17 th episode

8 3 0
                                    

" අභි ඇයි දැන් මේ ආයෙම ගෙවිල ගියපු දේවල් මතක් කරන්නෙ? "

" මට ඕන නිසා. මට ඕන නිසා මන් කතා කරන්නෙ. ඔයා හැමදාම නපුරුයි. තමුසෙ දැන ගන්නවා ආදි. මට ඕන දේ ඕනමයි. මෙච්චර දවස් මන් තමුසෙ කියන ඒවා අහන් හිටියා. "

........................................................................................................................................................

ආදි අභි කියන හැමදේම අහන් හිටියත් අභිගෙ මේ කතාවෙන් පස්සෙ නම් ආදිගෙ මූණෙ තිබුනෙ කට කොනක හිනාවක්. ඒ තරම් ආදි අභිව විස්වාස කරන් නැද්ද?

" මොකද තමුසෙ හිනා වෙන්නෙ ආදි? ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බැරි ද? කෙල්ලෙක්ට ආදරේ කරලා මට කොල්ලෙක්ට ආදරේ කරන්න බැරිද? එතකොට මන් කවුද?. හරි මන් දන්නවා මන් මුලින් ඒ දේවල් පිළිකුල් කරා කියන්න. ඊට පස්සෙ මන් ඔයාට ළං වෙන්න ගොඩක් ට්‍රයි කරා. "

අභි කියන හැමදෙයක්ම ආදි අහගෙන හිටියා. ඒත් කරන්නෙ බොරු කියලා දැන දැන ආදිට ඒ ආදරේ පිළිගන්න ඕන කමක් තිබුනෙ නෑ. අනික ලංකාව ඇතුලෙ මේ දේවල් පවක් අසම්මතයක් වෙද්දි මුලින් හිතට වහල් උනත් දැන් ආදිට ඒක කරන්න බෑ හිතුනා.

" ඔයාට ට්‍රයි කරන්න හිතුනෙ ඔවිත් මට ළං වෙන්න ගත්තට පස්සෙද අභි? ඔයාට ඕන තරම් වෙලාව තිබුනා. ඔයා මාව ගනන් ගත්තෙවත් නෑ. ඊටත් පස්සෙ ඔයාට ඕන කමක් තිබුනෙත් නෑ. ඔවිත් අපේ ජීවිත වලට ආපු ගමන් ඔයාට මාව ඕන උනා. ඔයා කියන්නෙ මට ඒක පිළිගන්න කියලද? "

අභි ඇස් ලොකු කරන් ආදි දිහා බලන් හිටියා.

" මන් ඔවිත් ඔයාට ළං උන නිසා නෙවෙයි ළං උනේ. ඔයා දුරස් උනාම තමයි මන් තේරුම් ගත්තෙ. ඊටත් පස්සෙ මට ටික කාලයක් ඕන උනා මම ගේ කියන දේ පිළිගන්න "

" බොරු කියන්න එපා යසස් ආයෙම. තමුසෙ හිතන් ඉන්නෙ මන් මොකෙක් කියලද? ඔවිත් මට බඩ ඉරිගු ගෙනත් දෙනවා දැකලා හැමදාම මට කුරියර් කරලා බඩ ඉරිගු එව්වෙ ඔයා කියලා මන් දන් නෑ කියලා හිතුව ද? ඔවිත් එක්ක මන් ගියපු හැමතැනකම ඔයා පස්සෙන් ආවා කියලා මන් දැක්කෙ නෑ කියලා හිතුවද තමුන් යසස්? තවත් කාට ද තමුසෙ බොරු කරන්නෙ ?"

අභිගෙ මූණ තරහටම මන් දා හොදටම රතු වෙලා.

" තමුසෙ ආස නිසා නෙ ඔවිත් දීපු බඩ ඉරිගු ටික බදාගෙන තනියම කෑවෙ එදා. ආස නම් හැමදාම කාපන් කියලා තමයි තමුසෙට එව්වෙ. අනික ගැන ගත්තොත් මට ඉරිසියා නිසා තමයි මන් තමුසෙ පස්සෙන් ආවෙ. තමුසෙ දැන දැන මොන රෙද්දට ද හැම මගුලටම ඔවිත් ට කතා කරන්නෙ? "

HeArT  bEaTWhere stories live. Discover now