16

35 5 2
                                    







12 වෙනි තට්ටුවේ ඒ විදියෙ කළබලයක් සිද්ධ උනත්, 5 වෙනි තට්ටුවේ තිබ්බ staff rest room එක හරි සාමකාමීව තිබ්බා....

නින්දෙන් නැගිට්ට නම්ජුන් වටපිට බැලුවෙ තමන් තාමත් ඉන්නෙ rest room එකේද කියලා conform කරගන්නයි....
බෙහෙත් වලට තාම මත් ගතියක් දැනුනත් නම්ජුන් ඇඳෙන් කෙලින් වෙලා ඉඳගත්තෙ තවත් එයාට නිදන් ඉන්න ඕන නැති නිසයි....
ඒත් ඇඳෙන් බැහැලා යන්න තරම් ඇඟට fit ගතියක් නම්ජුන්ට දැනුනෙ නෑ....
ඒ නිසාම ඇඳෙන් වාඩිවුණු නම්ජුන් ඔලුව බිමට හරවන් කල්පනා කළේ ඇත්තටම මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරුවයි....










Namjoon's pov

මම ජිනීට කෑම කවලා එලියට ආවෙ canteen එකෙන් මොනා හරි ගන්නයි...
ඒකත් මගේ කැමැත්තෙන් නෙවෙයි...
ජිනීගෙ කටේ වදේටයි...
අතේ සල්ලිවත් හරියට නැතුවයි මම canteen එක පැත්තට ගියේ...

Job එකට නොගිහින් දවස් හතරක් වුනා...
ඊයෙ රෑ නිවාඩුවක් ඉල්ලලා managerට call එකක් ගත්තම ඒ මනුස්සයා ගත් කටටම කිව්වෙ දෙන්නගෙම රස්සා නැති වුනා කියලයි...
කොහොමත් ඒ මිනිහා හිතක් පපුවක් නැති එකෙක්නේ...
රස්සාව නැති කරපු එකේ පුදුමෙකුත් නෑ...
ඒත් දැන් ඉස්සරහට මොකද කරන්නේ??
Discharge කරාම ජිනීව බලාගන්න මොකක්ම හරි පොඩි job එකක් කරන්නම ඕනා...




මට හෝස්‍යොක්ට වද කරන්න බෑ සල්ලි ඉල්ලලා...
එයා දැනටමත් ගොඩක් වියදම් කරලයි තියෙන්නෙ...
අනික අපේ account වල මහ ලොකු ගාණකුත් නෑ...
ඒ නැතත් ජිනීගේ account එකේ සල්ලි ගන්න මට කොහොමටවත් බෑ...
ඉක්මණටම job එකකුත් හොයා ගන්න ඕනා කියලා කල්පනා කරන ගමන්මයි මම canteen එකට යන්න ආවෙ...


උදේටත් භාගෙට කාපු නිසාද කොහෙද මං හිටියෙ පොඩි තෝන්තු ගතියකින්...
අනික මේ ප්‍රශ්නත් එක්ක මට හැමදේම ගැනම කළකිරීමක් විතරයි ඇති වෙන්නේ...
එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව එකක් ඔලුවට කඩන් වැටෙනවා...
ප්‍රශ්න මතක් වෙද්දි ඇඟට දැනෙන්නෙ අමුතුම මළානික ගතියක්...
සැරින් සැරේට විසි වෙන ගතියකුත් දැනෙනවා...
සමහරවිට ඒ බඩගින්නෙ ඉන්න නිසා වෙන්න ඇති...
එක ප්‍රශ්නයක් ගැන කල්පනාව හිතින් අයින් කරලා දාද්දි තව ප්‍රශ්නයක් ඔලුවට එනවා...





My Beloved Begonia🌺🌺Where stories live. Discover now