𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 25

28 8 10
                                    

"What's the f**k... Kim Taehyung.. තමුන් මෙහෙ මොනවද කරන්නේ.. "

තමන්ට  පිටිපස්සෙන් ඇහුන කටහඩ හින්ද හැරිල බැලුව ටේ දැක්කෙ තමන් දිහා තරහින් බලාගෙන ඉන්න යුන්ගිව. පඩිපෙල බැහැගෙන ආව යුන්ගි කෙලින්ම ගියේ ටේ ලගට .

"තමුන් මොකක්ද මෙහෙ කරන්නෙ Kim Taehyung... මං හිතනව තමුන්ට මට කියන්න සාධාරණ හේතුවක් ඇති කියල.."

නපුරු පෙනුමක් හදාගෙන යුන්ගි ඇහුවා. ඒත් යුන්ගිගෙ ප්‍රශ්නවලට ටේ උත්තර දෙන්න කලින්ම ජිමින් කතා කරා.

" හියුන්.. මං තමයි එයාට ඉන්න කිව්වෙ.. ඇත්තටම එයා ඊයෙ රෑ ආවෙ .. sorry ඔයාලට කියන්න බැරි උනාට...ගොඩක් රෑ වෙලා තිබ්බ හින්ද මං තමයි එයාට නවතින්න කිව්වෙ.. "

ජිමින් යුන්ගිට එහෙම කිව්වා. ඇත්තටම  එයා දැනගෙන හිටියෙ නෑ ඇයි එයා ටේගෙ පැත්තට කතා කරේ කියල.

"ජිමින් ඔයා ටිකක් පැත්තට වෙලා ඉන්න... මං කතා කරේ මෙයාට.. මං හිතන්නෙ එයාට මෙහෙ එන්න හේතුවක් ඇතිනෙ නේද... ඉතින් Mr. Kim Taehyung...තමුන්ට මොනවද තවත් චිමීගෙන් ඕන කියනවා.."

ජිමින් ටේ වෙනුවෙන්ම කතා කරන්න හැදුවත් එයාව නතර කරපු යුන්ගි ටේ දිහාට හැරිල එහෙම ඇහුවා.

"ඔව් Mr. Min Yoongi.. මං හිතන්නෙ අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි.. ඒ වගේම මගේ දරුවො දෙන්නයි ජිමින් ගැනයි...ඒ හින්ද අපි ගිහින් වාඩිවෙලාම කතා කරමු... "

ටේ එහෙම කියන ගමන් යුන්ගි එක්ක ගියේ ජිමින් ඊලගට මොනව වෙයිද කියල හිත හිතා ඉන්න අතරෙයි.







"ඉතින් Mr. Yoongi... මං හිතන්නෙ ඔයාට මගෙන් දැන ගන්න ගොඩක් දේවල් තියෙනව වගේ... "

යුන්ගිත් එක්ක living room එකට ගිය ටේ යුන්ගිගෙන් ඇහුවා.

"ඇත්තටම Mr. Taehyung... මට දැනගන්න ඕන තමුන් ඊයෙ රෑ මෙහෙට ආවෙ ඇයි කියල... "

බැරෑරුම් මූනක් හදාගෙන යුන්ගි කිව්වා.

"ඇත්තටම මං ආවෙ මෙච්චර කාලෙකට මට නැති වෙලා තිබ්බ අයිතිය ඉල්ලගෙන.. මං හිතන්නෙ Mr. Yoongiට මං කියන දේ තේරෙනව ඇති.. "

ටේ යුන්ගි දිහා බලාගෙන සන්සුන්ව උත්තර දුන්නා.

"ඔයා කියන්නෙ ජිමින්ගෙ දරුවො දෙන්න ගැන නම් මං කියන්න කැමතියි Mr. Taehyung ඒ දෙන්නගෙ අප්ප නැති උනේ ඒ නරුමයා ජිමිනිව rape  කරපු දවසෙමයි කියල... "

𝕋ℍ𝔼 𝕎𝕀𝕃𝕋𝔼𝔻 ℝ𝕆𝕊𝔼Where stories live. Discover now