"ම්. මොකෝ.."
"ලස්සනයි.."
"මොනවාද..."
"ඔයා..."
"පිස්සු තියෙන්නේ..මොනා බලනවාද දන්නේ නෑ.."
"ඇයි අපිට බලන්න තහනම්ද..."
මං හිටියෙ නුවීගේ පංතියේ..රශ්මි ටීච දවස් කීපයක් නිවාඩු වෙද්දි...පංතිය බලන්න කෙනෙක් නැති වෙද්දි...ලොකු සර්ගේ ඉල්ලීම පිට මට පංතිය බලාගන්න උණා...කොහොමත් නිකං ඉඳගෙන ගල් බැම්ම රත් කරන වෙළේ...මං වැඩෙට කැමැති උණේ හරි ආසාවෙන්..පුන්ච් පුංචි පාඩම් කීපයක් කරගෙන යන්න ඕනා විදිහ රශ්මි ටීච හොඳ හැටි පැහැදිලි කරලා දුන්නා වෙද්දි...දවසකට උණත් ගුරු හීනේ හැබැ වෙන එක ගැන මං හිටියෙ පුදුම තරම් සතුටකින්...හදවතින්ම ගුරු කමට බැහැලා උන්න මං අන්තිමේ එතනින් එළියට ආවෙ ළමයි වැඩ පොත් අරන් කරන්න දුන්න වැඩේ පටන් ගන්නකොට වෙද්දි...ඒ එක්කම මං දැක්කෙ යකඩ දැල් ජනෙලේ එල්ලිලා ඉන්න ශලික සර්ව වෙද්දි...ඒ බලන් උන්න බැල්මටම... මට දැනුණේ කියාගන්න බැරි විදිහේ හැඟීමක් වෙද්දි...මං එයා ළඟට කිට්ටු උණා...
"නැතුව ඇති ඉතිං...කොයි වෙලාවේද ආවෙ...මං දැක්කෙත් නෑ..."
"ගොඩක් වෙලා..අලුත් සර් ගැන පණිවිඩේ ලැබුණ ගමන් දුවන් ආවෙ...."
.......
"ලොකු සරුත් දැන් ගොඩක් වෙලා බලන් ඉඳලා ගියේ...සර්ටත් ආස හිතිලා අලුත් සර් පොඩ්ඩ ගැන..."
......
එයා කියද්දි මං බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරන්...එයාලා බලන් ඉන්නවා නොදකින්න තරම් මං ගුරු හැඟීමේ ගිලිලා උන්නද...
"කෝ ඉතිං අලුත් සර්ට අපිව පේන්නේ නෑ... බැහැලාම වැඩනේ..."
"ඉතිං ඔය සර්ට වැඩ නැද්ද...කාගෙවත් පංති වල ජනෙලේ වල එල්ලිලා ඉන්නේ රිලා පැටියා වගේ..."
"කාගෙවත් වෙන්නේ කොහොමද...මේ අප්පච්චගේ පොඩි උන් දෙන්නම ඉන්නෙ මේ පංතියේ වෙනකොට...එක්කෙනෙක් උගන්නනවා...අනිත් කෙනා ඉගෙන ගන්නවා..ඉතිං පංතියම මගේ වගේ තමා..."
........
අප්පච්චිගේ පොඩි උන්...එයා කිව්වේ මං දිහා වගේම..එතනම ගුරු මේසෙ ළඟ පුටුවේ ඉඳන් වැඩ කරන ගමන් උන්න නුවී දිහා බලන් වෙද්දි...ඒ ඇස් වලින් ටිකකට කලින් දැකපු හැඟීම වචනවෙලා පිටවෙද්දී...මට එහෙමම එයාව බදාගන්න ඕනා උණා...
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න.. හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න... Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪