***
ගොළු හදවත..01වැහැරී ගිය හැට්ට රෙද්දේ පැහැය ද කෙමෙන් කෙමෙන් වියැකී,ඇති අතර ඇයද හැට්ට රෙද්ද මෙන්ම වියැකී ගොස් ඇති බව සීවලී මැණිකාට සිතෙන්නට විය..කැඩුණු පැල්කොටේ තුළ,වියැකී යන ඇය මෙන්ම,කුස්සියද දිරාපත්ව යන සැටි ඇයට දැනෙන්නට විය..
අතීතයේ දිනක ඇය දුටු පිරිපුන් ගැහැනිය අද මස් කඳක් නැති දර කෝටුවකට සමාන කළ හැකි බව ඇයට දැනිනි...
ඇය තමා ඇගේ ගැබ තුළ සිටිනා බව දැනගත් දාම තම පියා දමා පලා ආ සැටි ඇයට එල්ල වූ නේක විද අපහාස,ඇය සැබැවින්ම වීර්යයයෙන් තමා රැකගත් මවයි..සීරුණු දෑත් පය,වණ වී තුවාල වන තෙක්ම,අතේ සතයක් නැති කමට ඇය කොස් පොළොස් කඩා ගව් ගනන් දුර ගෙවා පොළ වෙත ගාටන්නීය...
යන එන තාන්න මාන්න වලින් හෙබි බොහෝ ගරු ගාම්භීර මහා උත්තමයෝ ඇයව කෙලෙසන්න මඟ බලා සිටියද,ඇය ඒ කිසිත් සීවලී මැණිකාට කරදර නොවන ලෙස සිදු කලේ,ඇගේ ආර්ථික හිඟතාවය නිසාමය..."මොකෑ උබ මා දිහා බලන් කොරන්නේ.."රං මැණිකා කොස් පලුවකට කැත්තෙන් තඩිබාන ගමන සීවලී මැණිකා ඇගේ දෙස බලා සිටින බව දැක්මෙන් ඇගෙන් හේතු කාරණා විමසුවද සීවලී මැණිකා කිසිත් නොදෙඩුවාය...
තවමත් දහසය හැවිරිදි කෙලි ලොල් වියේ සිටින ගැටිස්සියක වූ සීවලී මැණිකා ඡීවිතේ අපමණ තරම් තමා වෙනුවෙන් දුක් විඳින මව් දැක දහස් වාරයක් තම සිතැඟින් හැඬුවාය...
දවස් පතා සති පතා ඇය වියැකී යද්දී,අතීතයේ ගමේ සැවොම දෙනාගෙන්ම සුන්දරම යුවතිය වූ තම මව් වුන රං මැණිකාට එසේ සිදුවීම සීවලී මැණිකාව කම්පනය කළේය.."උබලා දැන් අපටත් ගොරවන්ට පටන් ගත්තද..ඈ බන් සීවලියේ!"රං මැණිකා තමා අතේ ගෑවුණු කොස් කිරි,ඉතිරි වී ඇති පොල්තෙලෙන් පිසදාගත්තාය...
"අම්මණ්ඩිට ඇහැක් නම් මට කොරන්ට රස්සාවක් හොයලා දීපල්ලකෝ.."ඇහෙන නෑහෙන ගානට පිල් ගැට්ට උඩ වාඩිවෙලා මෙතෙක් වෙලා මීයට පිම්බ සීවලී මැණිකා කටහඬ අවදි කළාය..
"ඈ බන්,උබ මොනවද කුටු කුටු ගාන්ටේ..,ආ අර සියදෝරිස්ලයේ ගෙදරට ගොහින් මේන් මේ කොස් පලුව දීලා ඔය පලා මල්ලක් උස්සන් වරෙන්.."රං මැණිකා
කොස් පලුව දෙකට කපා සීවලී මැණිකාට දිගු කලාය..