59th part

147 20 4
                                    

මගේ හදවත නතර උනා වගේ දැනුනා... හසලිවත් වඩාගෙන එයා නොදැනුවත්වම අඩිය තියලා තිබ්බේ සාලේ වතුර හැලුන තැන... ශෙනූ වැටෙන්න ගිය විදියට වැටුනනම් කෙලින්ම ඔලුව පිටිපස්ස වදිනවා ටයිල් එකේ... ලොකුයි පොඩී දෙන්නා ආවේ නිකන් දෙයියෝ බැලුවා වගේ...


" අනූනවයෙන් බේරුනේ බං... "


" සිහි කල්පනාවෙන් ඇවිදිනවා ශෙනූ ළමයාවත් වඩාගෙන... මගේ පණ ටික ගියේ නැති එක විතරයි... "


අයියලා දෙන්නම දෙපැත්තෙන් අල්ලගෙන ඉද්දි බය වෙච්චි පාරට ඒ දෙන්නාට දාඩියකුත් දාලා තිබ්බා... ශෙනූ වැටුන විදියට කෙලින්ම ඔලුව පිටිපස්ස වැදෙන්නේ බිම... අපේ ඇගේ ලේ වතුර වෙන එක සාධාරණයි... ආව බයත් කේන්තියත් එක්ක මං ශෙනූ ඉස්සරහ යකා උනේ එයානම් වෙනදා වගේම කටත් උල් කරගෙන මගේ දිහා බලන් ඉද්දි...


" දැක්කේ නෑනේ ඉතිම්... "


" දැක්කේ නෑ නෙමේ සිහිකල්පනාව නෑ කියනවා... දෙන්න හිතයි... "


කොච්චර මට රැව්වත් මං හිටියේ කේන්තියත් බයත් අතර මැද්දක නිසා මං කරේ එයාට බැන්න එක...


" කෝ අපේ මනමාල මහත්තයා... "


" යෝහ් සතී කොල්ලාහ් කාලෙකින්... "


මටත් කට උල් කර කර රවපු ශෙනූව අයියලා දෙන්නා සෝෆා එකෙන් වාඩි කරවද්දිම බෝතල් කේස් එක්කුත් උස්සගෙන ආවේ සතී අයියා...


" මනමාල මහත්තයා තමා තව ටිකෙන් හොම්බෙන් යන්න ගිහින් අයියලා දෙන්නා අල්ලගත්ත නිසා හොදයි... "

බෝතල් කේස් එකත් ටීපෝ එක උඩින් තිබ්බ සතිර අයියාට මං විස්තරේ කියද්දි ශෙනූ ඇහුවේ බෝතල් ටික පෙන්නලා අපාට්මන්ට් එකේ සෙට් වෙයි කියලා...


" මං හිතුවෙ අපාට්මන් එකේ සෙට් වෙයි කියලා... "



" වෙනසකටත් එක්ක මෙහෙට එන්න හිතුවා... "



" ඒක හොදයි... කාලෙකින් මෙහෙ සෙට් උනේ... "


අපි ඉතිම් කොල්ලොනේ අනික පවුලේ වැඩිපුරම හිටියේ කොල්ලෝ... සෙට් එකම ඉස්සර නිතර හම්බුනත් අපි දැන් තියෙන වැඩත් ජොබ් එකත් එක්ක සතියට එක පාරයි හම්බෙන්නේ... එහෙම හම්බුන වෙලාවක ඉතිම් පොඩි ඩ්‍රින්ක් එකක් දාන එක අපේ සෙට් එකගෙ සිරිත...

OUR STORY  ☑️Where stories live. Discover now