21st part

356 44 7
                                    


දවසේ ඉතිරි හරිය සාමාන්‍ය විදියට ගෙවිලා ගිහින් තීරණාත්මක ඉරිදා දවස පටන් ගත්තා... අපිට සතියෙ අග ක්ලාස් තියෙනවා... ඊයේ වොලිබෝල් ප්‍රැක්ටිස් නිසා යන්න බැරි උනත් එක්සෑම් මේ අවුරුද්දෙ නිසා ක්ලාස් පාඩු කරගන්න බෑ... ඒ නිසා උදෙන්ම සතියයි අදියයි මායි ක්ලාස් ගියා... අපි ක්ලාස් යන්නෙ මේ පැත්තෙ තියෙන Zero institute එකේ... ඒලෙවල් සබ්ජෙක්ට් හැම එක්කම වගේ ක්ලාස් තිබ්බා එකේ...

ගොඩක් තරුණ ගුරුවරු හිටිය නිසා ළමයිත් ගොඩක් හිටියා වගේම රිසාල්ට් පවා හොද නිසා සෑහෙන්න තවත් ළමයි අලුතින් ආවා... අපිට අද ගඟනගෙ ගෙදර යන්නත් තිබ්බා... ක්ලාස් ඉවර උනාට පස්සෙ තමා අපි සෙට් එක යන්න කතා උනේ... ගඟනත් zero එකේ අද ක්ලාස් එන නිසා එයා එක්කම දවල්ට එයාලගෙ ගෙදර යන්න අපි කතා වුනා...

අපිට උදේ බයෝ පටන් ගත්තා උදේ 6ට...
6 - 9 බයෝ, 9.30 - 12.30 කෙමිස්ට්‍රි... ගඟනට ක්ලාස් තියෙනවා කිව්වේ 6 - 9 මීඩියා... 10 - 1 සිංහල... අපි ක්ලාස් ඉවර වෙලා ගඟන එනකල් පාර අයිනට වෙලා හිටගෙන ඉද්දි දැක්කෙ අපේ යශා අයියා බයික් එකේ කෙල්ලෙක් එක්ක යනවා...

" ශෙනුවා... අර උබේ යශා අයියා නේද..."

" ඒ බං කවුද ඒ කෙල්ල... පට්ට කියුට් බං... බලපංකෝ මුකුලු කර කර යන හැටි... යශේන් අයියගෙ කෙල්ලද බං ඒ... "

" ඌට කොහෙන්ද බං කෙල්ලො... නිවාඩු ආවත් මොකාද වගේ ගෙදරට වෙලා බුදියනවා... "

" උබ වගේම නැතුවෑ... "

" පල යන්ඩ මං එහෙම නෑ... "

" මං ආවෝ... යමුද... "

එලියට වෙලා ඔහේ කියව කියව හිටිය අපි සෙට් එකට අදියා යශේන් අයියා කෙල්ලෙක් එක්ක බයික් එකේ යනවා දැකලා පෙන්නුවා... ඒ අස්සෙ සතියා පට්ට කියුට් කෙල්ලෙක් කිය කිය නහිද්දි මං කල්පනා කලේ කෙල්ල ටිකක් මට හුරුයි වගේ නිසා... මං දන්න තරමින් ඌට කෙල්ලෝ නෑ... කවුරු වෙන්න ඇද්ද කියලා කල්පනා කර කර හිටිය මං පියවි සිහියට ආවේ ගඟන පිටට ඩෑෂ් පාරක් දීලා කරට අතදාගෙන යමු කිව්ව පාර...

" අදනම් අම්මා ගෙදර ඉන්නවා... යමු මං කිව්වා යාලුවො වගයක් එනවා දවල්ට එයාලටත් එක්ක කෑම හදන්න කියලා... "

OUR STORY  ☑️Where stories live. Discover now