24

1K 227 50
                                    

"මරුවා සමග වාසය" යන්න යුවිනු මීට පෙර අසා තිබුණ ද එය කෙලෙසක හැඟෙන්නේ ද යන්න පිලිබඳව ඔහුට දැන් හොඳින්ම වටහා ගැනීමට හැකිය. තමන් මෙපමණ කාලයක් තිස්සේ විහාරා සමග තැන තැන ඇවිද ඝාතකයා සෙවීමට උත්සහ කළ ද සැබෑ ඝාතකයා යුවිනු සමග එකම නිවසේ වාසය කර තිබිණි.

විහාරා දිගටම යුවිනුට ඇමතුවේ ඇයට ඇතිවූ කුතුහලය සන්සිඳුවා ගැනීමටයි. නමුදු යුවිනුගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. යුවිනු පිස්සෙක් මෙන් කල්පනා කරන්නට විය. එක් අතකින් ගතහොත් තිසංසා යුවිනුගේ සහෝදරියයි, තම මවට සහ පියාට සිටින එකම දියණියයි. තවත් පසෙකින් යුවිනුට සිටි එකම සහෝදරයාගේ ඝාතකයා මෙන් ම යුවිනු පණ මෙන් ආලය කරන තිසුර මරා දැමීමට තැත් කළේ ද ඇයයි. මේ වන විට තිසුර ආගිය අතක් නොමැති වීමට ද හේතුව ද ඇය විය යුතු බව ද යුවිනු සැක කළේ ය.

කෙසේ වෙතත් යුවිනු ඒ වන විටත් විහාරා ට තමන් ඝාතකයාව හඳුනාගත් බව පවසා හමාරය. මිය ගිය පිරිසට සහ ඔවුන්ගේ පවුල් වල අයවලුන්ට සාධාරණයක් ඉටු විය යුතු බවට යුවිනු විශ්වාස කළේ ය. කිමද එදින උදාවන විටත් යුවිනු ඝාතකයා තමන්ගේ සහෝදරයාට , තිසුරට සහ තිසුරගේ සහෝදරයාට කළ දේවල් පිලිබඳව අධික කෝපයකින් පසු විය.

විහාරා දිගින් දිගටම යුවිනුට ඇමතුම් ලබා ගත් අතර යුවිනුට ඒවාට උත්තර දීමට තරම් සිහියක් නොවීය. දුරකතන ඇමතුම් ඔහුට හුදෙක් කනදොස්කිරියාවක් පමණක් විය. ඔහු සිටි තැනින් නැගී සිටියේ එක් වරම යමක් සිහි වීමෙනි.

දහවල් යුවිනු තිසංසාගේ වාහනයේ cabby එක විවෘත කිරීමට යන විට ඇය ඔහුව වැලැක් වූ අතර නිසැකවම වැදගත් යමක් එහි තිබෙනු ඇති බව යුවිනු සැක කළේ ය. ඒ වන විට රෑ බෝ වී තිබුණු අතර යුවිනු නිවසින් පිටත මිදුලට ගියේ නවතා තිබුණු තිසංසාගේ වාහනය ඇතුලත විපරම් කර බැලීමටයි. ඔහු පිටතට පැමිණෙන විටදී නිවැසියන්ගේ ඇස නොගැටී සිටීමට ද යුවිනු ප්‍රවේසම් විය.

වාහනයේ රියදුරු අසුන මග හැර අනෙක් පස දොර අසලට ගිය යුවිනු දොර විවෘත කර වාහනය තුලට නැග ගත්තේ ය. ඉන්පසු තම දුරකතනයේ විදුලි පන්දම දල්වා එහි ආලෝකය ආදාරයෙන් cabby එක විවෘත කරන්නට සැරසුනි. ඒ වන විටත් යුවිනුව ගැහෙන්නට වූ අතර එහි තමන් සැක කරන පරිදි යමක් තිබුණහොත් කුමක් කරන්නේ දැයි යන්න පිලිබඳව පවා ඔහුට සිතාගත නොහැකි විය. නමුත් එය සිත සිත ලතැවීමට කාලය ද නොවීය, හදිසියේ හෝ යමෙක් එතනට පැමිණියහොත් දීමට නිදහසට කරුණක්වත් යුවිනුට නොවීය. ඔහු cabby එක විවෘත කළ අතර එයට පන්දම එල්ල කරමින් පරීක්ෂා කළේ ය. ඔහු සිතූ පරිදි සැක සහිත කිසිවක් එහි නොතිබුණු අතර වාහනයේ ලියකියවිලි යැයි කිව හැකි කඩදාසි කිහිපයක් සිගරට් පැකට්ටුවක් සහ ලයිටරයක් එහි විය.

ලෝහිත Where stories live. Discover now