37th emotion

210 36 7
                                    

"ආත්මා නැගිටින්න"

අම්මා, මගෙ නොවෙන මගෙ අම්මා උදේම ඇවිත් මාව ඇහැරවන්න ගත්තා...අද මගෙ කසාදෙ...ඒත් මට දැනෙන්නෙ මගෙ මරණ වරෙන්තුව මගෙම අතින් ලියලා බෙල්ලට තොණ්ඩුව දාන දවසට මං ඇස් ඇරියා වගෙයි...

ඇඳේ ඉඳංම මං කල්පනා කලා...එදා විතූගෙ තාත්තා ඇවිත් අම්මගෙන් සමාව ගද්දි කිව්ව දේවල් මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දුන්නා...

"මගෙ කෙල්ල හැප්පෙන්න කලින් කතා කර කර ඉඳලා තිබ්බෙ රොනල්ඩ් එක්ක...අනික හප්පපු එකා කලින් වැඩ කරෙත් රොනල්ඩ් ලඟ..මං ඌ එක්ක කතා කරන්න ගියෙත් ඒකයි...ආත්මා මගෙ දරුවට රිදවන්නෙපා මගෙං වුන වරද නිසා..."

මං එයාගෙ ශර්ට් එකේ එල්ලිලා එදා කෑ ගහද්දි එයා කඳුලු පුරවං ඔහේ හිටපු හැටි මට මැවිලා පෙනුණා....මේ ප්‍රශ්න  වලට උත්තර හොයා ගන් නැතුව කවුද හරි කවුද වැරදි කියලා හිතා ගන්න බෑ...එහෙමයි කියලා හරි වැරැද්ද නොදැන විතූගෙ ආදරේට පයින් ගහන්නත් මට බෑ....එහෙං මාව බඳින්න එන බූරුවා...ඌ ඉංජිනේරුවෙක් වුණාට සීනි කම්පැනියකින් පැනලා ඇවිත් වගේ...අමු ඇඹලයා...නම දහම් සඳගලතැන්න වුණාට මුගෙ හැසිරීම නං තනිකර ඔපොසිට්...එව්ව් ජරාගොඩ...ඌ මගෙ කම්මුල ඉඹපු දවසෙ මං කම්මුල විසි පාරකට වඩා සබං දාලා සේදුවා...මොන විසබීජද කව්ද දන්නෙ...

මං කලබලේට නැගිට ගත්තා..මගෙ ප්ලෑන් එක වැඩ කරන්න නං දැං මෙතන එළිය හිස් වෙන්නෝන.. කාමරෙන් එළියෙ කවුරුවත් නෑ කියලා තහවුරු කර ගන්න දොර ඇරලා හිමීට ඔලුව එළියට දාලා ස්කෑන් කරං මං ශේප් එකේ බෑග් එකක් අරං මට ඕන කරන ටික දා ගත්තා....

තව ටිකකිං මාව සැලුන් එකට එක්කං යන්න අක්කා එයි....මං ඇඳ උඩිං වාඩි වෙලා බලං හිටියා...හිතුවා වගේම ටිකකිං අක්කා ආවා,මං එයා එක්ක ගිහිං කා එකට නැග්ගා...

"අක්කා ඔයා මෙහෙමම යන්න සාරි එක අරං එන්න.. මං අනිත් වැඩ ටික කර ගන්නං එතකං.."

මං ම හිතා මතා දහම්ගෙ ලදරං වාහනේ අස්සෙ අමතක කරලා ආව සාරිය ගන්න අක්කා යද්දි, මං සැලුන් එක ගාවින් බැහැ ගත්තා..
එහෙමම චුට්ටක් ඉස්සරහට දුවලා සීසීටීවී නැති හරියක තාප්පයක් අස්සට රිංග ගෙන ඇඳං හිටපු බ්ලවුස් එක ගලවලා බෑග් එකට ඔබා ගත්තා..යටින් ඇඳං හිටපු විතූගෙං පැහැර ගත්ත බාච්චු ශර්ට් එක උරෙන් පහලට එල්ල වැටෙද්දි බෑග් එකෙන් ගත්ත ස්කාෆ් එකෙං කොණ්ඩෙයි ඔලුවයි වහං,පහන් කණු වල එළිය මගෑරලා මං  වැලිගම පැත්තට යන පාර දිගේ දිව්වා...

emotions (Completed)✓✓Where stories live. Discover now