03.

698 110 5
                                    

" ඕහ් අර ඉන්නේ සුලී නේද !! "

ඊයේ රෑ ජන්ගුක්ගේ මැන්ෂන් එකේම නතරවෙලා ඉදපු හැමෝම උදේ එහෙන් පිටත් වෙද්දි ජිමින්ගේ කාර් එකත් උදේම මැන්ෂන් එකෙන් එලියට ආවා.
එවෙලෙයි පැසෙන්ජර් සීට් එකේ ඉදගෙන හිටපු තේහියුන් දැක්කේ හෙඩ්සෙට් දෙකත් දාගෙන බස් හෝල්ට් එකේ ඉදගෙන ඉන්න සුලීව..
තේහියුන් ජිමින්ට කෙල්ල ලගින් කාර් එක නතර කරන්න කියද්දි කොල්ලත් සුලී දිහා හොදට බලන ගමන් කාර් එක බස් හෝල්ට් එක ඉස්සරහින් නතර කරා..

"ඒයි සුලී !! "

දෙතුන් පාරක්ම හෝන් එක ගැහුවත් කෙල්ලට ඇහුනේ නැති නිසා කාර් එකේ ෂටර් එක පාත් කරපු තේහියුන් කෑගැහුවා..
ගැස්සිලා වගේ සිහියට ආව සුලී කාර් එක දිහා බලලා බෙල්ල එලියට දාගෙන ඉන්න තේහියුන් දැක්කට පස්සේ කොල්ලට හිනාවුනා..

" යන් අපිත් යුනි එක පැත්තෙන් යන්නේ !! "

තේහියුන් කියද්දි හිනාවුනු කෙල්ල ජිමින් අන්ලොක් කරපු කාර් එකේ පිටිපස්සේ ශීට් එකෙන් ඉදගත්තේ ආවේ නැතත් තේහියුන් තමන්ව බලෙන්ම හරි ඇදගෙන යන බව දන්න නිසාමයි..
සුලී කාර් එකට නැග්ගයින් පස්සේ දාගෙන හිටපු සන්ග්ලාස් දෙක ඇගිල්ලකින් තදකරපු ජිමින් හිමින් සැරේ කාර් එකේ ඇතුලේ තිබුනු මිරර් එකට තට්ටු කිරිල්ල නතර කරේ වෙනපැත්තක් බලාගෙන ඉන්න සුලීව මිරර් එකෙන් පේන විදියට හැඩ ගැහුනයින් පස්සෙයි..

හිතට ආව අදහසකට සින්දුවක් ප්ලේ වෙන්න දාපු ජිමින් හොරෙන් බැලුවේ සුලී දිහා..කෙල්ල ඒ වෙනකොටත් පුදුමෙන් ජිමින් දිහා බලාගෙන හිටියා..
මොකද ඒ ප්ලේ වුනේ සුලී ආසම සින්දුව...
එච්චර ෆේමස් සින්දුවක් නොවුනු ඒ සින්දුව තාම ජිමින්ගේ ප්ලේ ලිස්ට් එකේ තිබුනු එක ගැන සුලී පුදුම උනා..
සුලී මුලු ලෝකෙම අමතක කලා ඒ සින්දුවේ වචන ඇහෙනකොට !!
කෙල්ලගේ 23 වෙනි උපන්දිනේට ලැබුනු හොදම වගේම එකම තෑග්ග ඒ සින්දුව උනා..

" අඩෝ ඕක නවත්තලා නැගලා යන සින්දුවක් දාපන්කෝ !!
එක්කෝ ඊටකලින් හොද රෙස්ටුරන්ට් එකකින් නවත්තපන්කෝ !!
අර ජන්ගුකා අපිව පන්නනගත්තේ කන්නවත් දෙන්නේ නැතුවනේ !! "

Little Beauty 👑  / PJM /completed ✅ Where stories live. Discover now