11

1.3K 206 38
                                    

කැඩුනු ෆෝන් එකත් අරගෙන උදෙන්ම වලව්වේන් පිටවුනු අයාන්ගේ වාහනේ කම්පැනි එකේ ගේට්ටුවෙන් ඇතුල්වෙනවා දැකපු නිලධාරීන් දෙන්නා සීරුවෙන් හිටගනිද්දී වාහනේ නවත්තපු අයාන් එක් අයෙක්ට මෝටර් රථයේ යතුර ලබාදී ගොඩනැගිල්ල ඇතුලට පිවිසෙන තුරු තවත් නිලධාරියෙක් ප්‍රධාන දොරටුව විවෘත කර තබාගෙන හිටියා

අයාන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු පිළිගැනීමේ නිලධාරිනිය සිනා මුහුණින් පැවසූ වදන් වෙත අවධානය යොමු කිරීමට වෙහෙස නොවූ ඔහු කෙලින්ම ගියේ ලිෆ්ට් එක ලගට

අයාන්ගෙ කම්පැනි එකේ සේවක පිරිස දෙසීයකට ආසන්න වුනත් අත්‍යවශ්‍ය දෙයකට හැරුනු විට අයාන් හා සේවකයන් අතර කතාබහක් ඇති නොවුනු තරම්.කම්පැනි එකේ well fare පාටියකදී උනත් අයාන්ව දකින්න් ලැබෙන්නේ කලාතුරකින් .

මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලේ ඉහලම
මහලේ ඇති අයාන්ගේ කාර්යාලයට ගියපු ගමන් අයාන්ගේ පෞද්ගලික ලේකම්වරිය ඇතුලට ආවේ ෆයිල් මිටියකුත් අතේ තියාගෙන

"IT department එකේ කෙනෙක්ට දැන් එන්න කියන්න"

"ඇයි සර්"

ඇය ප්‍රශ්න කලත් අයාන්ගෙ එක රළු බැල්මෙන් බිම
බලාගත්ත ඇය ෆයිල් මිටිට මේසය උඩින් තියලා ඉක්මනින් එලියට ගියා.විනාඩි කීපයකට පසු කාර්යාලයේ දොරෙන් ඇතුලට ආවේ අවුරුදු විසිතුනක විතර තරුණයෙක්

"සර් මන් IT department එකෙන්"

තරුණයා යටහත් පහත් විදිහට කියද්දී අයාන් ඔහුට අතින් සන් කලේ ඇතුලට එන්න කියලා.තරුණයා ඉදිරියේ ලැප් එකක් තිබ්බ අයාන් කැඩිච්ච ෆෝන් එක ඊට එහා පැත්තෙන් තිබ්බා

"මේ ෆෝන් එකේ තියන ඔක්කොම දේවල් මට ලැප් එකට දාලා දෙන්න"

"හරි සර්"

තරුණයා තමන්ගේ කාර්‍යය අවසන් කරනකම් අයාන් ෆයිල් චෙක් කරද්දී ආයෙත් අයාන්ගේ ලේකම්වරිය කාර්යාලය ඇතුලට ආවා.

"කියන්න"

අයාන් ඒ දිහා බලන්නවත් මහන්සි වෙන් නැතුව ඇයගෙන් ප්‍රශ්න කලා

"මීඩියා වලින් සර් එක්ක කතා කරන්න ඉල්ලනවා"

"බෑ කියන්න"

කටු කොහොලින් වැසුනු මලක්Where stories live. Discover now