08

134 25 27
                                    

_________________________________________

You'll find out...
_________________________________________

යන්තමින් වැටෙන හිරිපොද ජන්කුක්ගේ මුහුණ සිපගන්නකොට ඔහුගේ නිවසේ බැල්කනියේ අයිනක බිම වාඩිවුණු ජන්කුක් ඇස් පියාගත්තා.



නම්බුකාර පොහොසත් පවුලක සාමාජිකයෙක් වුනු ජන්කුක්ට කුඩා කාලයේ ඉදලම නොලැබුණු සමහර අත්දැකීම් ලබාගන්න හිතාගෙන ඔහු වසර දෙක තුනක් විනෝදයට කෙරුව පාට් ටයිම් ජොබ්ස් වලින් ලැබුණු මුදල්වලට කරන්න දෙයක් නැති තැනයි ජන්කුක් නිවසක් මිලදීගත්තේ.



පුංචි ගාඩ්න් එකක් එක්ක මහල් දෙකකින් යුතු වුනු පොඩි වුනත් ලස්සන පෙනුමක් තිබුණු ඒ නිවස තමයි ගොඩක් වෙලාවට සති අන්තෙදි ජන්කුක් වගේම ජිමින් මුණගැහෙන තැන.



ඒ වගේම ජන්කුක්, ජිමින්, ටේහියුන්ග්, ඇමී ජැක්සන්, බෝගම්, ලීසා, වගේම අයිවි ඇරුණුකොට මේ නිවස ගැන ජන්කුක්ගේ පවුලේ සාමාජිකයින්වත් දැනගෙන හිටියෙ නැහැ.



ඇස් පියාගෙන හිරිපොද ගැන ගානක් නැතුව හිටිය ජන්කුක් ටික වෙලාවකින් මුහුණට දැනෙන හිරිපොදවල සීතල නොදැනී යනකොට හිමින් ඇස් ඇරියා.



"ජිමින්?"



උණුසුම් කෝපි කෝප්පයක් එක අතකින් අරගෙන අනිත් අතින් ජන්කුක්ගේ මුහුණේ වදින හිරිපොද වලක්වන්න ඔහුගේ මුහුණ ඉස්සරහින් අත තියාගෙන ඉන්න ජිමින්ව දැක්ක ජන්කුක් අහනකොට ජිමින් ලාවට හිනාවුණා.



"කොෆී?"



කෝපි කෝප්පය ජන්කුක්ට දෙනගමන් ජිමින් කියනකොට යන්තමට හිනාවුනු ජන්කුක් කෝපි කෝප්පය ඔහු අතට ගත්තෙ ඔහු ලගින්ම වාඩිවෙලා හිටිය ජිමින්ට තවත් ලංවෙනගමන්.



"මම හිතුවෙ ජිමින් චේන්ජ් කරගන්න ගියා කියලා. මේ සීතලේ නෑවද?"



කෝපි කෝප්පය බිමින් තියන ගමන් ජිමින්ගේ තෙත්වුනු හිසකෙස් අතරින් අතැගිලි යැව්ව ජන්කුක් කියනකොට ජිමින් ඔහු ඇදගෙන හිටිය සුදු පැහැ කමිසයට ගුලිවෙන ගමන් ජන්කුක් දිහා බැලුවා.



Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Sep 08, 2023 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

Echoes Of Us | jikookOnde histórias criam vida. Descubra agora