24th part

262 34 2
                                    

" සුදූ... "

" අයියේ... "

" ශෙනූ... "

" මොකද්ද වෙන්නෙ මෙතන... ඇයි ඔය දෙන්නා ඔහොම... "

" ශෙනූ... ඔයා හිතනවා වගේ කිසිම දෙයක් මෙතන උනේ නෑ... "

" එහෙනම් කොහොම දෙයක්ද උනේ දෙයියනේ... ඇයි මටම මෙහෙම වෙන්නේ... මං ආදරේ කරන අය මට නැති වෙන්න තරම් මං පවුකාර උනේ ඇයි දෙයියනේ... "

" මගෙ මැණික... "

නොහිතුව වෙලාවක නැගිටලා ආවෙ වෙන කවුරුත් නෙවෙයි ශෙනූ... නංගිව මං තුරුල් කරගෙන ඉන්නවා ශෙනූ දැක්කා... ඒත් එයා හිතුවෙ වැරදියට ශෙනූ ආව නිසාම මගෙන් ඈත් උන නංගි කුස්සියේ ප්ලේට් එකට හේත්තු වෙලා හැමදේම නැති උනා වගේ මූඩ් එක්කින් බලන් ඉද්දි පිස්සු හැදිලා වගේ කෑ ගහන ශෙනූව සන්සුන් කරන්න මට කරන්න පුලුවන් උනේ එකම දෙයයි...

මගෙ මැණික කියලා ශෙනූ ගාවට ගිය මම පුලුවන් තරම් තදින් ශෙනූව බදාගත්තේ ඒ කේන්තිය දුක එකට මිශ්‍ර උන ආවේගෙ නැති කරන්න... බෙහෙත් නිසා දුර්වල වෙලා හිටපු නිසා කොච්චර මාව එහාට තල්ලු කරන්න හැදුවත් ශෙනූට මාව තල්ලු කරන්න බැරි උනා...

" ඇයි ගඟන... ඇයි... දෙයියනේ... "

" ෂ්ෂ්ෂ්... මැණික ඔයා හිතනවා වගේ දෙයක් මෙතන උනේ නෑ රත්තරනෙ... එහෙන උනානම් මං ඔයාට මෙහෙම කතා කරයිද... වස්තුව හරි සිහියට එන්න අද උනේ දරාගන්න බැරි දේවල් ගොඩක් තමා... හරි සිහියට ඇවිත් බලන්න ශෙනූ... හැමදේම තේරෙයි ඔයාට... "

" අයියා... ගඟන අයියගෙ වැරැද්දක් නෑ... මං අඩපු නිසයි එයා මාව බදාගත්තෙ... එයාගෙ හිතේ මං ගැන එහෙම දෙයක් නෑ අයියා... එයා ආදරේ කරන්නෙ මට නෙවෙයි ඔයාට... සිහියට එන්න මගෙ අයියේ... ඇස් අරලා බලන්න... "

ශෙනූ හිටියෙ හොද සිහියකින් නෙවෙයි... අද වෙච්චි කෙරිච්චි දේවල් එක්ක අහන්න දකින්න ලැබුන දේවල් එක්ක මං උනත් හිටියෙ ශොක් වෙලා... ඒක ශෙනූට අපි කාටත් වඩා බලපෑවෙ ශෙනූගෙ අම්මත් නැති උනේ ඇක්සිඩන්ට් එක්කින් කාර් එක ගිනි අරන් නිසයි... ශෙනූ ඒ වෙලාවෙ අම්මා එක්කම ඉදලා...

අවුරුදු දෙකකට ආසන්න වෙන පොඩි එකෙක් නිසා ශෙනූගෙ මතකෙ ඒ සිද්දිය තදින් තැන්පත් වෙලා තියෙන්න ඇති... ඒ හේතුව නිසාම ශෙනූට අපිට වඩා මේ සිද්දිය ගොඩක් බලපෑවා වගේම දැන් උන දේ නිසා තවත් ශොක් වෙන්න ඇති...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now