1

161 36 17
                                    



හෙලෝ මගේ නම ලිලී . අද මම ලැබ් එකක වැඩට යන තුන් වෙනි දවස. මේ පාර ලැබ් එක නම් cosmetic test කරන එකක් නිසා කලින් ඒවට වඩා වෙනසක් වෙයි කියලා තමයි මන් හිතුවේ

හිමින් හිමින් හෝල් එක අඇතුලෙන් යද්දි කෙල්ලට තමන්ගෙම හීල්ස් වල සද්දෙ අඇහුනා . හුස්ම ගද්දි පපුවෙන් එකක් පිරෙන කෙමිකල් සුවද ලිලීට ආයේ ආයෙත් මතක් කරා ලැබ් වල බිත්ති අතර වචන නොවුන වේදනාවක් තියෙනවා නේද කියලා

මම අදත් එයාලා මට කරන්න දීපු වැඩේ පටන් ගත්තා . එක එක ටේබල් උඩ තිබුන හාවෝ මැරිලා ගිහින් මහ ගොඩක් දුක් විදලා . එයාලා හරියට තැන තැන ඉන්නේ සෙල්ලම් බඩු ගානට වැටිලා. මට විශ්වාසයි හැම හාවෙක්ගෙම හිතත් තුවාල වෙන්න අඇති ශරීරය තරම්ම

කෙමිකල් නිසා සීතල උන හාවෝ එකතු කරගෙන incineration room. එකට අරන් යන එක ලේසී වගේ නේද .

නෑ දෙයියනේ . කෙමිකල් සැරට තුවාල උන , තැනින් තැන පුලුන් ගියපු ඒ ජීවිත දැක්කම මගෙත් පපුව රිදෙනවා . මොකද මට තියෙන්නේ ගල් හිතක් නෙවේ නේ . වෙලාවකට මට ගෙදර එක්කම තරහයි . එයාලා මාව බලෙන් සයන්ස් නොකරෙව්ව නම් අද මේවා දකින්න ඕනේ නෑ නේ .

කාමර ගානකට ගිය ලිලී එක එක විදිහේ හාවොන්ව එකතු කරගත්තා . සමහරු ලේ පෙරාගත්ත ගමන්

සමහරුන්ගේ අඇස් පවා තුවාල වෙලා . අන්තිම කාමරය ඉස්සරහට ආපු ලිලී තමන්ගේ සුදු කෝට් එක තද කරලා අල්ලගත්තා . කෙල්ලට බයයි . ඊට වඩා දුකයි

හිමින් හිමින් අඇතුලට ගියපු ලිලීට එතනත් හාවො තුනක් දකින්න හම්බ උනා . පොඩ්ඩක් ඉන්න කෙනෙක් හෙලවුනාද?

අඇස් කොනෙන් දැක්ක චායාවක් නිසා

වේගෙන් එතනට ගියපු ලිලී ඒ හා පැටියව තමන්ගේ වෙව්ලන අත් දෙකට අරගෙන පපුවට ලන් කරගත්තා .කෙල්ලගේ හිතට හරි බයයි ඒ හා පැටියගේ පිටේ තියන විශාල තුවාලේ කෙල්ල අතින් පෑරෙයිද කියලා

" හ් හේ බනී . ඔයා ෆයිටර් කෙනෙක් නේද "

කිසිම උත්තරයක් බලාපොරොත්තු නොවී ලිලී කිව්වත් හාවා කරේ ලිලීගේ අඇස් දිහා තමන්ගේ වෙව්ලන අඇස් වලින් බලන එක විතරයි.

කෙල්ල දන්නවා එයා මේ කරන්න යන දේ නීති වලට පටහැනී කියලා . ඒත් කරන්න දෙයක් නෑ එයාට අහින්සක ජීවිතයකට තව වේදනා දෙන්න ඕනේ උනේ නෑ. හැම දේටම වඩා එයාව අසරන කරේ ඒ හා පැටියගේ නිහඩ වේදනාව

ඉතින් කෙල්ල තමන්ගේ කෝට් එක ගහවලා ඒ අහින්සක සතාව ඒකෙන් ඔතලා හෑන් බෑග් එකට දාගත්තා

මේසෙ උඩ හිටපු අනිත් හාවෝ දෙන්නව incineration room එකට බාර දුන්න ලිලී ගෙදර යන වෙලාව එනකන් වෙව්ල වෙව්ලයි හිටියේ ...

වෙලාව ආවසැනින් කෙල්ල දිව්වා . ඕකනේ කියන්නේ හොර වැඩ කරන එක ලේසි නෑ. තමන්ගේ චූටී අපාට්මන්ට් එකට ආපු ලිලී බෑග් එක පැත්තකින් තිබ්බා

කෙල්ලට බයයි ඒක අඇරලා බලන්න . සමහර විට හාවා මැරිලත් අඇති ඒ තුවාල නිසා...

අන්තිමේදි ලොකු හුස්මක් ගත්‍ත ලිලී එයාගේ හෑන්බෑග් එක අඇරලා කෝට් එකත් එක්කම එලියට ගත්තා . හාහ් හා පැටියා තවම ජිවිතේ අල්ලගෙන ඉන්නවා . ඒත් ලිලීගේ කෝට් එක නම් රතු වෙලා

TBC



හී . ඔන්ගොයින් දෙකක් තියාගෙන මේකත් දැම්මා . මේක නම් ලියලා ඉවරයි  . ගහන්න එපා ඉතින් . පව් නෙ මන් 😖



The Bunny | JJKWhere stories live. Discover now