කෙටි කතාවකි..

286 39 8
                                    

#අළු_පරෙවි  🖤

___________________________________________

දවසක් අම්මයි තාත්තයි දෙන්නම හිටියේ නෑ ගෙදර.. මායි අයියයි විතරයි ගෙදර ඉඳියේ..

"ඉස්සර වගේ නෑ.. දැන් කෑමත් හිඟයි, නේ නෝනේ.."

"ම්.. ඔව්, අහන් ලොකූ පුතේ.. මල්ලිව බලා ගනින්.. අපි එද්දි ටිකක් හවස් වෙයි.."

මේ කාලේ කෑම හිඟයි.. ඒක අපි දෙන්නට හොදටම දැනුනා. වෙනදා ගේන රස කෑම අම්මා ගෙනාවෙත් නෑ තාත්තා ගෙනාවෙත් නෑ.. පරිප්පු ඇට, මම ආසම ඒවට..
එදා තමයි මට මෙහෙම උනේ.. අයියයි මායි වැස්සෙ තෙමෙන්න ගියේ හිටපු ගමන් වැස්ස නිසා..ඉරත් පායලා, යාන්තමට එදා ඒත් වැස්සා..

"අව්වයි - වැස්සයි
                  නරියගෙ - මගුලයි.."

අපි වැස්සෙ පොඩ්ඩක් තෙමුනේ කාලෙකින් වැස්ස නිසා.. හිතුවෙවත් නැති වෙලාවක කරදරයක් උනා.. අයියා නොහිටින්න අද මම නෑ මේ ලොකේ.. මගෙ කකුලක් කැඩුනේ එදයින් පස්සෙ.. අම්මායි තාත්තයි ගොඩාක් දුක් උනා.. තාත්තා උදේ හවස වෙනදට වඩා ගෙදර ආවා. ඒ ආවේ බෙහෙත් අරන්. මගෙ කකුල සනීප උනේ ඒ හින්දමයි.. ඒත් මම තාමත් කොර ගහනවා..

මම එන්න එන්නම ලොකු උනේ කකුලේ කොරෙත් එක්ක..
හැමෝම මට විහිළු කලා. මට විහිළු නොකරපු අය උනේ අයියයි අම්මයි තාත්තයි විතරමයි.. ස්කොලේ යද්දි මට හැමෝම කිව්වෙ නොන්ඩියා කියලා.. සෑහෙන්න දුක හිතුනේ මම බැරිමර ගාතෙ අවිදින කාලෙ මගෙ කකුල් ලස්සනට තිබුන නිසා.. උපන්ගේ නැති අඩුවක් ගැන හැමෝම විහිළු කරද්දි මම ඇඬුවා.. ඉස්කොලෙදි අයියා ඒ වගේ උන්ට අම්බානෙකට නෙලලත් තියනවා..

ඒ වගේ රණ්ඩු උන දවසක්දා තමයි අයියට ස්කොලේ තහනමක් වැටුනේ. එදයින් පස්සෙ අයියා ස්කොලේ ආවේ නැ. මටත් ගොඩක් අය විහිළු කලේ නැ. මගෙ ලොකේ විරොයො දෙන්නයි.. ඒ තාත්තයි අයියයි..
අයියා නම් ලඟකදි ඉඳන් පටලැවිල්ලක් කරගෙන තිබුනා අක්ක කෙනෙක් එක්ක.. අයියා ගෙදරින් ගියේ අම්මටයි තාත්තටයි කියලා.. ඒ උනත් ඌ නැති ගෙදර පාළුවට ගිහින්..

ඔන්න ආයෙ අපේ අම්මා ප්‍රෙග්නට් උනේ ඊට පස්සෙ.. තාත්තයි අම්මයි වෙනම තැනක පදිංචියට ගිහින් තිබුනා.. අපි ඉඳපු ගේ මගෙ නමටම ලියලා තිබුනා අම්මා.. හරිනම් මම, මටම කියලා ගෙයක් හදාගන්න ඕනේ වයස මේ..

අළු පරෙවි 🖤Where stories live. Discover now