Chapter 06

455 91 17
                                    

හුරුපුරුදු තැනක නොවුනත් පුදුමයි මට ඇදෙන් නිගැරිලා විනාඩි දෙක තුනක් ගතවෙන්නත් කලින් නින්ද ගියා

ඒකත් තද නින්දක්...කාලෙකට පස්සේ සැහැල්ලු නින්දක් ලැබුනා

ඒ විතරක් නෙවෙයි වෙනද වගේ පාන්දර චාන්ව හීනෙන් පෙනුනේ නෑ ඒ නිසාම හීනෙන් බයවෙලා අවදිනොවුන මම මට දැනෙන උණුහුමට තව තවත් ගුලිවෙලා නිදාගත්තා

ටක්....ටක්....

"පොඩී..ඔයාලා තාම නිදිද?"

"එයාලා කිව්වේ කවුද කූවාන්?"

"ආහ් පොඩීගේ යාලුවෙක් ඉයේ අපේ ගෙදර නැවතුනානේ පොඩීගේ කිව්වට ඉතින් මගෙ බිස්නස පාට්නර් ෂියාඕ අංකල්ගෙ පුතා ශාන්"

"ආ..ඔයා මේ කියන්නේ අර මහාචාර්ය ෂියාඕ ශාන් අපේ පොඩීගේ යාලුවෙක් කියලද"

"ඔව් ඔව් මේ දෙන්නා HF ලනේ"

"මොකක්?"

"අයියෝ යාන්ලි Hospital friends කියලා කිව්වේ"

"අනේ මන්දා කුවාන් ඔයත්..හරි හරි අපි යමු ඒ දෙන්නට කරදර නොකර ඔයා පොඩීට මැසේජ් එකක් දාන්න"

දොරට තට්ටු කරන සද්දේ නිසා අවදිවුන මම තාමත් නිදිමතේම එළියෙන් ඇහෙන කටහඩවල්වලට ඇහුන්කන් දුන්නා කුවාන් ගාගයි තව කෙල්ලෙකුගෙයි කටහඩ ඇහුනේ..මොනවදෝ කියවපු ඒ දෙන්නගේ කතාව නතර වෙලා යද්දි ඈතට යන අඩි සද්දෙත් නැවතිලා ගියා

ම්න් එයාලා ගියා වගේ...

ආයෙත් මම ඔලුව තියන් හිටපු උණුහුම් කොට්ටේ අස්සේ මූණ හන්ගගත්තා

ඒත් මම මූණ හන්ගගත්තේ කොහෙද කියලා දැනුන ගමන් ක්ෂණිකව මම ඈත් වුනේ මට වෝට් තිස්තුන්දාහක්ම වැදුනා වගේ දැනෙද්දි

දෙයියනේ මම මෙච්චර වෙලා සැපට නිදාගෙන ඉදලා තියෙන්නේ යිබෝගෙ පපුව උඩ
මෙච්චර ඉඩ තියෙන ඇදේ මම ගුලිවෙලා ඉන්නේ එයාගෙම ඇග අස්සේ

මට හිතාගන්න පුලුවන් දැන් ඇයි මට සනීපෙට නින්ද ගියේ කියලා..
ලන් චාන්ගේ ඒ පුරුදු උණුහුමම මට යීබෝගෙන් දැනුනා ඒකයි මගෙ සැනසිලිදායක නින්දට හේතුව

අනේ මට එයාගෙන් එහාට වෙන්න ලෝබ හිතුනා...

එයා ඇහැරිලා බැන්නත් කමක් නෑ කියලා හිතපු මම ආයෙත් හොරා වගේ ඒ පපුව උඩම මගේ ඔලුව තියාගෙ ඇස් පියාගත්තා


DREAM  (WangXian  short ff Complete)Where stories live. Discover now