26

24 5 4
                                    



මාස 4ක්!!!!

හෝස්‍යොක්ගෙ ගෙදර පදිංචියට නම්ජින් දෙන්නා ඇවිල්ලා දැනට මාස 4ක්...

ඒ මාස 4ට ඒ වහල යට සිද්ධ උන දේවල් ගැන කිව්වොත්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ස්‍යොක්ජින් ටික ටික සනීප උනා...
මුල් මාස 2දි සති 2න් 2ට clinic යන්න උනා...
ඊට පස්සෙ ඉඳන් මාසෙකට වතාවක් යන්න උනා...
තුවාලය සම්පූර්ණයෙන්ම වේලිලා ගියා වගේම කැළල විතරක් යන්තම් ඉතිරි උනා...
කැළැල් මැකෙන්න පොඩි පොඩි treatments ටිකක් කලා උනත් සම්පූර්ණයෙන්ම කැළල මැකෙන්න තව කල් යන බව doctorsලා කිව්වා...
.
.
.
.
.
තුවාලය සනීප වීමත් එක්ක ස්‍යොක්ජින් තමන්ගෙ වැඩ තනියම කරගන්න පුළුවන් තැනට පත් උනා...
අතපසු උන lectures ටිකත් පුලු පුලුවන් විදියට manage කරගත්ත ස්‍යොක්ජින් එයාගෙ පලවෙනි monthly test 2 down උනාට, ඊලඟ මාසෙ ඉඳන් තමන්ගෙ grades ආයි තිබ්බ ගානටම ගන්න එයාට පුළුවන් උනා...
Badge matesලාට හොඳ තරඟයක් දීපු ස්‍යොක්ජින් දෙවෙනි උනා නම් උනේ නම්ජුන්ට විතරයි...
ස්‍යොක්ජින්ට අතපහු උන හැම පාඩමක්ම අඩුවක් නැතුව කියලා දීපු හේතුව නිසා නම්ජුන් හුඟක්ම දැනුම අතින් සන්නද්ද වෙලයි හිටියේ...
ඒ දෙන්නගෙම පාඩම් වලට ලෝබ නැතුව උදව් දීපූ හෝස්‍යොක් ඒ දෙන්නටම විතරක් දෙවෙනි උනේ, මේ පාර exams වලින් වැඩිම ලකුණු එක්ක golden marks තුනකුත් මේ 3දෙනා ලබාගනිද්දියි...
.
.
.
.
.
Campus life එක ඒ විදියට ගෙවෙද්දි, දවස පුරාවටම පාඩම් එක්ක ඔට්ටු වෙලා හිටිය නම්ජින් දෙන්නා හරි ඉක්මණට එයාලගෙ අඳුරු දවස් යටගහන්න උත්සහ කලා...
ඒ දෙන්නා ආයි පරණ විදියටම යාලුවෝ වගේ ඉන්න උත්සහ කලා...
එකිනෙකාට comfortable විදියට ජීවත් වෙන්න එයාලා උත්සහ කලා...
.
.
.
.
.
ස්‍යොක්ජින්ගෙ තුවාල වගේම නම්ජුන්ගෙ අසනීපය පවා හුඟක් හොඳ අතට හැරුනා...
එකිනෙකාව care කරන ගමන් එයාලා එයාලව බලාගත්තා...
හොඳම යාලුවා විදියට හෝස්‍යොක් එයාලට පුදුම සහයෝගයක් දුන්නා...
.
.
.
.
.
නම්ජින් දෙන්නා කොච්චර උත්සහ කලත් හෝස්‍යොක් එයාලට රස්සාවක්වත්, නවතින්ම වෙන තැනක්වත් හොයාගන්න දුන්නෙ නෑ...
හෝස්‍යොක් එයාලට හැම තිස්සෙම කිව්වෙ,
' degree එක අරන් ඕන දිහාවක පලයල්ලා... '
කියලයි...
.
.
.
.
.
.
.
.
.
මේ මාස 4ට ස්‍යොක්ජින් හුඟක් තේරුම් ගත්ත දෙයක් තිබ්බා...
ඒ එයාට වෙනස් විදියට හැසිරෙන්න යන එකෙන් වෙන්නෙ තියෙන දේවලුත් තව අන්තෙට යනවා කියම එකයි...
.
.
.
.
.
3වෙනි මාසය මැද්ද දවස් වල ස්‍යොක්ජින් නම්ජුන්ගෙ හිත වෙනස් කරන්න හිතන් කෙල්ලොන්ව set කරවන්න හැදුවා...
ඒත් ඒ හැම.එකක්ම තනිකරම අසාර්ථක ව්‍යාපෘති වෙලා ගියේ, නම්ජුන් හරි ආඩම්බරයෙන් ඒ හැම කෙල්ලටම ' මම gay ' කියලා කිව්ව නිසයි..
එතනින් සැලුනෙ නැති ස්‍යොක්ජින් ටිකක් අවුලෙන් උනත් කොල්ලොන්වත් set කරවන්න හැදුවා...
ඒත් නම්ජුන් හැම වෙලේම තැනේ හැටියට ඇණේ ගහලා බේරෙන්න දක්ශ උනා...
.
.
.
.
.
මේ කරපු හැම දේකට හෝස්‍යොක්ගෙ තිබ්බෙ දැඩි අප්‍රසාදයක්...
මොකද එයා නම්ජුන් ගැන දැනන් හිටියා...
නොලැබෙන බව දැන දැනත් ස්‍යොක්ජින්ට ආදරය කරන්න තමන් ගත්තු ආත්මාර්ථකාමියි තීරණය ගැන නම්ජුන් හිටියෙ ලොකු ආත්ම විශ්වාසයකින්...
.
.
.
.
.
ස්‍යොක්ජින් එයාගෙ මගුල් කපුකම් වැඩේ අතෑරලා දැම්මෙ 4වෙනි මාසෙ 2වෙනි සතියෙදිමයි...
මගුල් කපුකම් plan එක කෝමත් අවුල් වෙන්න හේතු උනේ, එයාලගෙ badge එක degree එකට මුල්තැන දීපු studentsලාගෙන් පිරිලා තිබ්බ නිසයි...
Dating කරපු සමහර couples පවා ටික කාලෙකට වෙන් වෙලා studies වලට ඔලුව දෙන්න තීරණය කරලා තිබ්බ කාලයක් ඒක...
.
.
.
.
.
.
.
.
හෝස්‍යොක්ගෙ ගෙදරදි නම්ජුන්, ස්‍යොක්ජින් වගේම හෝස්‍යොක් හුඟක් නිදහසෙ පාඩුවේ කාලය ගත කලා...

My Beloved Begonia🌺🌺Where stories live. Discover now