10

1.3K 222 49
                                    

මේක නිකම් filler chapter එකක් වගේ මන් ලිව්වේ.මේකෙ අයාන් ගැන ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි.තව plot එක ගැනත්
__________________________

Third person pov

අයාන්ගේ කාර් එක යාලේගල වලව්වේ ගේට්ටුවෙන් ඇතුලට එද්දී වෙලාව රෑ 12 ත් පහු වෙලා.ගේට්ටුව ලග තිබුන ලයිට් එලිය ඇරෙන්න මුළු වලව්වම අන්ධකාරයේ ගිලිලා තිබුනේ හරියට පාළුවට ගියපු භූත බංගලාවක් වගේ.කාර් එක වලව්වෙ දොර ඉස්සරහ නවත්තපු ගමන් පිටිපස්සෙ දොර ඇරගෙන මුලින්ම එලියට ආවෙ අයාන් .අයාන් අනික් පැත්තෙන් කාර් එකේ දොර අරිද්දී කසුන් එලියට ඇවිත් වලව්වේ දොර ඇරලා ලයිට් දැම්මා.

අයාන් නින්දගිහින් ඉන්න දෙව්නාශ්ව හරහට වඩාගෙන ම වලව්ව ඇතුලට ගිහින් උඩ තට්ටුවට යන පඩිපෙල නැග්ගා.දෙව්නාශ් අයාන්ගේ අත් අතරට ගුලි වෙලා හොදටම නිදාගෙන ඉදිද්දී දෙව්නාශ්ගේ කාමරය ඉස්සරහ නැවතුනු අයාන් ඇතුලට යන්න තිබ්බ අඩිය ආයෙත් පිටිපස්සට අරගෙන තත්පර කීපයක් කල්පනා කරා. ඊලග තත්පරේ අයාන් දෙව්නාශ් අරගෙන ගියේ එයාගෙ කාමරයට.master bedroom එකේ අළු පාට කවර දාපු ඇද උඩින් අයාන් හිමීට දෙව්නාශ්ව තිබ්බා.

දෙව්නාශ්ට ඇහැරෙන් නැති වෙන්න හිමීට එයාගෙ සපත්තු දෙකයි මේස් දෙකයි ගලවලා අයින් කරා.දෙන්නම වැස්සට හොදටම තෙමිලා හිටපු නිසා ඊලගට අයාන් එයාගෙ සපත්තු දෙක ගලවලා
කණ්ණාඩි මේසේ ඉස්සරහට ගිහින් ශර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා .කණ්ණාඩියෙන් අයාන් දැක්කා කාමරේ දොර ලගින් ඇතුලට එබෙන කන් දෙකක් .ශර්ට් එක ගලවන ගමන් අයාන් දොර පැත්තට හැරුනා

"රොකී මොනාද හොරෙන් බලන්නේ ඇතුලට එනවා"

අයාන් කතා කරපු ගමන් කාමරේ ඇතුලට ආවෙ තනි කළු පාට german shepherd වර්ගයේ ටිකක් ලොකු බල්ලෙක් .ඒ අයාන්ගේ හුරතලා ,දෙව්‍නාශ් වලව්වට ආවට පස්සේ උන සිද්දිය නිසා රොකීව දැන් එලියට දාන්නේ රෑ 10න් පස්සේ

රොකී ආපු ගමන් අයාන්ගේ ඇද වටේට ඉවකර කර යන්න පටන් ගත්තේ අයාන්ගෙ කාමරෙන් එන ආගන්තුක සුවද නිසා.

කටු කොහොලින් වැසුනු මලක්Where stories live. Discover now