ගොළු හදවත 02

71 12 7
                                    

***
⁣තමාගේ අතීත ඡීවන ඇත්තාට වුව මෙපමණයි කියා නිම කළ නොහැකි,වස්තු සම්භාර දී රැකගත් ⁣ඒ පොළෝ තලය මත ඇණ තබාගත් සීවලී මැණිකා,තමාගේ දිරාපත් වී ගිය පැලෙහි කැඩී පැහැය සේදී ගිය ගඩොල් බාගයේ,අම්බරුවන්ගේ ගොම තල්ලි තම දෑතින්ම ගෙන ඇතිල්ලුවේ කිසිදු ඡුගුප්සාඡනකත්වයක් නොමැතිව,ය..

ගොම පුසුඹ නාස් කුහර තුලින් රිංගා යන්නේ,මෙතැකින් කියා ඔවුන්ගෙන්ද නිම කළ නොහැකි සේවයක් පොළෝ තලයට සිදුකරනා බව සීවලී මැණිකාට පසක් කර දීමය..දහඩියෙන් තෙත්ව ගිය උවනත දෑතෙහි පිට අල්ලෙන් පිස දමන සීවලී මැණිකා නැවත නැවතත් කැඩුණු බිත්තියට ගොම තල්ලි එක් කළේ,රං මැණිකා බතල අල හතර පහ ඉඟටියට තබා ගෙන කඩුල්ල පැන පැමිණෙද්දිමය...

"උබ බිත්ති බඳිනවද.."⁣ඉඟටියට තද කොරාන ආ බතල අල හතර පහ පිල්කඩ උඩ වට්ටියට දැමූ රං මැණිකා හැට්ට රෙද්දෙන් දහඩිය පිසලාගෙන පිල්කඩ උඩ වාඩිගත්තාය..
"ම් මේන් මේ ටික බැඳලා දැම්මාම හරියයි කැඩෙන ⁣ඩිංගවත්.."සීවලී මැණිකා නැවතත් ගොම තල්ලියක් ගෙන බිත්තියට ගසා සීරුවෙන් දෑගිලි වලින් තද කරන්නට විය..

"මේන් මේ බලහන්.."රං මැණිකා කරගැට ගැසුණු අල්ල සීවලී මැණිකාට පෑවේ,
"අපේ අප්පේ!,මේ සියඹලා නෙවැ.."ගැමි ⁣ගැටිස්සියකට සුන්දර ම වූ සිනහව සීවලී මැණිකා පෑවේ ඇය බොහෝ සියඹලා කෑදරියක වූ බැවිනි..දෑතම කට කැඩුණු කළයට දැමූ සීවලී මැණිකා,"ඡොග ඡොග"ශබ්දයෙන් දෑත එහි අතුල්ලා එළියට ගෙන ගසාගන්නට විය..
ඇණ තබාගත් තැනින් නැගිට ගත් ඇය දෑතම චීත්ත රෙද්දෙන් අතුල්ලා ගෙන රං මැණිකා අසලට ගාටන්නට විය..

"⁣තොගේ කෑදරකම!"රං මැණිකා ඇගේ අත්ලට, කඩාගත් සියඹලා දමාගෙන අත පිහිදාගෙන පැල තුළට ගාටන්නට විය..
"ඔය දර ඇල්ලූ ඡනෙල් කට්ට හදාගත්තනම් අපට සෙතක්..රෑට එන දහදුරා සත්තුන්⁣ට ඕවා රඡ දොරවල්.."රං මැණිකා බතල අල තම්බන්නට රැස්වුණේ,පින්න වැටෙන ඡාමේ වුව කන්න යමක් නොතිබ්බ නිසාවෙනි...

"මේ මෙව්වා උබලට කොහෙන්ද.."සියඹලා එක දෙක කටෙහි ඔබාගන්න ගමන් සීවලී මැණිකා අසන්නට විය...
"ආන් අර සියදෝරිස්ලයේ පොඩි එකී,පොළ⁣ට ගාටන ගමන් ඉද්දී සීවලී අක්කණ්ඩිට දෙන්නය කියලා දීලා ගියා නෙව..!"

THE DUMB HEARTTahanan ng mga kuwento. Tumuklas ngayon