🌺 අවාරය 43 🌺

2.8K 382 168
                                    

නාලා ඇඳුමකුත් දාගෙන බාතෘම් එකෙන් එළියට ආපු මං ,එයාගෙ මහන්සියෙන් එයා හදපු ගෙදර එයාගේම කාමරේ ඇඳ උඩ කකුල් දෙකත් උඩට අරන් එරමිණියා ගොතන් කාමරේ පුරා ඇස් යැව්වා..ගෙදර සම්පූර්ණ වැඩ ඉවර නොවුණත්,වැඩ ඉවර කරලා තිබුණ එයාගෙ කාමරේ
හැමදේම ලස්සනයි පිළිවෙළයි...ඒ පෙනුමෙන්ම උණත් හිත නිවෙද්දී කාමරේ තැනින් තැන ලස්සට අහුරලා තිබුණ,එදා ගමෙන් යද්දි අරන් ගිහිං සූට් කේස් වල පුරවලා තියේදිම හොරණ ගෙදර දාලා ආපු මන් නිතර පාවිච්චි කරන බඩු මුට්ටු නිසා,මෙහෙ ආවෙ අද උණත්,ඒ කාමරේ මගේම වගේ හැඟීමක් දැණෙද්දී ,දැනටමත් නුවී වෙනුවෙන් වෙන් වෙලා තියෙන මාරියෝගෙ පේන්ට් එකකින් හැඩ කරපු පුංචි ලී කබඩ් එකයි එතනම තිබුණ සෙල්ලම් බඩු කූඩෙයි ළඟ සෑහෙන වෙලාවක් ඇස් තියන් හිටියා...මේ ඔක්කොමත් අස්සෙ දැනෙන නොදැනෙන ගාණට කාමරේ පුරාවට එන ඕඩිකොලොන් සුවද නිසා හිතට දැනුණේ ම පුදුම තරම් සැනසීමක් වෙද්දි,තෙත කොණ්ඩේ අතින් ගසපු මං ඇද උඩ එහෙම්ම පෙරළිලා වම් අත තොල් උඩින් තද කරගත්තා....

"අපේ කාමරේ...ඔව්..දැන් අපි අපේ.."

ඊයේ හවස..ගලවලා එයාගෙ අතට දුන්න මුද්ද...ආපහු මගෙ වෙදැගිල්ලට වෙලා මං දිහා බලන් හිනා වෙනවා...පරණ එකම තමා..ඒත්...වෙනදට වඩා වටිනාකමක් ඒ මුද්දට අද ලැබිලා තියෙද්දි වෙනදා නොදැනුණ අමුතුම හැඟීමක් ඒ දිහා බලන් ඉද්දී අද මට දැනුණා..ඒ හැඟිමෙන් පපුව පිරෙද්දී මගෙ ඇස් අගින් කඳුලක් ගලාගෙන ගියා...ඒත් ඒ සතුටු කඳුලක් වෙද්දි,මට දැන් ටිකකට කලින් සිද්ද උණ දේවල් එකින් එක ආපහු මතක් උණා...
.
.
.
ගෙවිලා ගිය හුගාක් නරක කාලෙකට පස්සෙ අපිට හයියක් උණ ,අපි වෙනුවෙන් කඳුලක් හෙලපු හැමෝගෙම මූණු වලට හිනාවක් ගේන ගමන් අන්තිමේ  අපෙ ආදරේ ගැන බය නැතිව අපි මුළු ලෝකයක් ඉස්සරහා කිව්වා..හැංගී හැංගී වෙස් බැඳපු අපි අන්තිමේ එළිපිට නටන්න ගත්තා... නින්දා අපහාස හිත් රිදීම් ,බිඳීම් පිරුණ අමාරු කාලෙකට පස්සෙ,සුබ පැතුම් විහිළු තහළු ආශිර්වාද කිරීම් මැද්දෙ අපි හිනා උණා..

පහුගිය දවස් ටිකේ දුක විතරක් පිරුණු ලෝකෙක අතරමන් වෙලා උන්න මාව ආපහු ඒ ලෝකෙන් එළියට අරන් එන්න එයාලට පුළුවන් උණා...එයා මම නුවී කවදාවත් නැති තරම් නිදහසේ හිනා වෙද්දි අපි තුන් දෙනාම ගිහිං අපි වෙනුවෙන් ඇවිත් තිබුණ අය එක්ක කතා කරා...චූටික්කිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් සුධර්ම,එයාගෙ පවුලේ අය,අයියාගේ පීටෙ වගේම ගමේ යාළුවෝ,චූටි බබත් අරන්ම ඇවිත් තිබුණ රශ්මි අක්කා,අපේ නැන්දායි බට්ටිලොකු අක්කායි නැති උණත්,නැන්දා එක්ක රණ්ඩුවකුත් අල්ලලා ඇවිත් හිටපු චූටියි මද්දුයි..ඉස්කෝලේ ලොකු සර් වගේම තව සර්ලා දෙන්නෙකුයි,අයියාගේ ගමේ වගේම පීටෙ යාළුවෝ කීප දෙනෙකුයි,අහල පහල කීප දෙනෙකුයි එක්ක සෑහෙන්න පිරිසක් ඇවිත් තියෙද්දි කලින් කලබලේට නොදැකපු දන්න කියන අය දැක්කම මට පුදුමත් හිතුණා..

❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -Where stories live. Discover now