැරෙන්න,මං නිසා තව තවත් රිද්දගන්නවා බලන්න,මං නිසා එයා අමාරුවෙන් ගොඩ නඟා ගත්ත දේවල් නැති කරගන්නවා බලන්න.. මට ඕනා උණේ නැති වෙද්දි,මං එයා එනකං උන්නොත් එයා අනුකම්පාව නිසා ආපහු මං ළඟට එයි කියලා හිතෙද්දි,කොහෙ යන්නද,මෙතනින් එහා මොනවා කරන්නද කියන එක ගැන කිසිම අදහසක් නොවෙද්දී මට ඇති උණ එකම සිතුවිල්ල උණේ එයා එන්න කලින් මෙතනින් යන්න ඕනා කියන එක විතරයි...ඉතිං අන්තිමේ ගෙදරින් ආපු මං නැවතුණේ...අවුරුදු 8කට කිට්ටු කාලයක් මගෙ පාසල් ජීවිතේ ගත උණ ගම්පහින් වෙද්දි තාමත් එයාගෙන් හැන්ඟෙන්න ඒ ඇති උණ හැඟීම් මාව පොලඹවන්න ඇති..

❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -Where stories live. Discover now