19 th episode

7 4 0
                                    

" කමක් නෑ. මාත් යන්න ඕන. ඔක්කොම කන්න ඕන හොදද? "

අභි ආදි එක්කම එලියට ඇවිත් ෆෝන් එකෙන් කලින් කෝල් කරපු සාජන්ට මැසේජ් එකක් දැම්මා.

" My job is done. Now your turn "

........................................................................................................................................................

ඉතිම් අභි එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් බාගනිද්දි ආදි මොනවා කරගනී ද?

ඊට ටික වෙලාවකට පස්සෙ අභිගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

" succeed "

එච්චරයි. අභිගෙ මූණෙ සැනසීමෙ හිනාවක් ඇදුනා. ඒ සැනසීම කොච්චර කාලයකට නොදන්නවා උනත් අභි ඒ මොහොතෙ ඒක වින්දා.

" ok. Give me the file within an hour at same place. "

" 👍 "

සමහර දේවල් මිනිස්සු කරන්නෙ ආදරේ වැඩි කමට. අපි ආදරේ කරන මනුස්සයව සීමා රහිතව පරිස්සම් කරගන්න ඕන කමට. ඒත් ඒ අපි කරන දේවල් බොහෝ වෙලාවට තේරුම් ගන්නෙ වැරදියට වෙන්න පුලුවන්. අභිට ඕනෙ ආදිවත් නොදන්න දේවල් වලින් ආදිව පරිස්සම් කරන්න. එතකොට ආදිට ඕන ඒ හැමදෙම කොහොමහරි දැන ගන්න. ඒ දේවල් විසදන්න.

අභි ඒ සාජන්ව මීට් උනේ AVM එකේ. එතන උඩ නිදහස්. රූම් වගේ වෙන් කරලා ටේබල් දාලා තියෙන්නෙ. ඉතිම් එහෙම එකකට ගිහින් ජූස් එකක් හෝ කෑමක් ඕඩර් කරාම නිදහසේ කතා බහ කරන්න පුලුවන්.

" ෆිනී. මෙන්න "

සාජන් එද්දිත් අභි හිටියෙ හොට් මයිලෝ එකක් බොන ගමන්.

" තෑන්ක්ස් සාජන්. ඔයා මට කලේ ලොකු උදව්වක්. ඒ වෙනුවට ඔයාගෙ එකවුන්ට් එකට මන් ගානක් දාලා ඇති. "

" ඕකෙ ෆිනි. ඔයාට ක්‍රිෂාලිගෙ වගේම මේ අනාත කෙල්ලවත් ගොඩක් වටිනවා වගෙ. "

" ඒක ඔයාට අදාල දෙයක් නෙවෙයි සාජන්."

" ඕකෙ ඕකෙ. මන් යනවා. "

අභි එතනම බලන් ඉදිද්දි සාජන් එතනින් ගියා. ඒත් තාම අභි කල්පනා කරනවා. ආදිට ඕනකම තිබුනෙ ක්‍රිෂාලි ගැන හොයාගන්න. ඒත් දැන් කරන්නෙ විසදි ගැන ෆ්ලෝ කරන එක. තමන්ට කොතනක හරි වැරදුනාවත් ද කියලා අභිගෙ හිත කියනවා. සමහරවිට අභි කලබල උනා වැඩි ද?. කාටවත් කරදරයක් නැතුව මේක විසදුන එක අභිට සතුටක් දුන්නට. මොකද්දෝ හේතුවකට අභිගෙ හිතට අමුත්තක් දැනෙනවා.

HeArT  bEaTWhere stories live. Discover now