v : Soobin's heart

11 3 1
                                    

කලකට පසු නැවතත් සිය සගයන් සමග පරණ නවාතැන ට එකතු වීම කායි ගේ අදහසක්. අද සිකුරාදා නිසා කවුරුත් එම අදහසට එක පයින්ම කැමති වුණේ අලුත් ජැපනීස් සින්ගල් එකේ ඉදිරි වැඩ කටයුතු ද සැලසුම් කල හැකි නිසා.

කෙසේ වුවත් සිය ආදරණීය සොහොයුරා නොමැතිව වේදිකාවක් මත සිටීම පවා දරාගත නොහැකි වේදනාව ක් වූ බැවින් අනිත් අය ට රහසේ කායි යොන්ජුන් ට ද පණිවිඩයක් යැව්වේ අනෙක් අයද තවමත් හ්‍යුන්ග් නොමැති දුකෙන් පීඩා විඳින අයුරු වසරක් තිස්සේ දැක තිබෙන නිසා.

එහෙත් තමන් නිසා සූබින් ගේ හදාගත් හිත නැවතත් බිඳී ගිය අයුරු දුටුවේ නම් කායි කෙදිනක වත් එවැන්නක් නොකරනු ඇත. එහෙත් විරහ වේදනාව තමාට ය. එබැවින් අනෙක් තිදෙනා යොන්ජුන් හ්‍යුන්ග් ගෙන් ඈත් ව සිටිනු දැකීම ද සූබින් ට ඉවසුම් නොදෙයි. එනිසාම සූබින් අවසන් තීරණයක් ගත්තා. එනමුත් එය තමා ට ම පමණක් තබා ගැනීමට ද වග බලා ගත්තා.

හ්‍යුන්ග් දැන් දෙමාපියන් ගේ ආශිර්වාද මධ්‍යයේ විවාහ ගිවිස ගැනීමට සිටී. එය රටම දන්නා පුවතක්. හ්‍යුන්ග් වෙනුවෙන් තමන් ට කළහැකි එකම දෙයද එපමණයි. ඔව්... සූබින් මින්පසු යොන්ජුන් හ්‍යුන්ග් ව මගහරිනු ඇත. තවමත් හ්‍යුන්ග් ගේ හිතේ තමා කෙරෙහි වූ හැගීම් බිඳකින් වත් වෙනස් වී නොමැත. ඉතින් එයම මදිද තමන් ට ජීවත් වීමට...

එසේ වුවත් අනෙක් අතට ඒක හ්‍යුන්ග් ට හොඳ නැත. ඉතින් සූබින් ට කළහැකි එකම දෙය එම හැඟීම් මතු වීමට ඉඩ නොතබා සිටීමය. යොන්ජුන් හ්‍යුන්ග් වෙනුවෙන් සූබින් එය ඉතා සතුටින් ඉටු කරනු ඇත. එය කෙතරම් වේදනා ගෙන දුන්නද සූබින් එය සිදු කරන්න ට යන්නේය.



Hitori No Yoru (On a night alone)

෴…………………………

A/N

Song exactly taken from:

Album: "SWEET" (2023) by TXT

Intro : FLOATING (Instrumental)

Hydrangea Love (紫陽花のような恋)

Sugar Rush Ride (Japanese Version)

0X1=LOVESONG (I Know I Love You) (Japanese Version)

Ito

Ring (君じゃない誰かの愛し方)

Magic

Good Boy Gone Bad (Japanese Version)

Hitori No Yoru (ひとりの夜)

MOA Diary (Dubaddu Wari Wari) (Japanese Version)

Ring (君じゃない誰かの愛し方) (Unplugged Version)

Outro : FALLING

Hitori No Yoru (On a night alone...)Where stories live. Discover now