chapter 07 - she's very innocent ❤️‍🥀

345 36 1
                                    

එලා හිටියෙ ෆ්‍රෙයාගෙ අත් දෙකෙන්ම තදින් අල්ලගෙන....එලාට තාමත් විශ්වාස කරගන්න බෑ ෆ්‍රෙයාට වුන සිද්දිය ගැන....ඔව් ෆ්‍රෙයා ඒ හැමදේම එලාට කිව්ව....මොකද එලා කියන්නෙ දැන් ෆ්‍රෙයාට ආගන්තුක චරිතයක් නෙවෙයි....කෙල්ලගෙ හොදම යාලුවා තමයි එලා....ඉතින් ෆ්‍රෙයාගෙ දුක එලා ඇහුවා....ඒත් එලාගෙ ඇස් වලත් කදුලු....මොකද ගෑනු ලමයෙක්ට වෙන්න පුලුවන් පහත්ම වැඩක් තමන්ගෙ හොදම යාලුවට වෙලා තියෙද්දි එලා කොහොමද දරාගන්නෙ....

" මට තේරෙන්නෙ නෑ ෆ්‍රෙයා....මෙච්චර දෙයක් වෙලත් ඔයා දැන්ද මට කියන්නෙ...."

" සොරි බන්....ඒත් ඒ වෙලාවෙ මට කිසි සිහියක් තිබුනෙ නෑ....මන් මොනව කරන්න ඕනෙද කියල...."

ෆ්‍රෙයා කිව්වෙ ලොකු පසුතැවීමකින්....

"එක අතකට ජන්ග්කූක් ඉදිය එක හොදයි....ඒ කොල්ල නැත්නම් උබ මොනව කරගෙනද දන්නෑ...."

" ඇත්තටම....මට ඌව පේන්න බැරි එක ඇත්ත....ඒත් මට ඒ කරපු උදව් වලට තෑන්ක් කරන්න ඕනෙ...."

ෆ්‍රෙයා කිව්වෙ හීනියට හිනාවෙන ගමන්....
කෙල්ලට ලොකු දුකක්....එයා පන වගේ ආදරේ කරපු කොල්ල එයාට cheat කරලා වෙන කෙල්ලෙක් එක්ක තමන්ට කරපු ජරා වැඩේ නිසා කෙල්ල ගොඩක් දුකින්....ඉස්සර පැය විසිහතරෙම මෝඩ වැඩ කර කර හිනාවෙන ෆ්‍රෙයාගෙ මූනෙ අද හිනාවෙන්න ඕනෙම නිසා ඇදෙන පොඩි හිනාවක් විතරක් ඉතුරු වෙලා....

එහෙම්මම ඩෙස්ක් එකට ඔලුව තියාගත්ත ෆ්‍රෙයාට අඩ අඩ ඉද්දිම නින්ද ගියේ එලාගෙ දිග ඇගිලි ෆ්‍රෙයාගෙ කෙස් අතර දගකරද්දි දැනුන පහස නිසා....ඒ යාලුකම....ඇත්තටම ඒ වගේ හොද යාලුවෙක් හමුවෙන්නෙ හරි කලාතුරකින් ....

හෝල් එකට ආපු ජන්ග්කූක් දැක්කෙ ඩෙස්ක් එකට ඔලුවත් තියාගෙන නිදාගෙන ඉන්න ෆ්‍රෙයාවයි ඊට එහා පැත්තෙන් පොතක් බල බල ඉන්න එලා වයි....ඒ දෙන්න ඇරෙන්න හෝල් එකේ හිටියෙ ටේමින්කූක් තුන්දෙනා විතරයි....ටිකක් හවස් වෙලා තිබ්බ නිසා ගොඩක් අය ගෙවල් වල ගිහින් තිබ්බ.....

" ගෙදර යන්නෙ නැද්ද...."

ජන්ග්කූක් එලාගෙන් ඇහුවෙ ෆ්‍රෙයාගෙ එහා පැත්තෙන් ඉදගන්න ගමන්....

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Where stories live. Discover now