🍂💔 Introduction

588 28 14
                                        


කතාව introduce කරන්න කලින් අහන්නකො චුට්ටක්..
මේක මගෙ පළවෙනි කතාව.මට මගෙම පොතක් ලියන්න ආසාව තිබ්බා ගොඩක් කාලෙක ඉඳන්.ඒත් මට හිතුනා පොත හදන්න කලින් කතාව මේකට දාන්න..එතකොට ඔයාල කියන වැරදි අඩුපාඩු හදාගෙන පොත හදන්න පුලුවන්නෙ..

"බනින්න එපා හාද 🥺"

අඩුපාඩු තියන ඒවා කියනෝද comments දාලා..තව එකතු වෙන්න ඕනි කොටස් ,ලස්සන වෙන්න ඕනි තැන්, boring තැන් එහෙමත් කියන්න හාද..
(Fiat)

එන්නකො යන්න දැන් කතාවට

•°• අසම්මතය කියන්නේ වෙනමම රහක්..
ඉතින් ඒ රහ විදින්නයි මේ ඇරයුම •°•

🍂💔හිමි නොවුන නෙතු 💔🍂

🍂💔හිමි නොවුන නෙතු 💔🍂

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

කතාවේ perfect ම චරිතය...
එහෙම නැත්නම් හැම අතින්ම අංගසම්පූර්ණ මනුස්සයා තමයි "බෙහාන්" ...

කොල්ලෙක් ට තියෙන්න ඕන ශක්තිමත් පවුලක්. එතනින් එහාට උගේ ජීවිතය කොහොමත් පට්ට වාසනාවන්තයි. මේකේ ඉන්න අංගසම්පූර්ණ මනුස්සයා වුන බෙහාන් ට තිබුනේ එහෙම ජීවිතයක්...

බෙහාන් කියන්නෙ නූතන යුගයේ පවුලක අලුත් විදිහට හිතන අම්මගෙ තාත්තගෙ ලොකූ ආදරයක් මැද්දෙ හැදුන කොල්ලෙක්.බිස්නස් ක්ෂේත්‍රයෙන් වැඩි දුර අධ්‍යාපනය හදාරල දැන් එයාගෙ ඔෆිස් එකේ CEO. සල්ලිකාර වගේම හොඳ උගත් කොල්ලෙක්.නොමග ගිහින් නැති අම්මිගෙයි තාත්තිගෙයි ළඟ හරි ලස්සනට හැදුන බෝ පැළයක් වගේ කොල්ලෙක්...අම්මයි තාත්තායි බිස්නස් වැඩටවලට විදෙස් ගත වන නිසා බෙහාන් අවුරුදු පහළවේ ඉඳල ජීවත් උනේ කොළඹ තියන එයාලගෙම ලොකු ගෙදරක තනියම .ඉතින් ඒ නිසා ගෙදර වැඩපළ හැමදේම බෙහාන්ට පුලුවන් .

බෙහාන් පරිපූර්ණයි කියන්න තවත් හේතුවක් තමයි එයාගෙ රූපෙ. බෙහාන්ව දකින කෙල්ලො වගේම කොල්ලොත් "ස්ස්ස්ස්ස්" ගාලා හුස්ම උඩට අදින තරන් මාරම හැන්ඩ්සම් සුදු හමක් තමයි බෙහාන්ට තිබ්බෙ.නළල වැහෙන ගානට වැවිලා තිබ්බ ස්ට්‍රේට් කොණ්ඩෙ ,ජිම් ගිහින් ගානට හදාගත්ත ඇඟ,fashionable ඇඳුම්, මේ ඔක්කොම එකතු උනහම බෙහාන්ගෙ රූපෙට කෙල්ලො කොල්ලො පිස්සු වැටෙන එක සාධාරණයි .හීනි ඇස් දෙක මූනට නපුරු පාටක් එකතු කරත් බෙහාන් කියන්නෙ හරිම ආදරණීය චරිතයක්.පොඩි කාලෙ ඉඳන්ම උපරිම ආදරය වින්ඳ කිසිම අඩුපාඩුවක් නැතුව සැප පහසු ප්‍රීතිමත් ජීවිතයක් තමයි බෙහාන් ගත කරේ.

💔🍂 හිමි නොවුන නෙතු  Место, где живут истории. Откройте их для себя