10.. 🍂💔

44 3 0
                                    

ආශු අලුත් යොෂීඩා යුනිවර්සිටි එකට යන දෙවෙනි දවස.ඒ කිව්වෙ ලෙක්චර්ස්වලට යන පළවෙනි දවස.ඊයෙ ගිහින් ඩීන් ව හම්බෙලා කතා කරල ඒ වැඩ ටික ඉවර කරගෙන අද තමයි ඉස්සෙල්ලම ලෙක්චර්ස්වලට සහභාගී වෙන්නෙ .බෙහාන්ගෙ තාත්තා කලින්ම කතා කරල තිබ්බ නිසයි කිසිම ප්‍රශ්නයක් නැතුව ආශුව යුනි එකට දාගන්න ලේසි උනා.

උදේම නැගිටලා දෙන්නා එකතු වෙලා රයිස් එකක් හදලා සොසේජ් බැදල චිලි පේස්ටුයි පරිප්පුවකුයි හදාගත්තේ,කිරිබත් කාලා දවසම නිදිමතේ ඉන්න බෑයි කියල බෙහාන්ගෙ යෝජනාව ප්‍රතික්ෂේප උන නිසා.දෙන්නම ලන්ච් බොක්ස් දෙකත් දාගෙන හෙමීට ලෑස්ති වෙලා ගෙදරින් පිටත් උනේ කලබලයක් නැතුව.

ආශුව යුනි එකට දාලා බෙහාන් ඔෆිස් එකට ගියත් දෙන්නගෙම හිත කලබල වෙලයි තිබුනෙ.විශේෂෙන් ආශුගෙ. මොකද ඒක අලුත් යුනි එකක් .සාමාන්‍ය යුනිවර්සිටි එකකට වඩා වෙනස් ඉහළ පැලැන්තියේ ළමයි ඉගෙන ගන්න ආශු මීට කලින් මුහුණ දීලා නැති අලුත් අද්දැකීමක්.අලුත් ළමයි ,අලුත් ලෙක්චර්ස්ලා,අ ලුත්ම තැනක් .කලින් යුනි එකෙත් ළඟින්ම ආශ්‍රය කරපු යාළුවො දෙතුන්දෙනෙක් ඇරෙන්න වැඩිය සමාජෙට මුහු නොවී පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන හිටිය ශුයීට ඉක්මනින් ඒ අලුත් පරිසරයට හැඩගැහෙන්න පුලුවන් වෙයිද කියල ආශුට වගේම බෙහාන්ටත් තිබ්බෙ චකිතයක්.
ඊයෙ ඇඩ්මිශන් වැඩ ටික ඉවර කරලා යුනි එකෙන් එළියට බැස්ස තැන ඉඳන් අද උදේ යුනි එක ඉස්සරහා කාර් එක නවත්තනකන්ම බෙහාන්ගෙ උපදෙස්වලින් ආශුගෙ කන් දෙකම පිරිලයි තිබුනෙ.. "දඟලන්න එපා.තුවාලෙ පාරගන්න එපා.දන්නැති අය එක්ක හිනා වෙන්න එපා ,කවුරුත් දෙන මොනවත් කන්න එපා ,කාටවත් මොකුත් කියන්න එපා ,කාවවත් විශ්වාස කරන්න එපා ,කොහෙවත් යන්න එපා,යාලුකමටවත් අල්ලන්න දෙන්න එපා ,නරක අය එක්ක ඉන්න එපා ,තනියෙන් ලෙක්චර්ස්ලව හම්බෙන්න එපා ,හැමවෙලේම සෙනඟ ඉන්න තැනක ඉන්න ,පරිස්සමින් ඉන්න.." අවුරුදු පහක දරුවෙක්ව මුලින්ම ඉස්කෝලෙට එක්කන් යන පළවෙනි දවස වගේ බෙහාන් ආශුට දුන්නෙ පුදුම තරන් උපදෙස් ගොඩක්.එකම දේ බෙහාන්ගෙ කටින් දෙතුන් පාර කියවුනත් ආශු විරුද්ධව වචනයක්වත් නොකියා හිටියෙ බෙහාන්ගෙ ආදරේ තරම දන්න නිසා.මෙච්චරටම තමන්ව පරිස්සම් කරන කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැඟීම ම ඇති ආශුට ඕනාවටත් වඩා පරිස්සම් වෙන්න.

💔🍂 හිමි නොවුන නෙතු  Where stories live. Discover now