𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 7

36 8 2
                                    

"අන්ද්වේ....... මෙහෙම වෙන්නෙ කොහොමද... මේක මගේ phone එක නම් මේකෙ කොහොම එයාගෙ photo තියන්නේ... අනික මං එයාව කොහොමද අදුරන්නේ... හියුන් කිව්ව විදිහට එයා මගේ boyfriend නම් ඇයි එච්චර මගේ ලගින් හිටිය එයාව මට මතක නැත්තෙ..ඒත් accident එක හින්ද මට එයාව අමතක උනානම් එයාට තිබ්බනෙ අනිත් අය වගේ මට එයාව මතක් කරවන්න... ඇයි එයා එහෙම කරේ නැත්තේ.. ආආ.. හරිනේ ඔම්ම කිව්වෙ එයා මගෙ අප්පගෙ මිනීමරුවගෙ පුතා කියලනේ... ආයිශ්..මං මොකටද ඌ ගැන හොයන්නෙ....ඔම්මා මගේ ඔලුවත් රිදෙනවා.... "

හිතේ තිබ්බ shock එක්ක තමුන් කියවන්නෙ මොනවාද කියලවත් කිසිම තේරුමක් ටේට තිබුණෙ නෑ..පරණ වෙච්ච හැමදේම එයාගෙයි ජිමින්ගෙයි photo ටික හින්ද මැවි මැවී පේනකොට ටේට දැනුනෙ එයාව කැරකෙනව වගේ.. තිබ්බ ඔලුවෙ කැක්කුමයි කැරකිල්ලයි හින්ද ම ටේට එහෙම්ම කලන්තෙ දාල ඇදගෙන වැටුනා..ටික වෙලාවකට පස්සෙ room එකට ආව bodyguard කෙනෙක් නම්ජුන්ට කතා කරල කිව්වට පස්සෙයි ටේ ව hospital admit කරේ...

After 3 days

දවස් තුනක් hospital එකේ ඇදක් උඩ සිහිය නැතුව හිටපු ටේ ලග හිටිය ජින්ටයි නම්ජුන්ටයි ටේ එයාගෙ අත හොලවනව වගේ පෙනුනා. ඒ හින්දම ජින් ගිහින් doctorව එක්කම ආවට පස්සෙ doctor කිව්වෙ ටේට තව ටිකකින් සිහිය එයි කියල.

"ජි... ජිමිනි ... "

ටික වෙලාවකින් සිහිය ආව ටේ මුලින්ම හෙව්වෙ ජිමින්ව හින්ද ටේ ලග හිටිය නම්ජුන්ටයි ජින්ටයි පුදුම හිතුණා...

"ටේ.... ඔයාට දැන් කොහොමද . අමාරුවක් නෑනේ... ඔහොම ඉන්න මං doctorව එක්කරගෙන එන්නම්.."

එහෙම කිව්ව නම්ජුන් ගිහින් doctorව එක්කරගෙන ආවා..

ටේ ව check කරපු doctor ගියාට පස්සෙ ටේ අහපු දේට නම්ජුන් වගේම ජින් පුදුම උනා..

" හියුන් .... ජිමිනි කොහෙද හියුන්.. මට කියන්න හියුන්.. එයා කොහෙද ඉන්නෙ.. අනේ ප්ලීස් හියුන් එයාට මාත් එක්ක තරහ වෙන්නෙ නැතුව ඉන්න තැනකින් එන්න කියන්නකෝ.. "

ටේ පිස්සුවෙන් වගේ කියවද්දි නම්ජුන් ඉක්මනට ගිහින් ටේ ව බදාගත්තෙ එයාව සනසවන්න වගේ. අවුරුදු ගානකට පස්සෙ තමන්ගෙ හියුන්ගෙ උණුසුම තදින්ම දැනුන ටේ නම්ජුන්ව බදාගෙන ඇඬුවා.. මුලු ලෝකෙටම නපුරෙක් වෙලා හිටිය kim Taehyung අද එයාගෙ හියුන්ගෙ තුරුලට වෙලා එයාට අතපසු උන එයාගෙ ආදරේ වෙනුවෙන් තමන්ගෙ හිතේ තියෙන හැගීම කදුලුවලට හැරෙව්වා.. ඇත්තටම ටේ ව දකින කෙනෙක්ට හිතෙන්න පුලුවන් ටේ කියන්නෙ එච්චර දරුණු mafia leader කෙනෙක්ද කියලත්... මොකද එයා ඒ වෙලාවෙ ඒ තරමටම හැගීම්බර වෙලා හිටියෙ..

පැය ගානක් තිස්සේ නම්ජුන්ගෙ තුරුලට වෙලා තමන්ගෙ හිතේ තියෙන දුක නිදහස් කරපු ටේ අන්තිමේ දි තීරණයක් ගත්තා.

"ටේ මට කියන්න ඔයාට හැමදේම මතක් උනාද.. "

නම්ජුන් ඇහුවා..

" ඔව් හියුන්. මට දැන් හැමදේම භතකයි..අර ඔම්ම කියන ගෑනි කරපු ඒවත් මට මතකයි. ඒකිට හොදටම විදවන්න වෙයි මගේ ජිමිනිට කරපු දේවල්වලට..බලාගෙන ඉන්නකො හියුන් Kim yura තාම දන්නෑ මේ Kim Taehyung කියන්නෙ කවුද කියල.. එයා ඉක්මනට මගේ හැටි දැන ගනියි... මොකද එයා මට නැති කරේ මට මේ ලෝකෙ තියෙන වටිනම දේ.. බලාගෙන ඉන්න හියුන් දැන් තමයි සෙල්ලම පටන් ගත්තෙ.. "

නපුරු මූණක් හදාගෙන ටේ කිව්වා..

" ඒත් ටේ මේ හැමදේටම කලින් ජිමින්ට හොයාගන්න ඕන. මොකද දැන් අවුරුද්දක් තිස්සෙ එයාව කවුරුවත් දැකල නෑ.."

නම්ජුන් එහෙම කිව්වම ටේ ගෙ මූන වෙනස් උනා. මොකද එයා දැනගෙන හිටිය මේ හැමදේකටම එයා වග කියන්න ඕන කියල...

"ඔව් හියුන් මං දැන්ම මගේ baby ව හොයාගෙන එයාගෙන් සමාව ගන්න ඕන."

එහෙම කිව්ව ටේ එයාගෙ phone එක අරගෙන ජැක්සන්ට call එකක් දීල කිව්වෙ දැන්ම එයාගෙ ජිමිනිව හොයන්න පටන්ගන්න කියල..

Flashback end

එදා ඉඳල අවුරුදු තුනක් තිස්සෙ ටේ ජිමින්ව හෙව්වත් එයාට තාම ජිමින්ව හොයාගන්න බැරි වුනා.. අඩුම ගානෙ එයාට තාම ජිමින් ගැන පොඩිම තොරතුරක්වත් හොයාගන්න බැරි වුනා..







After one week

Jimin pov

දන්නෙම නැතුව සතියක් ගෙවිල ගියා... හෙට ඉදන් මගේ ජීවිතේ මොනව වෙයිද කියල හිතාගන්න බෑ.. ඒත් මට දැන් කරන්න වෙන දේකුත්.. මට ආයෙත් හැමදේම අලුතින් පටන්ගන්න කාලෙ හරි. දැන් ඒක තමයි කරන්න තියෙන හොඳම දේ..

Jimin pov end

❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥

𝗔 / 𝗡

Hi ,

ඉස්සරහට කතාව මොනව වෙයිද..

ගිහින් එන්නම්

Bye
Saranghea 💜💜

𝕋ℍ𝔼 𝕎𝕀𝕃𝕋𝔼𝔻 ℝ𝕆𝕊𝔼Where stories live. Discover now