65th part

378 22 10
                                    

" ශෙනූ පාත් වෙන්න... උන් ශූට් කරනවා..."

" ළමයි ටික... නෙතූ මිස්... නෑ වෙන්න බෑ... අනේ ගඟන අර පොඩි එකා... "

සර්ජරි රූම් එක අරිනවත් එක්කම ඇතුලෙ හිටිය අය smoke boomb එකක් එව්වේ මුලු රූම් එකම දුමෙන් වැහෙන්න... ඒ එක්කම ඇතුලෙ හිටිය කෙනෙක් ශූට් කරන්න පටන් ගත්තේ ගඟන මාවත් ඇදගෙන බෙහෙත් දාලා තිබ්බ රැක් එකක් පිටි පස්සට කවර් වෙද්දි... අදියා සුදූ දෙන්නා කොහේ ඉන්නවාද කියලා බලන්න හැරුන මම දැක්කේ පොඩි ළමයෙක්ව ඇපේට තියන් ඉන්න නෙතූ මිස්ව...

ඒ හිටියේ අපේ නෙතූ මිස් නෙවෙයි...

මට වැරදුනා... මේක උගුලක්... අපි ඒ උගුලට අහු උනා...

ඒකත් මගේ වරදින්ම...

🔫...

" සුදූ... "

අදියා එක්ක සුදූ හිටියේ ළමයි ගාව වෙද්දි ඩුප්ලිකේට් නෙතූ මිස් හිටියේ එක ළමයෙක්ව අල්ලගෙන නලලට ගන් එක තියාගෙන... ඒ එක්කම එයා කනේ ගහගෙන හිටිය ඉයර් බඩ්ස් වලින් මැසේජ් එකක් ආවා වගේ තේරෙද්දි ඩුප්ලිකේට් නෙතූ මිස් තියන් හිටිය පොඩි ළමයාව බිමට තල්ලු කරලා දාලා ඇරලා තිබ්බ දොරෙන් දුවන්න ගියා වෙද්දි ඒ මැද්දට පැන්න අදියාට වෙඩි තිබ්බත් ඒක වැදුනෙ සුදූට... අදියාට වෙඩි වැදෙන්න කලින් සුදූ මැදින් පැන්නා වෙද්දි සුදූගෙ වාසනාවකට වෙඩි පාර වැදුනේ අතට...

" අවුලක් නෑ අයියා අතට වැදුනේ... මං හොදින්... ඒක ඔයාගේ වරද නෙවෙයි අයියා..."

මං සුදූ දිහා බලන් හිටියේ වරදකාරී හැගීමෙන්... මං දන්නවා ඒකි ළමයින්ට ආදරේ නැතුව නෙවෙයි එහෙම කිව්වේ... මට ආදරේ වැඩිකමට කියන එක... ඒ මං පුංචි කාලේ ඉදන් බලාගත්ත මගේම නොවුනත් මගේම නංගි... කාටත් වඩා මං ගැන හිතන සුදූ මගේ ආරක්ශාව ගැන හිතලයි එහෙම කිව්වේ... ඒත් මං දුර දිග නොහිතා කරපු වැඩේ නිසා අපි හැමෝම ලොකු අමාරුවක වැටුන එකයි උනේ...

" ළමයි ටිකත් අරන් අපි යමු... "

අන්තිමට අපි ඒ රූම් එකෙන් ළමයි ටිකත් අරන් එලියට ආවේ ශනිල්ක අයියාගෙ අයට ළමයින්ව භාර දෙන්න...

" ඔෆිසර් විමංසන... "

පොලිසියෙන්... ඒ එයාගේ අය... අපි මේ කේස් එකට නිල වශයෙන් පොලිසියේ අයව ගාව ගත්තේ නැති උනත් මිනෝල් එක්ක ගඟනගෙ කීප දෙනෙක් මේකට එකතු උනා...  අනෝමාගේ කට්ටියගෙන් කරදර උනේ අපිට විතරක් නෙවෙයි... මුලු ඒරියා එකටම එයාලාගෙන් කරදර උනා... පොලිස් කේස් වැඩිම ඒරියා එක මේක වෙද්දි පොලිස් කේස්  දහයක් ගත්තොත් හතක් අටක්ම අනෝමාගෙ අයගෙන් වෙච්චි දේවල්... පොලිස් ලොක්කොත් මේවාට හවුල් නිසාම ගොඩක් කේස් පොලීසියෙන් යට ගැහුවා... මිනිස්සුන්ට සාධාරණේ ඉශ්ට නොවෙන නිසාම පොලිසියේ සමහරක් අයටත් ඕනි උනේ අනෝමාගෙ ගැන්ග් එකව කොහොම හරි නැති කරන්න...

OUR STORY  ☑️Where stories live. Discover now