නපුරුකමේ සත්වැන්න

2K 368 141
                                    

න පු රු ඇ ස්

..

..

..

හිතු මතේ ඉගිල යන කෙහෙ රැල්ල
රත් පැහැ ගැන් වුන සුදූ මූණ
මත් වුන බඹරෙක් වාගේ ඔය මූණ
බලා හිදිද්දි දැනෙනවා මට ලෝභ..

..

..

..

ඉන්න දෙන්න යීබෝ.....

දැන් නම් මේක කරන්න බෑ.. යීබෝ බීලා තියෙන්නේ මොනවද කියලා ශාන්ට හිතා ගන්න බැරිව මේ ඉන්නේ.. බීපු මිනිස්සුත් දැකලා තියෙනවා ඒත් මේ වගේ මිනිහෙක් නම් තුන් ලෝකෙන්ම දැකලා නෑ.. මෙච්චර පිස්සු කෙලින්න තරම් මේ යකා මොනවද බීලා තියෙන්නේ..

ඔක්කෝමත් හරි කියෝනවා කියෝනවා ඉවරයක් නෑ.. කටට මැශිමක් හයි කරලා වගේ.. ඒ මදිවට ශාන්ට සද්ද නැතුව ඉන්න දෙන්නෙත් නෑ.. ශාන්ගෙ කට ගලවන්නමයි ලෑස්තිය..

හිතාගන්න පුලුවන්ද ඇස් වලින් මිනිස්සු පුච්චලා කන්න හදන මනුස්සයා මෙච්චර ෆනී කියලා බිව්වාම...

වෙන වෙලාවක නන් ශාන්ට පුළුවන් මේවට හිනා වෙන්න.. ඒත් මේ වෙලාවෙ ශාන් ඉන්නෙ හැම පැත්තෙන්ම හිර වෙලා.. ඔලුවෙ තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්.. හදවතේ තියෙන්නෙ කියා ගන්න බැරි තරම් ලොකු දුකක්.. ඒ අස්සේ යීබෝ පිස්සු නටනවා..

මේ අහන්න යීබෝ.. මන් ඔයාගෙ ගේ දන්නෙ නෑ ..

ආ මන් දන්නවා.. මන් දන්නවා... ඕම.. යන්... ඕම්ම යන්.. හම්බෙයි...

අනේ දෙයියනේ මේ මිනිහගෙ ඔලුව පලන්න ඇත්නම් මට.. ශාන්ට දැන් මේක අහලම එපා වෙලා.. ශාන් යීබෝගේ ගේ කොහෙද කියලා දන්නෙත් නෑ.. යීබෝගෙන් අහගන්න යන හැම වෙලාවෙම ආ මන් දන්නවා මන් දන්නවා කියලා ඊටපස්සෙ සිංදු කියනවා පාර කියන්නෙත් නෑ...

යීබෝ ඕම යන් ඕම යන් කිව්ව හැම සැරේම ඕම ගිහිල්ලා දෙන්නත් එක්ක දැන් සෑහෙන්න දුරකුත් ඇවිල්ලා ඉන්නෙ මේ..

ප්ලීස් යීබෝ.. වෙලාව පාන්දර දෙකයි.. ඔයා ගෙදරට යන පාර මට කිව්වෙ නැත්තම් මන් ඔයාව පාරේ දාලා යනවා..

අනේ ඒම කරන්නෙපා ඒයී.. මන් අහිංසකයි බබෙක් වගේ තොත්ත...

ආච්චිගෙ රෙද්ද...

|| න පු රු • ඇ ස් || ✔️✔️ - ARRANGE MARRIAGE  - YIZHANWhere stories live. Discover now