Overdose on love 🥀✨️

249 50 52
                                    

මඳ සුළඟත් එක්ක දැවටිලා එන Cherry Blossom මල් සුවඳ....

වෙනදා වගේමයි කිසි වෙනසක් නෑ.......

මම ඒ සුවඳ වෙනදා වගේම අදත් වින්දා......

හීන් හිරිපොදයක් වැටෙන නිසා මම ඈත බැලුවේ උඹ අද නොඑයිදෝ කියන සැකයේ එක්ක.......

ගස් වල කොල හෙලවෙන සද්දෙ,වැහි බින්දු පොළොවට වැටෙන සද්දෙ,හුළං හමන සද්දෙ පවා රස විඳින්න පුළුවන් විදියට මෙතන තියෙන නිස්කලංක බවට මං පුදුම විදිහට ආදරේ කලා......

සුළඟට ගසා ගෙන ආපු cherry bloosom මල් දෙකක් රැඳුනෙ මගේ ගාව.....

ඒත් ක්ෂණය යි.......

එකපාරටම එක මලක් විතරක් රැඳිලා අනෙක් මල වේගෙන් කොහෙටද ගහගෙන ගියා.

"හරියට උබෙයි මගෙයි ජීවිත වගේ"

දිග හුස්මක් හෙලන ගමන් මම එහෙම හිතුවේ ඈතින් මතුවෙන උබේ රූපෙ දිහා බලාගෙන.

හ්ම්ම්............

වෙනදා වගේම මම ආසම සුදු රෝස මල් පොකුරක් අරං ඇස් වල කඳුළු පුරෝගෙන උඹ දණගැහුවෙ මගේ සොහොන ඉස්සරහ.

"උඹ කොහොමද Angel...මෙච්චර ඉක්මනට මාව දාලා ගියේ? අපි කොච්චර නම් හීන මැව්වද ?ඇයි උඹ මට මෙහෙම කලේ?"

ඉකි ගගහ අඩ අඩ උඹ අහන්නේ මගෙන්. ළඟට ගිහින් උඹේ උරහිසට අත තිබ්බත් උබට ඒක දැනුනෙ නැහැ.

"මෙතන උඹ ඉන්නවා කියලා මට දැනෙනවා.මම කියන දේ උඹට ඇහෙනවා කියලා මට හිතෙනවා.උඹට මගේ දුක දැනෙන්නැද්ද කුකී? ඇයි මම ළඟට එන්නෙ නැත්තෙ?"

පොඩි එකෙක් වගේ අඬ අඬ අහද්දි මටත් ඕන උනේ ඉස්සර වගේම උබව මගෙ පපුවට තුරුල් කරගන්න.

අඬන්න එපා කියලා ඔලුව අතගාන්න. නළලට හාද්දක් දීලා ඕනි දේකට උඹේ එක්ක ඉන්නවා කියන්න. උඹ සැනසුනාට පස්සේ ඔය පපුවට තුරුල් වෙලා මට සැනසෙන්න...........

ඒත් කොහෙද ඉඩක්? උඹයි මායි ලෝක දෙකක. මගෙ සොහොනට පිටදීලා ඉඳගත්ත උඹ දිහා බලන් මම ගියේ අපේ අතීතෙට.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Overdose on love 🥀✨️ (Short Story) (Completed☑️)Where stories live. Discover now