iv

8 5 3
                                    


"කොහොමද අපි දැන් මේක ප්‍රැක්ටිස් කරන්නේ?" බොම්ග්යු ඇසුවා.
"කම්පනි එකේ.. අපේ ප්‍රැක්ටිස් රූම් එකේ" සූබින් පැහැදිලි වම පිළිතුරු දුන්නා.
"ඒකට කමක් නැද්ද? යොන්ජුන් හ්‍යුන්ග් ට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයිද ඒක?" කායි ඇසුවේ යොන්ජුන් දෙස බලමින්.
"ඇයි හ්‍යුන්ග් ට ප්‍රශ්නයක් වෙන්නේ කායි? ෆෑන්ස් ලා වුණත් ස්ටාෆ් එක වුණත් තාම බලන් ඉන්නේ චෝයි යොන්ජුන් ආයෙමත් එන්නේ කවදද කියලා" සූබින් පිළිතුරු දුන්නා.

"මේ නිසා තමයි ඔයා අපේ ලීඩර් වුණේ සූබ්" යොන්ජුන් ආදරය පුරවා ගත් දෑස් වලින් සූබින් දෙස බලා පැවසුවේ අතීතය වර්තමානය සියල්ල අමතක කරවමින්.
"හ්‍යුන්ග් වැඩේට අවධානය දෙන්න..." රතු රෝස මලක පෙති මෙන් රත්පැහැ වෙමින් සූබින් සෙමෙන් පැවසුවේ මේසය කොනේ සිටි බොම්ග්යු හා කායි එකිනෙකා ට ඉඟි කරද්දී යි.

සදහටම මෙ අයුරින් කල් ගත කරන්න ඇත්නම් යයි යොන්ජුන් තනිවම සිතුවා.

එක්වරම දඩාස් ශබ්දයෙන් ඉදිරිපස දොරටුව විවෘත වුණා. ශබ්දයෙන් ඇති වුණ තිගැස්ම ද සමග අනෙක් සිව් දෙනා එදෙස බලා සිටිද්දී ඒ හරහා ටේහ්‍යුන් ඇතුලට ආවා.

"ආ කවුරුත් කිව්වේ නෑනේ මෙයා මෙහෙ එනවා කියලා. දන්නව නම් එහෙමම මම ගෙදර යනවා" යයි පවසමින් පැමිණ ඔහු බොම්ග්යු ගේ නළල මත සියුම් හාදුවක් තබා උඩුමහල වෙත වේගයෙන් ඇදුනා.

එවන් වදන් වලට තමා සුදුසු නොවේදැයි යොන්ජුන් සිතුවා. තමා කල කී දේවල් හා සසදන විට මෙය ඉතාමත් සුළු දෙයක්. එදා තමන් ටත් අද ටේහ්‍යුන් ට වගේ ධෛර්යයක් තිබුණා නම්... අද හැමදෙයක්ම මීට වඩා හොඳ අතට හැරෙන්නට ඉඩ නොතිබුණා නොවේ ද? එහෙනම් තමා පණටත් වඩා ආදරය කල ඒ පුද්ගලයා ට මේ වගේ විඳවන්න සිදු නොවෙන්නට ඉඩ තිබුණා.

෴…………

"එහෙනම්... වීකෙන්ඩ් එකේදී මීට් වෙමු" පිටවීමට නැගී සිටි යොන්ජුන් ගේ දෑත් මත සිය දෑත් තබා කායි උණුසුම් ලෙස කීවේ බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන. හරියට යොන්ජුන් හ්‍යුන්ග් එදා වගේ ආයෙමත් එන්නේ නැති වෙයි කියලා බයෙන් වගේ.

"හ්‍යුන්ග්... ටේහ්‍යුන් එක්ක තරහා වෙන්න එපා... එයා අද ආවෙත් ඔයාව බලන්න ආසාවට. දන්නැද්ද පණ්ඩිතකම ට අර වගේ කතාවක් කිව්වට එයා තාම හ්‍යුන්ග් ට ආදරෙයි..." බොම්ග්යු කඳුළු පිරුණු දෑසින් යුතුව වචන එක් කළා. "පුළුවන් නම් යන්න කළින් කතා කරන්න"

යොන්ජුන් අත දිගු කර බොම්ග්යු ගේ දිග හිසකෙස් අවුස්සමින් හුරතල් කළා. "හොඳයි මම කතා කරන්නම් කො..." උඩුමහල වෙත පිය නගමින් යොන්ජුන් පැවසුවා.

කාමරයේ දොර තදින් වසා තිබුණ ද ඔහු තවමත් අවධියෙන් බව යොන්ජුන් දැන සිටියා. "ටේ..." දොර ට තට්ටු කිරීමටත් පෙර දොර හැරුණු අතර යොන්ජුන් පුදුමයෙන් බලා සිටිද්දී ටේහ්‍යුන් ඔහුව බදා ගත්තේ හුස්ම පොදක් වත් ගන්නට ඉඩ නොතබමින්. "හ්‍යුන්ග්... මියානේ... මට එහෙම නොකියා ඉන්න තිබුණේ"

"ෂ්..ෂ්.. ටේහ්‍යුන්... එකට කමක් නෑ... මමනේ ඔයාලව දාලා ගියේ... මගේ වැරැද්ද" යොන්ජුන් සිය දෑතින්ම සිය සොහොයුරාව සිරුරට තද කර ගනිමින් පැවසුවා.

"ඒත් ඒක හ්‍යුන්ග් ගේ වැරැද්දක් නෙවෙයි. ඔයා ඒක හිතලා නෙවෙයි කරේ.. කරන්න දෙයක් නැති නිසා එහෙම තීරණය ක් ගත්තේ..." යොන්ජුන් ගේ දෑස් වල තවත් වතාවක් කඳුළු පිරුණා. මුලු ලොවම තමන් ට එරෙහි වුවත් ඔවුන් තමන් වෙනුවෙන් ඉන්න බව ඔහුට පසක් වෙමින් තිබුණා. එහෙත් තමන් එදා ඔවුන් ට එරෙහි වුණා නොවේ ද?

"මියානේ..."

ඒ සමගම කාමරයට කඩා වැදුණ කායි හා බොම්ග්යු ද එක පොදියට යොන්ජුන් හ්‍යුන්ග් ගේ උණුසුමට තුරුල් වුණා. හ්‍යුන්ග් ට යන්න නොදී හැමදාටම මෙහෙම තමන් ලගින් ම තබා ගත හැකි නම් යැයි තිදෙනා ම රහසින් සිතුවා.

"මම එහෙනම් ගිහින් එන්නම්..." ඉදිරි දොර ළග තවමත් අත වනමින් සිටින කුඩාවුන් තිදෙනා ට පෙරලා අත වනමින් යොන්ජුන් සිය මෝටර් රියට ගොඩ වුණා. තවත් වතාවක් ඔහු දැක බලා ගන යන්නැයි සිත අයැදියද සූබින් පෙරමගට නොපැමිණි නිසාත් සෝහී ගෙන් නොනවත්වා ලැබෙමින් තිබූ ඇමතුම් නිසාත් යොන්ජුන් ඉක්මනින් රථය පණ ගැන්වූවා.



Hitori No Yoru (On a night alone...)

Hitori No Yoru (On a night alone...)Where stories live. Discover now