10 🍁

162 25 11
                                    

ඉතිං ජීවිතේ හැමදාම අපි හිතන දේම වෙන්න ඕන කියල දෙයක් නෑනේ . ශීත කාලෙකට පස්සෙ වසන්ත කාලය ලබනව වගේම ආයෙමත් වසනත කාලය ගෙවිල ගිහින් ශීත ඍතු උදා වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය .ඉතිං ජීවිතෙත් ඒ වගේ.

අද මැන්ශන් එකට තීරනාත්මක දවසක්. මොකද කියනවනම් අද තමයි පුංචි යුන්ගි ඉපදෙන්න ඉන්නෙ. ඩේට්ස් හරි නිසා ඊයේ ජේන් ව හොස්පිටල් එකේ නැවැත්තුවා. කට්ටියම දැන් මේ එයාව බලන්න යන්න හදන්නෙ මොකද ජේන්ව ඩිලිවරි එකට ගන්නව කිව්ව වෙලාව දැන් ලං වෙලා. ඉතිං හැමෝම හොස්පිටල් යන්න ලෑස්ති වෙනව.

හෝසොක් ගැන කිව්වොත්, ජේන්ගෙ බබ ගැන ලොකුම බලාපොරොත්තුව තියන් ඉන්නෙ හෝසොක් . යුන්ගිගේ අතින් වෙන්න ඕන හැමදෙයක්ම වගේ මුල් කාලෙ සිද්ද උනේ හෝසොක් අතින්. ජේන් ආස කරපු කෑම හදල දුන්නෙ ජේන්ව ක්ලිනික් වලට එක්කගෙන ගියෙ  , ජේන්ගෙ හිත හැදුවෙ වගේ ගොඩක් දේවල් හෝසොක් අතින් උනා . හැබැයි තාමත් හෝසොක් යුන්ගිගෙ නිත්‍යානුකූල ස්වාමියා. හෝසොක් යුන්ගිගෙන් ඩිවොස් වෙන්න හැදුවත් යුන්ගි ඒකට ඉඩ දුන්නෙ නෑ . ජේන් ඒ ගැන ඇහුවෙත් නෑ . මොකද ජේන් ආපු මුල් කාලෙ යුන්ගි හෝසොක් එක්කත් තරහෙන් හිටියෙ. මොකද යුන්ගි එපා කියල එලවපු ජේන් ව ගෙට අරගෙන බලාගත්තෙ හෝසොක් . යුන්ගි කැමති උනේම නෑ ඒ දේට. ඒ වගේම යුන්ගි පිලිගන්න ලෑස්ති උනේ නෑ ඒ දරුවව.

එතකොට යුන්ගි ගැන කිව්වොත්, මාස හයකට පස්සෙ කරපු ස්කෑනින් පොටෝ එකේ හිටපු පුංචි බබා යුන්ගිගේ හිත හෙලෙව්වා. එපා එපා කියපු පුංචි බබා ගැන යුන්ගි උනන්දුවෙන්න පටන් ගත්තා. හැබැයි යුන්ගි හෝසොක් ගැනත් හොයල බැලුවා. හැබැයි හෝසොක් ඒ හැම වෙලාවෙම යුන්ගිව මග හැරියා. කොටින්ම හෝසොක් වෙනම කාමරේකට පවා ගියා. ඉස්සර හෝසොක් ජේන් ගැන බලල කරද්දි යුන්ගි ජේන්ව මග අරින්න ඕන කමට නිදාගන්න විතරක් ගෙදර එන්න පටන් ගත්තා. එතකොට දැන් යුන්ගි ගෙදර ඉදල ජේන් ගෙ කටයුතු බලද්දි හෝසොක් යුන්ගි ව මග අරින්න ඕන කමට දවල් දවසම ගෙදර නොහිටියා. හරියට නිකන් ඉර පායද්දි හද හැංගෙනවා, හද පායද්දි ඉර හැංගෙනවා වගේ දෙන්නම එකට ගෙදර ඉන්න වෙලාවක් හොයාගන්න නැති උනා.

Breath of Hope  🍁 |SOPE|✔️Where stories live. Discover now