AgustD - ලිපි අංක 2

19 6 3
                                    

~ AgustD ~

මාස කීපයකට පෙර ලියන්න බලාපොරොත්තුවෙන් උන්නු ලිපි පෙළක්. ඒත් එක නොයෙක් හේතූන් නිසාවෙන් කල් ගියා. AgustDගේ D-Day album එක රිලීස් වෙන්න කලින්ම ලිපි සියල්ලම ලියා අවසන් කරන්න හිතාගෙන හිටියත් ඒක කරන්න අතපසු උනා. ඒත් මේ වතාවේ කොහොම හරි මේක ඉවර කරනවා කියලා හිතාගෙනම අද මේ පටන් ගන්න ගන්න යන්නේ AgustD Review එක.

කලින් කිව්ව විදියටම සම්පූර්ණ AgustD review එකක් සිංහලෙන් කරනවා සහ මේ ලිපි පෙළ මේ විදියටම Wattpad සහ Facebook දෙකේම පළකරනවා.

AgustD ගැන කතා කරන්න පටන් ගන්නේ කොතනින්ද?? අපි ඉස්සෙල්ලම බලමු AgustD කියන්නේ කවුද, මේ නම හැදුනේ කොහොමද කියලා.

AgustD කියන්නේ BTS සාමාජික SUGA එහෙම නැත්නම් Min Yoongiගේ Alter Ego එක. Alter Ego එකක් කියන්නේ තමන්ගේ ඇතුළාන්තයෙම තියෙන වෙනස් විදියේ ස්වරූපයක් හෝ පෞරුෂත්වයක් කියලා සරල විදියට හඳුන්වන්න පුළුවන්.

ඉතින් SUGA එහෙම නැත්නම් Min Yoongiගේ Alter Ego එක තමයි AgustD කියන්නේ. ඒ වගේම AgustD alter ego එක SUGAට විශේෂ වෙන්නේ ඇයි කියලා ඉදිරි ලිපි වලින් ඔයාලට කියවන්න පුළුවන්.

එතකොට කොහොමද මේ AgustD කියන නම හැදුනේ??

බොහෝදෙනෙක් මේකට උත්තරේ දැනටම දන්නවා ඇති. AgustD කියන්නේ DT SUGA කියන එක mirror කලාම එන වචනය.

DT SUGA

SUGA ඉපදෙන්නේ දේගු (Daegu Town) වල. පුංචි කාලේ ඉඳලම සංගීතයට බොහෝ සෙයින් ඇලුම් කරපු හින්දම කොලු ගැටයා කාලෙදි SUGA Daegu Town වල තියෙන Rap band එකකට එකතු වෙනවා. මේ කණ්ඩායමේ නම තමයි D-Town කියන්නේ.

ඉතින් SUGA ඉපදුණු ප්‍රදේශය සහ ඔහු තමන්ගේ සංගීත ජීවිතය පටන් ගත්ත D-Town කණ්ඩායමේ නම දෙකම එකතු කරලා තමයි DT SUGA එහෙම නැතිනම්  AgustD හැදෙන්නේ.

AgustD ඒකල කලාකරුවෙක් එහෙම නැතිනම් Solo artist කෙනෙක් විදියට debut වෙන්නේ 2016දී ඔහුගේ පළමු mixtape එක නිකුත් කිරීමත් සමඟයි.

2016 අවුරුද්දේ අගෝස්තු මාසේ 15 වෙනිදා "AgustD" mixtape එක, 2020 අවුරුද්දේ මැයි මාසේ 22 වෙනිදා ඔහුගේ දෙවෙනි mixtape එක "D-2" සහ අවසාන වශයෙන් 2023 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා Studio album එකක් වශයෙන් "D-Day" ඇල්බමයත් ඔහු නිකුත් කරනවා.

අපි ඉස්සෙල්ලම කතා කරන්නේ "AgustD" mixtape එක ගැන. ඉතින් මේ සම්බන්ධයෙන් හැකි පමණින් කරුණු සාරාංශ කරමින් ලිපිය ලියන්නට මම බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ඉදිරි ලිපි වලින් හමුවෙමු.

🚫 අවසරයකින් තොරව කොපි කිරීම සහ නැවත පළකිරීම හා ස්ක්‍රීන්ශොට්ස් ගෙන පළකිරීම සපුරා තහනම්.

- Amy

You've reached the end of published parts.

⏰ Last updated: Jul 25, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐀𝐠𝐮𝐬𝐭𝐃Where stories live. Discover now